spot_img
spot_imgspot_img

rata.lk ‍වෙත තොරතුරු දුන්නා යැයි කාර්මික නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට එරෙහි වාරණ නියෝගයක්

පුවත්

විදෙස්

rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන් වැඩ තහනම් කිරීමකට ලක්වූ, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම වාරණය කරමින් අද (01) ගාල්ල දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න නියෝගයක් නිකුත් කළේය.

දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේ කාර්මික නිලධාරී පල්ලික් කොණ්ඩගේ අජන්ත විසින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, එහි සාමාන්‍යාධාකාරී පී.පී.වික්‍රමසිංහ ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහිව ඉදිරිපත්කර තිබූ පෙපත්සම සැළකිල්ලට ගනිමිනි. එම කාර්මික නිලධාරීවරයා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් ද 2013 වර්ෂයේ සිට කටයුතු කරයි.

2021 පෙබරවාරි මස 15 වැනි දා rata.lk වෙබ් අඩවියේ “දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා” යන ශීර්ෂය යටතේ පළකරන ලද ප්‍රවෘත්තියට අදාල විස්තර ලබාදුන් බව පවසමින් මෙහි දෙවන විත්තකරු වූ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිනිය විසින් ඔහුගේ වැඩ තහනම් කර තිබිණි.

පෙත්සම්කරු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණෙන් වෘත්තීය සංගමයේ සභාපතිවරයා ලෙස සහ වෘත්තීය සංගමය වෙත පැවරී ඇති වගකීම ඉටුකිරීම රාජකාරී නිල තත්ත්වයෙන් කළ බවයි. එලෙස ක්‍රියා කිරීමේ දී දෙවැනි විත්තිකාරිය විසින් එය වැරදි ලෙස වටහා ගනිමින් රාජකාරී තහනම් කිරීමේ අත්තනෝමතික හා අනීතික ක්‍රියාව මගින් වෘත්තීය සංගම්වල කටයුතු පවත්වාගෙන යෑමට රටේ නීතියෙන් ලබා දී ඇති නිදහස බරපතල ලෙස උලංඝනය වී ඇති බැවින් තමන් 2021.03.12 දින සිට නැවත සේවය පිහිටුවන ලෙසත් ඉල්ලා තිබිණි

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් පැමිණිලිකරුගේ වැඩ තහනම් කිරීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න විසින් ජූලි මස 15 වැනි දා යළි මෙම පෙත්සම සම්බන්ධ වැඩිදුර විභාගය කැඳවන ලදී

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ නේත්‍රාරාණි කුලසේකරගේ උපදෙස් පරිදි නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ පෙනී සිටියේය.

එම කාර්මික නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත්තේ මෙම ලිපියට කරුණු දුන් බව පවසමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!