spot_img
spot_imgspot_img

රතු පැහැති ශ්‍රී ලංකාව කොළ පැහැයට හැරවීමට නම්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව කො‍රෝනා වයිරස ව්‍යාප්තිය අනුව රතු කලාපයක් බවට පත්ව ඇති බැවින් සාමාන්‍ය මට්ටමට හෙවත් කොළ කලාපයක් බවට පත්කිරීමටනම් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50ට වඩා අඩුවිය යුතුයැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ වසංගතයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් දෛනිකව ආසාදිතයන් 3,000 ඉක්මවා ඇති බැවින් රටම රතු කලාපයක් බවට පත්ව ඇති බවයි. එය කොළ කලාපයක් බවට පත්කරගැනීම අත්‍යාවශ්‍ය බවත් එසේ කොළ කලාපයක් වීමට නම් දිනකට හඳුනාගන්නා ආසාදිතයන් සංඛ්‍යාව 50කට අඩු කරගත යුතු බව ද ඔහු පවසයි.

මේ සඳහා තව සති කිහිපයක් ගතවීමට ඉඩ ඇති බව ද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!