ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයේ අද (05) උදෑසන ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණි අතිවිශාල පිරිසක් එන්නත් අපේක්ෂාවෙන් දිගු පොළිමක රැඳී සිටියහ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති ලේඛන අනුව විද්‍යාලෝක විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන සඳහා මේ වනවිට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රා 7,000කි.
අද (05) සිට සෑම දිනකම උදෑසන 8.30 සිට 4.30 දක්වා එම ස්ථානයේ දී එන්නත් කරන බව ද රජය නිවේදනය කළේය.
මේ අනුව ගාල්ලේ සිට ඉතා දුරබැහැර ප්‍රදේශවන පිටිගල, නෙළුව, තවලම, හිනිදුම, ඕපාත වැනි ප්‍රදේශවලින් ද විශාල පිරිසක් එහි පැමිණ සිටින ආකාරය දක්නට ලැබිණි.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අසළින් ආරම්භ වූ පෝළිම බස්නැවතුම්පොළ ඔස්සේ ගොස්, චීන කොරටුව මැද පාර ඔස්සේ සමූපකාර රෝහල අසළට පැමිණ එතැනින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුකර නැවත විද්‍යාලෝක පාසල අසළින් ඇති අතුරුපාරෙන් චීන කොරටුව මැද පාර දක්වා ගමන් කර තිබේ.
කිලෝ මීටර එකහමාරකට වැඩි මෙම දුර ප්‍රමාණයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අති විශාල පිරිසක් රැඳී සිටිති.
ඔවුන් සැයිල්ලෝම මුක ආවරණ පැළඳ සිටිය ද පැය ගණනක් මෙලෙස රැඳී සිටින අවස්ථාවේ දී ඔවුන් අතර මීටරයක පරතරයක් නම් නැත. මෙය ඉදිරි කොරෝනා පැතිරීමකට හේතුවිය හැකි බව සෞඛ්‍ය සේවකයෝ පවසති.
වැඩිටිහිටියන් පවසන්නේ මේ සඳහා වෙලාව වෙන්කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.
කෙසේ වෙතත් වැඩිහිටියන් දෙදෙනකු සමඟ එන්නත් ලබාගැනීමට ගිය ගාල්ල බෙලිගහ පදිංචි කැළුම් ලියනගේ පවසන්නේ තමන් 6.30ට පමණ එන්නත් පෝළිමට එකතු වූ බවයි.
ඔහු පවසන පරිදි ඒ වනවිට ඔහුට ඉදිරියෙන් පිරිසක් එන්නත් පොළිමට එක්වී සිට ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“එන්නත් ලබාදීම ආරම්භ කළේ උදෑසන 8.30ට විතර. අපි එන්නත් ගන්නවිට උදේ 10.30 වුණා. හමුදාවෙන් ඉතාමත් හොඳ සේවයක් කරනවා. පොළිම හැදෙන එකට හමුදාවට වරදක් කියන්න බැහැ. ජනතාව කොටස් වශයෙන් ප්‍රදේශ වශයෙන් ගෙන්වනවා නම් මේ තදබදය අඩුකරගන්න පුළුවන්. ඇත්තටම පෝළිම්වල ඉන්න අය අතර මීටරයක පරතරය නම් නැහැ. ඒ ගැන අපේම මිනිසුන්ගේ සැළකිල්ලක් නැතවීම මේ වගේ වසංගතයක් බෝ වෙන්න හේතුවක් වේවි.”






Digital card එක ලගදි එනවා එතෙක් පොලිම කලුවැල්ල පාරට හරවන්න, කොළඔට යනකමි දිග තියෙනවා. වැඩක් හරියට කරන්න දෙන්නෙ නෑ මෙි 3% පාර වැරදි පැත්තට හරවලා, හොද වෙලාවට වැස්සෙ නෑ, නැත්නම් වාරකන් කාලෙට වහිනව කියලත් හොයාගන්න තිබුනා, අනේ මෙහෙව් රට විද්වතුන්ට නැතුව බල්ලන්ට ගියානම් මීට වඩා හොද බලු System එකකට වැඩේ කරල දේවි.
ස්තූතියි . හොඳාකාරවම ප්‍රතිඵලය දැන දැන රටේ ජාතික වේලාව නාස්ති වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙලෙස පීඩා විඳීමට සැලැස්වීම ආදී දෑ ගැන අල්ප මාත්‍රයක්වත් නොසිතීම අතිශය කණගාටුදායකයි. කවදා ජාතියක් ලෙස අප ඉදිරියට යාද අවම මනුෂ්‍යත්වය නොමැතිනම් ?