spot_img
spot_imgspot_img

කරාපිටියේ හොර බෙහෙත් දොස්තර, කොරෝනා වාට්ටුව එපා කියා පළා ගිහින්

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ දී කොරෝනා ආසාදිතයකු රෝද පුටුවක් මත පැය භාගයක කාලයක් හුස්ම අදිමින් සිට කිසිවෙකුගේ අවධානයක් නැතිව මියගිය බවට බොරු ප්‍රචාරයක් කරමින් තම ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කොරෝනා වාට්ටුවෙන් පළා ගිය අයකු බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පවසති.

ගාල්ලේ හෝටලයක මාධ්‍ය හමුවක් පවත්වමින් කොරෝනා ආසාදිතයන් කරාපිටිය රෝහලේ දී මැරි මැරී වැටෙන බවත් තමන් කතා කරන්නේ දත්ත ඇතිව බවත් පවසමින් එම වෛද්‍යවරයා පැවසූ කරුණු සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.

එම වෛද්‍යවරයා අසත්‍ය කරුණු පදනම් කරගනිමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධයක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් ඔහු කරාපිටිය රොහලේ කොරෝන‍ා වාට්ටුවකට අනුයුක්ත කර තිබිණි.

එලෙස කොරෝනා වාට්ටුවට අනුයුක්ත කරමින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනට යවන ලද ලිපිය ද මේ වනවි එම වෛද්‍යවරයා විසින් ම මාධ්‍යයට ලබා දෙමින් එය ද තම ව්‍යාජ ඖෂධ්‍ය ප්‍රචාරය කරගැනීම සඳහා උපයෝගී කරගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත.

ඔහු පවසන්නේ තමන් කොරෝනා ආසාදිතයන් පිළිබඳ පැවසූ කරුණු හේතුනේ රෝහල් පරිපාලනය විසින් තමන්ට එම රෝහලේ කොරෝනා ආසාදිතයන් සිටින වාට්ටුවක සේවය කිරීමට ලිඛිතව දැනුම් දී ඇති බවයි. මෙය ඔහු විසින් සෑදූ බව කියමින් රටම මුලාවේ යොදමින් විකුණන ඖෂධය අළෙවි කිරීම සඳහා ද ඔහු භාවිතා කළ ද සත්‍ය කතාව එය නොවේ.

මෙම ලිපිය පිළිබඳ අප කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු මෙසේ කීවේය.

“ඔහු හදපු බෙහෙතක් නෑ.  මොනවදෝ කුඩු වගයක් කලවම් කරලා කරලක් හදලා විකුණනවා. ඒක බොරුවක්. එයාගේම හිතවත් අයට මේ බෙහෙත දීලා කොරෝනා හැදිලම මැරුණා. මේ නිෂ්පාදනය ගැන මුලින්ම මෙයා ප්‍රචාරය කරපු අවස්ථාව වනවිට එයා සේවය කළේ අපේ රෝහලේ ‍මනෝ විද්‍යා ඒකකයට අනුයුක්තව සාමාන්‍ය MBBS වෛද්‍යවරයෙක් විදියට. මේ නිෂ්පාදනය බොරුවක් බව rata.lk වෙබ් අඩවියෙන් ප්‍රචාරය කළාට පස්සේ මෙයා දින ගණනක් වැඩට ආවේ නෑ. ඊට පස්සේ ඇවිත් කිව්වා එයා ළමා දැඩි සත්කාර ඒකකයේ වැඩ කරන්න අවස්ථාව දෙන්න කියලා. අපි ඒ අවස්ථාව දුන්නා. එහි වැඩකරමින් ඉන්න අතරතුර එම ඒකකයේ ‍වෛද්‍යවරුන්ට කොරෝනා වාට්ටුවේ රාජකාරී භාරදුන්නා. ඒ අනුව වෛද්‍ය උදාරටත් කොරෝනා වාට්ටුවට යන්න සිදුවුණා. එයා කොරෝනා වාට්ටුවට ගිහින් හිටියේ පැය 04යි. ඊට පස්සේ ආගිය අතක් නැති වුණා. කාර්යාලයට ඇවිත් නැවත මානසික වෛද්‍ය ඒකකයට හදාගත්තා. කොරෝනා වාට්ටුවට දාපු වෙලාවේ පැය 04ක් යනකොට වැඩ කරන්න බෑ කියලා පළා ගිහින් දැන් කියනවා එයාගේ නිෂ්පාදනයෙන් කොරෝනා හොඳ වෙනවා කියලා. මේවා ඔක්කොම බොරු. මේ වෙලාවේ මාධ්‍ය සාකච්ඡාවක් කරලා එයා කොරෝනා ආසාදිතයන් ගැන බොහොම වේදනාවෙන් කතා කරපු නිසා අපි එයාව මාසයක් වැඩකරන්න කොරෝනා වාට්ටුවට දාලා තියෙනවා. අපි බලමු දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. තමන්ගේ හොර බෙහෙත් විකුණ ගන්න රටට කියන දේ නෙවෙයි ඇත්ත තත්වය. අහින්සක මිනිස්සු අමාරුවේ දමන එක විතරයි එයා කරන්නේ.”

අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ ඔහුට කොරෝනා වාට්ටුවට මාරුවීමක් දුන්නේ ඔහුගේ ඇති දක්ෂතාවක් හෝ ඔහුගේ ව්‍යාජ නිෂ්පාදනය නිසා නොව කොරෝනා වාට්ටුවේ සේවය කිරිම දිගින් දිගටම මඟහරිමින් සිටින නිසා බවයි.

කොරෝන සඳහා ඖෂධයක් සෑදූ බව කිියමින් අසත්‍ය ප්‍රචාරයක් සිදුකරන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍ය විද්‍යා ආචාරධර්ම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන්ට ලබා දී ඇති උපදෙස් නොතකා විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

(කොරෝනා වාට්ටුවේ සේවය කිරිමට යොදවා තිබිය දී එය තමන්ට කළ නොහැකි බව පවසමින් වෛද්‍ය උදාර සම්පත් පළා යාමෙන් පසු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද උපදෙස් අනුව ඔහු යළිි කොරෝනා වාට්ටුවටම අනුයුක්ත කරන ලද ලිපිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!