පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්විය.
ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හල්විටිගල ගමගේ සුනිල් මහතා නගරාධිපති රහස් ඡන්දයෙන් නගරාධිපතිධූරයට පත්වූයේ ය.
කිසිම පක්ෂයකට 50%කට වැඩි නියෝජනයක් නොලැබීම හේතුවෙන් විශේෂ කොමසාරිස්වරි ලෙස කටයුතු කළ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස්වූ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමේම ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ මොහාමඩ් මවුසුප් මොහොමඩ් මහතා සහ ජාතික ජන බලවේගයේ හල්විටිගල ගමගේ සුනිල් යන දෙදෙනාගේ නම් යෝජනා කෙරිණි.
එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පවත්වන්නේ ද රහස් ඡන්දයක් ලෙස පවත්වන්නේ ද යන්න තීරණය කිරීමේ දී ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර අනිකුත් පක්ෂ විවෘත ඡන්දයක් ඉල්ලා සිටීම හේතුවෙන් විශේෂ කොමසාරිස් ඒ සඳහා නම් අඩගසා කොළයක තම මතය ප්‍රකාශ කරන ලෙස දැන්වා සිටියාය. එය රහස් ඡන්දයක ආකාරයෙන් පැවැත්විණි.
නගර සභාවට තේරීපත්ව සිටින සභිකයන් ඒ අනුව සිය මතය ප්‍රකාශ කළ අතර එහි දී රහස් ඡන්දයක් තබන්න යැයි සභිකයන් 19 යෝජනා කර තිබූ අතර සභිකයන් 17 ගේ යෝජනාව වූයේ විවෘත ඡන්දයක් තැබිය යුතු බවයි.
මේ අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් ඇති විය සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු නැගිට පොදු ජන පෙරමුණේ හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සමඟ බහින්බස්වීම්ක ඇතිකරගත් අතර ඔවුන් සභාවෙන් නැගිට යන බව ද ප්‍රකාශ කළහ. මේ අතර සභාව එකම ගාලගෝට්ටියක් වෙද්දී පොලිස් නිලධාරීන් ද කැඳවූ කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය.
ඉන් අනතුරුව සභාව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැත. ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි.
එහි දී ජාතික ජන බලවේගයෙන් නගරාධිපතිධූරයට තරඟ කළ සුනිල් ගමගේ මහතාට ඡන්ද 19ක් හිමි වූ අතර සමගි ජන බලවේගයේ නියෝජිතයාට කිසිදු ඡන්දයක් හිමිව තිබුණේ නැත. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප කෙරිණි.
මේ අනුව ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සුනිල් ගමගේ මහතා පත්විය.
නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ගාල්ල මහ නගර සභාවේ හටපු නගරාධිපතිවරයකු වූ ප්‍රියන්ත සහබන්දු මහතා ඒකමතිකව තෝරාගැණිනි.