spot_img
spot_imgspot_img

GSP + සම්බන්ධව යුරෝපා සංගමය කළ තරවටුව හා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

පුවත්

විදෙස්

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ GSP + සහනය අහිමිකිරීමට කරන ලද යෝජනාවෙන් පසු මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනවත සමාලෝචනය කිරීම, එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගමයට කරුණු වාර්තාකළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ඒ බව ජුනි 25 වැනි දා දැනුම් දී ඇති බවයි.

ජුන 21 වැනි දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මීට අවශ්‍ය තීරණ ගත් බවත් එම කමිටුව 24 වැනි දින පත්කරන ලද බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එහි දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ තෙමසක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සහ ඊට සහාය වීම සඳහා නිලධාරී කමිටුවක් ද ජුනි 24 වැනි දා  පත්කළ බව විදේශ අමාත්‍යාංශය විසින් යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් ඇති බලතල අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරුවන් කර දඬුවම් නියමකරනු ලැබ සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 16 දෙනකුට ජුනි 24 වැනි දින සමාව ලබාදීම පිළිබඳව ද විදේශ අමාත්‍යාංශය යුරෝපා සංගමයට දැනුම් දී ඇත.

එමෙන්ම දැනට ක්‍රියාත්මක ප්‍රතිසන්ධාන යාන්ත්‍රණවල ප්‍රගතිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සඳහා සකසන ලද හිමිකම් 1,230ක් පියවීම සඳහා රජය විසින් ජුනි මාසයේ දී ශ්‍රී ලංකා රුපියල් මිලියන 79ක් වන්දි ගෙවීමේ කාර්යාලයට මුදා හැරීම පිළිබඳව ද යුරෝපා සංගමයට දැනුම් දී ඇති අතර එට අතිරේක වශයෙන් සකසන ලද හිමිකම් 3,389ක් අතරින් හිමිකම් 1,451ක් පියවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 80ක් ජුන 29 වැනි දා නිකුත් කළ බව ද එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

ශ්‍රී ලංකාව GSP + අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ සමාලෝචනය අඛණ්ඩව සිදුකරමින් පවතින බවත් මේ සඳහා GSP + අධීක්ෂණ දූත කණ්ඩායම 2021 සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල දී අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනක ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටියි.

ශ්‍රී ලංකාවේ GSP +තත්ත්වය තාවකාලිකව ඉවත්කර ගැනීම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සළකා බලන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරොපා කොමිසමෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ජුනි 10 වැනි දින වැඩි ඡන්ද 613කින් සම්මත කර ගැණිනි.

එහි දී ඔවුනගේ අවධානය යොමුව තිබුණේ මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කරගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජය දිගින් දිගටම අපොහොසත්වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකිරීම හෝ ආදේශ ලබාදීම යන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීම යන කරුණු කෙරෙහිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබාගැනීම ද මෙම යෝජනාවේ සඳහන් කර තිබූ අතර ශානි අබේසේකර පසුගිය දා අප මත මුදාහැරීමට ද අධිකරණය කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!