spot_img
spot_imgspot_img

“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි

පුවත්

විදෙස්

ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන බවයි.

ඔහු පවසන්නේ මෙය මාර්ග දෙකකින් වසංගතයකට හේතු වී තිබෙන බවයි. දිළිඳු රටවලට එන්නත් සැපයීම සඳහා ලෝක සෞඛ්‍ය ‍සංවිධානය සහ අනෙකුත් පාර්ශවයන් විසින් සිදුකරන ලද ගෝලීය ප්‍රසම්පාදන යෝජනා ක්‍රමයක් වන කොවැක්ස් පහසුකම මෙතෙක් විශාල බලපෑමක් කර නැත.

2005 – 2012 කාලයේ ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් පසුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ ටෙඩ්‍රොස් 2017 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා බවට පත්වූයේය. 2022 අවසන් වනවිට කොවැක්ස් පහසුකම යටතේ අතිරේක එන්නත් මාත්‍රා මිලියන 870ක් පරිත්‍යාග කරන බවට ප්‍රතිඥාවක් ලබාදීමට ඔහු කටයුතු කළේය.

ජී 7 සමුළුව ඇමතීමට පැය කිහියකට පෙර https://science.sciencemag.org/ හි ජෝන් කොහෙන් Jon Cohen සමඟ සම්මුඛ පරීක්ෂණයකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රශ්නය : ඔබ වසර ගණනාවක් ඖෂධ සඳහා අසමාන ප්‍රවේශයන් ගැන තර්ක කළා. කොරෝනා සමඟ අසමානභාවය පිළිබඳ සංවාදය ආරම්භ වූයේ යමක් ක්‍රියාත්මකවීමටත් පෙර. ඔබ ඒ සඳහා කලින් ම උපදෙස් දෙමින් ඉදිරියෙන් සිටීමට උත්සාහ ගත්තා

පිළිතුර : මම සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ ගෝලීයව අසාර්ථක වූ වැඩසටහන් දෙකක් දුටුවා. එකක් HIV මෙයට ප්‍රති වෛරස අඩු ආදායම්ලාභී රටවලට එය සොයාගැනීමෙන් වසර 10ක් ගතවනතුරු පවා ලැබුණේ නැහැ. එය බලාපොරොත්තු සුන් කරවන දෙයක්. අපි ඉතියෝපියාවේ පළමු ප්‍රතිකාර 900 ලබාදුන් වෙලාවේ මම කොතරම් සතුටු වුණා ද කියා මා දන්නවා. අවාසනායේ දී එන්නත් ආවරණය වැඩි වුණා. ඒ වගේම H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය 2009 දී පැතිර ගිය වෙලාවෙත් එන්නත් නිපදවූවා. නමුත් ඒවා අඩු ආදායම්ලාභී රටවලට විශේෂයෙන් ම අප්‍රිකාට ලැබුණේ නැහැ.

කොරෝනා අර්බුදය සමඟ අපට මතක් වෙන දේවල් තමයි මේ. මුල සිටම අපි කියා සිටියේ එකම වැරැද්ද නැවත නැවත නොකළ යුතුයි කියා. අපිට වසරක කාලයේ දී කොරෝනා වසංගතයට එරෙහි එන්නත් අටක් ලබාගැනීට හැකිවීම පෙර නොවූ විරූ දෙයක්. නමුත් අප අසමත් වන්නේ එන්නත් බෙදා හැරීමේ සමානාත්මතාව ක්‍රියාත්මක කිරීමේ දී.

ප්‍රශ්නය : ඔබ COVID-19 ගැන කතා කරන ලෝක නායකයන් කිහිප දෙනාගෙන් කෙනෙක්. නමුත් ඔබ කලකිරුණු ස්වභාවයෙන් කතා කරනවා. ඇතැම් ලෝක නායකයන් මේ විදියට ක්‍රියාත්මක වෙන්නේ ඇයි?

පිළිතුර : මම හිතන්නේ නැහැ මම පිළිතුර දන්නවා කියලා.

ප්‍රශ්නය : ඔබට සමීපව සිටි යම් කිසි අයෙක් COVID-19 වසංගතය හේතුවෙන් මිය ගොස් තිබේද?

පිළිතුර : ඔව්. කිට්ටුම කෙනා මගේ බිරිඳගේ සුළු මව. ඇගේ මරණය සිදුවුණේ එන්නත් කිරීම ආරම්භවීමට පෙර. නමුත් අදටත් ඇයට එන්නත ලැබෙන්නට අවස්ථාවක් නැහැ. ඇය මියගියා. තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට තවමත් මේ එන්නත දුරයි.

