කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳ සැළක ගින්නක් හටගෙන ඇතැයි පොිසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් වෙළෙඳ සැළ සම්පූර්ණයේ ම විනාශ වී ඇති බවත් ගින්න පාලනය කිරීම සඳහා කොළඹ සහ ගම්පහ ගිනි නිවන ඒකක කැඳවා ඇති බවත් වාර්තා වේ.
ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ. මේ නිසා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.