හෙරොයින් ග්‍රෑම් පහක් සන්තකයේ තබාගෙන සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු පරිවාස බාරයට පත්කර ලබන මස 04 වැනි දා දක්වා කිතුලම්පිටිය ළමා නිවසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුන තොරතුරක් අනුව සැකකාර ළමයාගේ නිවස පරික්ෂා කර පසුව ළමයා පරික්ෂා කිරිමේදි ඔහුගේ සපත්තුවක් තුල සඟවා ගෙන සිටි මතත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක ප්‍රමාණය සොයාගෙන තිබේ. පසුව සැකකාර ළමයා හබරාදුව පොලිසියට බාරදි ඇත.
මෙම ළමයාගේ මව විදේශගත වී සිටින අතර පියා ද දුර බැහැර ප්‍රදේශයක රැකියාවේ නිරතව සිටින අතර නිවසේ සිටින්නේ අත්අඩංගුවට ගත් ළමයා සහ ඔහුගේ වැඩිමල් සොහොයුරා පමණි.