spot_img
spot_imgspot_img

ලොකු ලූනු වගාව දිලීර රෝගයකින් විනාශ වෙලා. ගොවීන් අමාරුවේ

පුවත්

විදෙස්

නිසි වේලාවට අවශ්‍ය තෙල් හා පොහොර නොලැබීම හේතුවෙන් පොළොන්නරුවේ ලොකු ලූනු වගාව විනාශ වි ඇතැයි ඇලහැර ප්‍රදේශයේ ගෝවීහු මැසිවිලි නගති.

ජයසිරිපුර, ග‍‍ඟේයාය ප්‍රදේශවල යල කන්නයේ ගොඩ වගාවක් ලෙස වවන ලද ලොකු ලූනු පැල මේ වනවිට ඉහළ සිට සුදු පැහැයට හැරී අලය දක්වාම පැලය මැරී යන බව ඔවුහු පවසති. මෙය සිදුවන්නේ දිලීර රෝගයක් හේතුවෙනි.

ගොවීන් පවසන්නේ තම වගාවට අවශ්‍ය පොහොර, කෘමි නාශක හා දිලීර නාශක නිසි වේලාවට නොලැබීම හේතුවෙන් මෙලෙස වගා විනාශ වන බවයි. කාබනික පොහොර ප්‍රචලිත කිරීම සඳහා යැයි පවසමින් රසායනික පොහොර, කෘමි නාශක හා දිලීර නාශක ගෙන්වීම නවතා දැමූ බැවින් ඔවුහු මීට පෙර අත්‍යාවශ්‍ය රසායනික ඉල්ලා ඔවුහු උද්ඝෝෂණ පවා සිදුකළහ.

ඔවුන් පවසන්නේ අත්‍යාවශ්‍ය රසානික ද්‍රව්‍ය දැන් අධික මිලට විකිණෙන බවයි. නමුත් එම ද්‍රව්‍ය ගැනීම තමන්ට මුදල් නොමැති බව ද ගොවීහු කියති.

“‍උදේ ඉදන් රෑ වෙනකම්ව කඩේ තියෙන හැම තෙල් වර්ගයක් ම ගැහුවත් ගොඩගන්න බෑ. රෑට නින්ද යන්නේ නෑ. දවසින් දවස මේ ලූනු වගාව මැරි මැරී යනවා. රත්තරං බඩු උගස් කරලා රටට ණය වෙලා කරපු වගාව දැන් විනාශයි. අපිට වහ බොන්න තමයි වෙන්නේ.”

ඔවුන් පවසන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවා දැනුම්වත් කළ ද කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.

ගොවීන් ඉල්ලා සිටින්නේ ලොකු ලූනු වගාව දිනෙන් දින වැනසී යන බැවින් මේ සඳහා වහාම පිළියමක් ලබා දෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!