spot_img
spot_imgspot_img

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ඇතිවීමෙන් ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

පුවත්

විදෙස්

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් ම වාර්තාවන ලොව එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තික විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඉන් එක් ප්‍රභේදයක් මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් බැවින් එය මෙරටට ආවේණික ලෙස නම්කිරීමට සිදුවනබව ද හෙතෙම කියා සිටියේය.

මෙවර ජෛව අනුක්‍රමික විශ්ලේෂණය සඳහා කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පල 88ක් භාවිතා කර ඇති අතර ඉන් 84ක් ම ඩෙල්ටා ආසාදිතයන් බව තහවුරු වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 95.45%කි.

“ශ්‍රී ලංකාවෙන් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගත හැකිවුණා. ඒ විකෘති තුනම කොළඹ නගරයේ ප්‍රමුඛ ලෙස පැතිරෙමින් තිබෙනවා. එවැනි තත්වයක් ලොව වාර්තාවී ඇති පළමු අවස්ථාව මෙයයි. A701S යනුවෙන් නම් කළ විකෘති ප්‍රභේදය මෙතෙක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි. A 222V යන විකෘති ප්‍රභේදය ලෝකයේ විවිධ රටවලින් හමුවෙනවා. එහි බෝවීමේ හැකියාව අනික් සියල්ලටම වඩා වැඩියි. A 1078S නමැති විකෘති ප්‍රභේදය මෙතෙක් හමු වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි.”

ඩෙල්ටා විකෘති ප්‍රභේද තවදුරටත් වර්ධනය විය හැකි බව පවසන ආචාර්ය ජීවන්දර කියා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු දිගටම සිදුකරන බවයි. මෙම තොරතුරු ඇතුළත් වාර්තාවක් අද (20) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාර දී තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!