3.7 C
New York

“රනිල් ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා” – ඇමති මනූෂ කියයි

Published:

ස්ථිර වශයෙන් ම ජනාධිපතිවරණය පළමුව පවත්වන බවත් එම මැතිවරණයට රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා තරඟකරන බවට වූ නිල ප්‍රකාශය ඉදිරි සති කිහිපයේ දී සිදුකරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කරගනිමින් නොව සියලු දෙනාට එක්විය හැකි ජාතික අපේක්ෂකයකු ලෙස බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් සියලු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වළක්වන්නට හැකියාවක් නැතැයි ද කීවේය.

Related articles

Recent articles

spot_img