spot_img
spot_imgspot_img

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබෙන සංඛ්‍යාව 543,000ක්. එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 11යි

පුවත්

විදෙස්

මෙරට කොරෝනා එන්නත් කරණ වැඩසටහන අනුව ඊයේ (01) රාත්‍රී 8.30 වනවිට ලක්ෂ 29කට ආසන්න පිරිසකට (2,884,602) එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිකුත්කරන ලද වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව මෙතෙක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ලබාගත් සංඛ්‍යාව 1,114,978කි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව කොරෝනා මර්ධනය සඳහා මෙරට ප්‍රථමයෙන් භාවිතා කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 ක පිරිසකට අප්‍රේල් මාසය අවසන්වනවිට ලබා දී තිබේ. ඉන් පසු අප්‍රේල් මාසයේ දී ම එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ආරම්භ කළ ද දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී ඇත්තේ 381,979 දෙනකු සඳහා පමණි.

ඒ අනුව 543,263ක පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව අහිමි වී තිබේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ රාත්‍රී වනවිට 1,849,565 දෙනකුට ලබා දී තිබූ අතර එන්නත් කරණය සම්පූර්ණ කරමින් එහි දෙවැනි මාත්‍රාව ද ලබාගත් සංඛ්‍යාව 750,572කි.

ස්පුට්නික් – V  එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනකුට හිමි වී ඇති අතර එම එන්නතේ ම දෙවැනි මාත්‍රාව ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ වූ පිරිස 14,427කි.

මීට අමතරව විවිධ සංවර්ධන කටයුතු සඳහා පැමිණ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් 2,865 දෙනකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඉන් 2,435 දෙනකු එහි දෙවැනි මාත්‍රාව ද  ලබාගනිමින් එන්නත් කරණය සම්පූර්ණ කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!