spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පුද්ගලික රෝහල් සහ රසායනාගාර සතුව නැත. ‍රජයේ රෝහල් කිහිපයකින් පමණක් එම පරීක්ෂණ සිදුකරගැනීමට හැකියාව තිබේ.

රෝග ලක්ෂණ ඇත්නම් පමණක් රෝහලකින් පීසීආර් පරීක්ෂණයක් සිදුකරගැනීමට හැකියාව ඇති අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ පවා දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යව 100කට අඩු අගයක් ගනී.

කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ කිසිවෙකුට ඇන්ටිජන් පරීක්ෂණ කරගැනීමට අවස්ථාවක් නොමැති අතර එහි ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන්නේ රෝහලට ඇතුල්වීමට පැමිණෙන අයට පමණි.

මේ හේතුනේ දැනට ගාල්ලේ පදිංචි යම් පුද්ගලයකු ආසාදිත බව හඳුනාගතහොත් ඔවුන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුට කොරෝනා තිබේ ද යන්න හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණ සිදුකරන්නේ නැත.

එයින් සිදුවන්නේ තමන් ආසාදිතදැයි නොදැන බොහෝ දෙනකුට නිවෙස්වලම ගතකිරීමට සිදුවීමයි. රෝහලක දී යම් අයකු ආසාදිත බවට තහවුරු වුවහොත් සෞඛ්‍ය අංශවලින් ඔහුගේ හෝ ඇයගේ නිවසේ සාමාජික සාමාජිකාවන්ට ලැබෙන උපදෙස වී ඇත්තේ නිරෝධායන කාලය සම්පූර්ණ කරන ලෙස පමණි. ඔවුන්ගේ නිරෝධායනය අවසන් වූ පසු හැකිවුවහොත් ඇන්ටිජන් පරීක්ෂණ පවත්වන බව ද පවසා තිබේ.

තම ජිවිතය ආරක්ෂා කරගනිමින් නිවෙස්වලට වී සිටිනවා හැර ගාල්ලේ ජනතවට වෙනත් විකල්පයක් දැන් ඉතිරිව නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!