spot_img
spot_imgspot_img

දෛනික මරණ 100ට ආසන්න වෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය.

එක් දිනක් තුළ මෙරට දී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ එම මරණ 94 වීමම ද විශේෂත්වයකි.

මෙම මරණ 94 සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා කර ඇති ඊයේ (04) මියගිය අය අතර පිරිමි අය 49 දෙනෙක් සහ කාන්තාවෝ 45 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනකු ද සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!