spot_img
spot_imgspot_img

ලොක්ඩවුන් කාලයේ දී ඉහළ නගින කොළඹ කොටස් වෙළෙඳ පොළ

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 5,605ක් ලෙස වාර්තා වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 20කින් පහළ බැසීමට ලක්වෙමින් ඒකක 8,240ක් ලෙස වාර්තා විය.

දිනයේ වඩාත් වැඩි පිරිවැටුමක් වාර්තා කළ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,627යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාම රුපියල් මිලියන 537යි, හේමාස් සමාගම රුපියල් මිලියන 442යි ලෙස කැපී පෙණිනි.

එක්ස්පෝ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් කරමින් රුපියල් 2.50ට පැවති කොටසක් වසරක කාලසීමාවක් තුළ රුපියල් 100.00 ඉක්මවීමට සමත්විය. ඒ අනුව අද දිනය වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම් අතර බිලියන 196ක වත්කමක් වාර්තාකරමින් එක්ස්පෝ ලංකා සමාගම දෙවන ස්ථානයට පත්ව සිටියි.

පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ බිලියන 218ක වත්කම් හිමි එල්ඕඑල්සී සමූහයයි. කොළඹ කොටස් වෙළෙඳ පෙ‍ාළෙහි අද දිනයේ වැඩිපුර සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම, එක්ස්පෝ ලංකා සමාගම සහ සියරා කේබල්ස් සමාගම ප්‍රධාන විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 396ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 771ක කොටස් විකුණා දමා තිබේ. ඒ අනුව විදේශිකයන් විසින් රුපියල් මිලියන 375ක මුදලක් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර කාගීල්ස් සිලෝන් සමාගම රුපියල් මිලියන 68යි, ෆීඒකර් ෆාම් සමාගම රුපියල් මිලියන 17යි, සිටිසන් ඩිවලොප්මන්ට් බැංකුව රුපියල් මිලියන 08යි ලෙස ද විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර ‍හේමාස් සමූහය රුපියල් මිලියන 429යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 22යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 19ක් ලෙස මූලික විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ පිට පිට දින තුනක කාලසීමාවක දී දෛනික පිරිවැටුම රුපියල් බිලියන 05 ඉක්මවීම විශේෂිත දෙයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ නව ආයෝජකයන් නිරෝධායන ඇඳිරිනීති පැනවීම හේතුවෙන් අද දිනයේ තම කොටස් ඉක්මණින් විකිණීමට උත්සුක වූ අතර ඒ හේතුවෙන් ඇතැම් සමාගම්වල කොටස් පළපුරුදු ආයෝජකයන් විසින් අඩු මුදලට මිල දී ගැනීමට නැඹුරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ශ්‍රී ලංකාව තුළ සංචරණ සීමා සහ ඇඳිරිනීති යොදා තිබූ සෑම අවස්ථාවක ම බැංකු පද්ධතිය සමඟ ජාලගත වී ඉතා හොඳින් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර දිගින් දිගටම කොටස් මිල වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව පළමු ලොක්ඩවුන් කාලයේ ක්‍රියාත්මක වූ 2020-03-16 දින සිට 2020-05-11 දින දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 4,250 සිට ඒකක 6,000ක් දක්වා වර්ධනය විය.

දෙවැනි ලොක්ඩවුන් කාලසීමාව වූ 2020-10-30 සිට සති 02ක කාලයේ දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,700 සිට ඒකක 7,750 දක්වා සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇත.

තුන්වන ලොක්ඩවුන් කාල සීමාව ක්‍රියාත්මක වූ 2021-05-25 සිට 2021-06-21 දින දක්වා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,200 සිට ඒකක 8,300 දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අදින් ආරම්භවන ලොක්ඩවුන් කාල සීමාවේ දී ද කොළඹ කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ආයෝජකයෝ විශ්වාස පළකර සිටිති.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී කොටස් වෙළෙඳ පොළ වර්ධනය දැක්වෙන ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!