spot_img

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත, ගුප්ත වැඩක් නිසා රිමාන්ඩ්

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කළාය.

අයථා ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අද (26) කැඳවා තිබූ හිටපු ලේකම්වරයා පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිමයක් සෑදීමට බව කියිමින ්සිය බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස්කර රුපියල් ලක්ෂ 350කට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම විහාරස්ථානේ රෝගීව සිටි බෞද්ධ භික්ෂුවකගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගෙන මෙම මුදල් රැස්ක‍රගෙන ඇති බවත් පැවසේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ දී කියා සිටියේ එම භික්ෂුව දිවුරුම් ප්‍රකාශයට අත්සන යොදා ඇත්තේ එය කියවා බැලීමකින් තොරව බවයි.

සැකකරුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ, තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී ඇති අතර ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles