spot_img
spot_imgspot_img

එන්නත් වෙනුවට බැට්න් පහර ? (වීඩියෝ)

පුවත්

විදෙස්

වැලිගම එන්නත්කරණ වැඩසටහනක් අතර ඊයේ (01) ඇතිවූ කලබලයක් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇතැයි ද අමානුෂික ලෙස පහර දී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම එන්නත්කරණ වැඩසටහන වැලිගම අර්ෆා විදයාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ එන්නත් ගැනීමේ අපේක්ෂාවෙන් අති විශාල පිරිසක් පැමිණ සිටිය ද ඔවුන්ට සියලු දෙනාට එන්නත් ලබාදිය නොහැකි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දැනුම් දී තිබිණි.

ඒ සමඟ විශාල කලකෝලාහලයක් ඇති වූ අතර සෞඛ්‍ය නිලධාරීන්ට බැණ වැදීමද සිදුවූ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂාකරගැනීම සඳහා එතැන සිටි පිරිස් ඉවත්කිරීමට සිදුවූ බවත් එම අවස්ථාවේ දී කිසිදු අමානුෂික පහරදීමක් සිදු නොවූ බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරියකු තමන් අතැති බැට්න් පොල්ලකින් පුද්ගලයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

පොලිසිය පවසන්නේ මේ අවස්ථාවේ දී පැමිණ සිටි පිරිස් ඉවත් නොකළේ නම් වෛද්‍යවරුන්ට හා හෙදියන්ට ඔවුන් පහර දීමට පවා ඉඩ තිබූ බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම මීට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිසකට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ඊයේ (01) වැලිගම අර්ෆා විද්‍යාලයේ දී සිදුකළ බවයි. නමුත් පළමු මාත්‍රාව ලබානොගත් විශාල පිරිසක් පැමිණ එන්නත් ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ට එදින ලබාදිය නොහැකියැයි පැවසීමෙන් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු බවත් පොලිසියට ඒ බව දැනුම් දුන් බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!