එන්නත් ගැනීමට ගාල්ලේ වැඩිහිටියන් දිගු පෝළිම්වල. කොරෝනා අවදානමත් වැඩියි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයේ අද (05) උදෑසන ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණි අතිවිශාල පිරිසක් එන්නත් අපේක්ෂාවෙන් දිගු පොළිමක රැඳී සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති ලේඛන අනුව විද්‍යාලෝක විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන සඳහා මේ වනවිට ලැබී ඇත්තේ එන්නත් මාත්‍රා 7,000කි.

අද (05) සිට සෑම දිනකම උදෑසන 8.30 සිට 4.30 දක්වා එම ස්ථානයේ දී එන්නත් කරන බව ද රජය නිවේදනය කළේය.

මේ අනුව ගාල්ලේ සිට ඉතා දුරබැහැර ප්‍රදේශවන පිටිගල, නෙළුව, තවලම, හිනිදුම, ඕපාත වැනි ප්‍රදේශවලින් ද විශාල පිරිසක් එහි පැමිණ සිටින ආකාරය දක්නට ලැබිණි.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අසළින් ආරම්භ වූ පෝළිම බස්නැවතුම්පොළ ඔස්සේ ගොස්, චීන කොරටුව මැද පාර ඔස්සේ සමූපකාර රෝහල අසළට පැමිණ එතැනින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුකර නැවත විද්‍යාලෝක පාසල අසළින් ඇති අතුරුපාරෙන් චීන කොරටුව මැද පාර දක්වා ගමන් කර තිබේ.

කිලෝ මීටර එකහමාරකට වැඩි මෙම දුර ප්‍රමාණයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අති විශාල පිරිසක් රැඳී සිටිති.

ඔවුන් සැයිල්ලෝම මුක ආවරණ පැළඳ සිටිය ද පැය ගණනක් මෙලෙස රැඳී සිටින අවස්ථාවේ දී ඔවුන් අතර මීටරයක පරතරයක් නම් නැත. මෙය ඉදිරි කොරෝනා පැතිරීමකට හේතුවිය හැකි බව සෞඛ්‍ය සේවකයෝ පවසති.

වැඩිටිහිටියන් පවසන්නේ මේ සඳහා වෙලාව වෙන්කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

කෙසේ වෙතත් වැඩිහිටියන් දෙදෙනකු සමඟ එන්නත් ලබාගැනීමට ගිය ගාල්ල බෙලිගහ පදිංචි කැළුම් ලියනගේ පවසන්නේ තමන් 6.30ට පමණ එන්නත් පෝළිමට එකතු වූ බවයි.

ඔහු පවසන පරිදි ඒ වනවිට ඔහුට ඉදිරියෙන් පිරිසක් එන්නත් පොළිමට එක්වී සිට ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“එන්නත් ලබාදීම ආරම්භ කළේ උදෑසන 8.30ට විතර. අපි එන්නත් ගන්නවිට උදේ 10.30 වුණා. හමුදාවෙන් ඉතාමත් හොඳ සේවයක් කරනවා. පොළිම හැදෙන එකට හමුදාවට වරදක් කියන්න බැහැ. ජනතාව කොටස් වශයෙන් ප්‍රදේශ වශයෙන් ගෙන්වනවා නම් මේ තදබදය අඩුකරගන්න පුළුවන්. ඇත්තටම පෝළිම්වල ඉන්න අය අතර මීටරයක පරතරය නම් නැහැ. ඒ ගැන අපේම මිනිසුන්ගේ සැළකිල්ලක් නැතවීම මේ වගේ වසංගතයක් බෝ වෙන්න හේතුවක් වේවි.”

2 COMMENTS

  1. Digital card එක ලගදි එනවා එතෙක් පොලිම කලුවැල්ල පාරට හරවන්න, කොළඔට යනකමි දිග තියෙනවා. වැඩක් හරියට කරන්න දෙන්නෙ නෑ මෙි 3% පාර වැරදි පැත්තට හරවලා, හොද වෙලාවට වැස්සෙ නෑ, නැත්නම් වාරකන් කාලෙට වහිනව කියලත් හොයාගන්න තිබුනා, අනේ මෙහෙව් රට විද්වතුන්ට නැතුව බල්ලන්ට ගියානම් මීට වඩා හොද බලු System එකකට වැඩේ කරල දේවි.

    • ස්තූතියි . හොඳාකාරවම ප්‍රතිඵලය දැන දැන රටේ ජාතික වේලාව නාස්ති වීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙලෙස පීඩා විඳීමට සැලැස්වීම ආදී දෑ ගැන අල්ප මාත්‍රයක්වත් නොසිතීම අතිශය කණගාටුදායකයි. කවදා ජාතියක් ලෙස අප ඉදිරියට යාද අවම මනුෂ්‍යත්වය නොමැතිනම් ?

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

දියනෑමට ගොස් අතුරුදන් වූ දෙදෙනාගේ සිරුරු ගොඩගනී

නොර්ටන්බ්‍රිජ් ලොනැක්වත්තේ දියනෑමට ගොස් සිටිය දී ඊයේ (19) සවස අතුරුදන් වූූ දෙදෙනාගේ මළ සිරුරු අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

MOH සුරාසැල් මුද්‍රා තබයි

කැකිරාව නගරයේ මත්පැන් අළෙවිසැල් හතරකට සහ මරදන්කඩවල සහ මඩාටුගම මත්පැන් අළෙවිසැල් දෙකකට මුද්‍රා තැබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටියේ ගජනායකගම සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (19) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව...

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

සජීව විජේවීර විසිනි  “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව...

බාර් ඇරියාට විරුද්ධ වූ පිරිසක් පොලිසියෙන් කුදලාගෙන යයි

නිරෝධායන නීති පනවා තිබිය දී මත්පැන් අළෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන්...

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: