spot_img
spot_imgspot_img

මින්නේරියේ දි වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් අධිකරණයට කැඳවයි

පුවත්

විදෙස්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලැබ සිටි මේජර් ජනරාල් මොහ‍ොන් රත්නායකට සැප්තැම්බර් 02 වැනි දා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න යැයි කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ අද (05) නියෝග කළේය.

මේජර් ජනරාල්වරයා වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් එක් නිලධාරියකුට පහර දී මරණීය තර්ජන කරන ලද බවට වනජීවී දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබූ පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙහිදී වනජීවි දෙපාර්තෙමින්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් අඩවි ආරක්ෂක නීතිඥ  ඒ.පී.කේ.ටී. ජයවර්ධන කියා සිටියේ මෙම පැමිණිල්ලට අදාල විමර්ශන සඳහා  ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සැකකාර මේජර් ජනරාල්වරයාට  නිල වශයෙන් දැනුම් දුන්නද  ඔහු එම දැනුම් දීම නොසලකා හරිමින් ඊට  නොපැමිණි බවයි. 

සතුන්ට සහ ස්වභාව ධර්මයට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න සදහන් කලේ  වන සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් සහ නීතියෙන් බැදී සිටින වනජීවී නිලධාරීන්ට නිල බලය යොදා ගෙන තර්ජනය කිරීම ඉතාම බරපතල තත්වයක් බවයි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!