spot_img
spot_imgspot_img

කපාහැරිය හැකි සියලු වියදම් කපා හැරීමේ තීරණයක්. රජයේ නිලධාරීන්ගේ දීමනාත් ගැනත් අවධානය

පුවත්

විදෙස්

රජයේ නිලධාරීන්ගේ ඉන්ධන වියදම්, පැමිණීමේ දීමනා, ආරම්භ නොකළ ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් ඇතුළලු කපා හැරිය හැකි සියලු වියදම් සම්බන්ධ වාර්තාවක් ‍ඉදිරි සතියේ දී ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

එලෙස වියදම් කපා හැරීමෙන් ඉතිරි කළ හැකි  මුදල් ප්‍රමාණය පිළිබඳව ද මහා භාණ්ඩාගාරයට නොපමාව දැනුම් දිය යුතුව ඇත.

රජයේ ආදායම් අපේක්ෂිත මට්ටමට නොලැබීම හේතුවෙන් වියදම් පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. මේ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ද දැනුම් දී තිබිණි.

එහි දක්වා ඇත්තේ අමාත්‍යාංශවල සහ ආයතනවල ඉන්ධන දීමනා සහ පැමිණීම පදනම් කරගත් දීමනා ආදිය ද සේවයට වාර්තාකරන දිනවලට පමණක් ගෙවීම් කරන ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.

මේ වසරේ ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම රුපියල් කෝටි 269,400කි. කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට සිදුවීම, එන්නත්කරණය සඳහා මුදල් යෙදවීම, බලපෑමට ලක්වූ පවුල් සඳහා සහන ලබාදීම වැනි කරුණු හේතුවෙන් එම වියදම තවත් ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!