spot_img
spot_imgspot_img

තවත් භයානක කොරෝනා ප්‍රභේදයක් ගැන හෙළිදරව්වක්

පුවත්

විදෙස්

මියූ (mu) නමින් හඳුන්වන කොරෝනා වයිරසයේ තවත් භයානක ප්‍රභේදයක් සම්බන්දව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මෙය ඉංග්‍රීසි භාෂාවෙන් mu ලෙස ලීව ද ග්‍රීක වචනයක් ‍වන එය ශබ්ද කරනු ලබන්නේ “මියූ” ලෙසිනි.

මෙය ජනවාරි මාසයේ කොළොම්බියාවේදී මුල් වරට සොයාගත් අතර ඩෙල්ටා ප්‍රභේදය මෙන් වේගවත් ව්‍යාප්තියක් සහිත එකක් බව සඳහන් වෙයි.

‍ප්‍රභේදයේ විද්‍යාත්මක නාමය B.1.621 වන අතර මේවනවිට මෙම ප්‍රභේදය සහිත රෝගීන් 4,600කට වැඩි ප්‍රමාණයක් තහවුරු කරගෙන තිබේ. මෙය මේ වනවිට රටවල් 40ක පමණ ව්‍යාප්ත වී ඇත.

ඇමරිකාවේ පමණක් මියූ (mu) ප්‍රභේදය සහිත රෝගීන් 2,000කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසන්නේ මෙම ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ “බීටා” ප්‍රභේදය මෙන් එන්නත් වලට වැඩි ප්‍රතිරෝධයක් දැක්විය හැකි බවයි.

‍ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා ලෙස ලෝක සෙෘඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇති ප්‍රධාන කොවිඩ් ප්‍රභේද හතරට අමතරව පස්වන ප්‍රභේදය ලෙස මියූ (mu) කෙරෙහි ද වැඩි අවධානයක් යොමුව ඇත. මීට අමතරව කොවිඩ් -19හි ප්‍රභේද 300ක් පමණ මේවනවිට ‍හඳුනාගෙන තිබේ.

SARS-CoV-2 නමින් හැඳින්වෙන කොරෝනා වයිරසය ගුණනය වනවිට ඇතිවන ජානමය දෝෂ හේතුවෙන් සෑම විටම විකෘති නිර්මාණය වන නමුත් බොහෝ විකෘති හානිකර නොවේ.

මෙවැනි විකෘති ප්‍රභේදයන්ට එරෙහිව සටන් කිරීම සඳහා තුන්වන මාත්‍රාව ලෙස බූස්ටර් එන්නතක්, සැප්තැම්බර් 20 වනදා සිට ලබාදීමට ඇමරිකාව සැළසුම්කර තිබේ. කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බූස්ටර් එන්නත් ලබාදීමට වඩා අඩු ආදායම් ලාභී රටවලට එන්නත් ලබාදීම ප්‍රයෝජනවත් බවයි.

බොහෝ රටවල් එන්නත් කිරීමේි අනුපාතය තවමත් අඩු මට්ටමක පවතින හෙයින් එවැනි රටවල සෑදෙන ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ සහ ලොව පුරා මහත් විනාශයක් සිදුකරමින් පැතිරී ගිය ආකාරය උදාහරණයක් ලෙස ගතහැකි බවද ඔවුහු දක්වති.

https://www.dailymail.co.uk/health/article-9947327/WHO-warns-potentially-vaccine-resistant-Mu-variant-originated-Colombia.html?ito=social-twitter_mailonline

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!