ප්‍රශ්නය : ඇමරිකානුවන්ට එන්නත් ලබා දීමේ ඉලක්කයක් සහ ඉතා ඉක්මණින් මාත්‍රාව මිලියන 300 ක ඉලක්කයක් තබා තිබෙනවා. එය ලෝකයට එන්නත් කිරීම සඳහා නිර්මාණය කර නැහැ. එය නිර්මාණය කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනතාව වෙනුවෙන් ලබා දී රට ආරක්ෂා කිරීමට.  ගෝලීය දැක්මක් ඇති වෙනස් පරිපාලනයක් තිබුනේ නම් කුමක් කළ යුතුද?

පිළිතුර : එක් රටක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමේ ගැටලුව නම් අපි මුළු ලෝකයේම පූර්ණ හැකියාවන් භාවිතා නොකිරීමයි. මම පළමුව ජී 7 වෙත හැරෙනු ඇත, ඔවුන් මෙහි සිටිනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% ක් පාලනය කරන G20 උදාහරණයට ගනිමු. මේ රටවලට මුළු ලෝකයටම බලපෑම් කළ හැකිය. අපි මුල සිටම පැවසූ දෙය වන්නේ සහයෝගීතාවය, සෑම කෙනෙකුම මෙයට දායක විය යුතුයි.

ප්‍රශ්නය: ඔබ ඇමෙරිකාවේ වත්මන් පරිපාලනය පිළිබඳ සිතන්නේ කුමක්ද?

පිළිතුර: ජෝ බයිඩ්න් සියල්ල වෙනස් කර, එය උඩු යටිකුරු කර තිබෙනවා.  ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ආපසු ගෙවීමේ [ට්‍රම්ප් පරිපාලනය] ගත් තීරණය වත්මන් ජනාධිපතිවරයා ආපසු හැරවූ පළමු දිනයේ සිටම ඔහු සිය කැපවීම පෙන්නුම් කර තිබෙනවා. එන්නත් මාත්‍රාව පරිත්‍යාග කිරීම සඳහා එක්සත් ජනපදය විශාලතම දායකත්වය ලබා දුන්නා. උපකාරය අපි අගය කරන අතර අනෙක් නායකයින්ද එය අනුගමනය කර සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපට එය තනිවම කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිය නොහැකියි. 

ප්‍රශ්නය : ඔබ මෑතකදී කතා කළේ වසංගත ගිවිසුමක් පිළිබඳ අදහසේ සාරය කුමක්ද? එය පැවතියේ නම් එය අද අපට බලපාන්නේ කෙසේද?

පිළිතුර : අප මුහුණ දී ඇති එක් අභියෝගයක් වන්නේ බෙදා ගැනීමයි. තොරතුරු හුවමාරු කර ගැනීම, දත්ත හුවමාරු කර ගැනීම සහ රෝගකාරක හෝ ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය බෙදා ගැනීම. එන්නත් සමඟ ඔබ දැන් දකින දේ මෙන් තාක්ෂණය බෙදා ගැනීම. තවත් ගැටළුවක් වන්නේ ගෝලීය සම්බන්ධීකරණයයි. අපට ගිවිසුමක් තිබුනේ නම්, මේ සියලු අභියෝගවල බලපෑමට මුහුණ දීමට හෝ අවම කිරීමට ඉඩ තිබුණා. විශේෂයෙන් එය බැඳී තිබේ නම්, ලෝකයට, සියලුම ජනතාවට, කළ යුතු දේ සැබවින්ම පවසන රාමුවක් අපට තිබිය යුතුයි.

ප්‍රශ්නය: එන්නත් සහ වෙනත් ඖෂධ සඳහා බුද්ධිමය දේපළ (අයිපී) අත්හැරීම සම්බන්ධයෙන් එය බැඳී සිටින බවට මෙම ගිවිසුමේ අදහස තිබේද?

පිළිතුර : මෙම IP අත් හැරීම එක් විකල්පයකි, සහ එය විශේෂයෙන් හදිසි තත්වයන්, ප්‍රධාන වේ. ට්‍රිප්ස් (ලෝක වෙළඳ සංවිධාන ගිවිසුමකට) පවා හදිසි අවස්ථා වලදී අයිපී අත්හැරීමක් භාවිතා කිරීමට ප්‍රතිපාදන තිබෙනවා. පෙර නොවූ විරූ අවස්ථාවන්හි දී, ඔබ පෙර නොවූ විරූ පියවර ගත යුතුය. අපි දැන් එය භාවිතා නොකරන්නේ නම්, අපි එය භාවිතා කරන්නේ කවදාද? අපට එය මුලින්ම ඇත්තේ ඇයි?

මම IP හි ශක්තිමත් ආධාරකරුවෙක්. මම පෞද්ගලික අංශයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයිපී ඔවුන්ගෙන් ඉවතට ගැනීම ගැන මම විශ්වාස කරන්නේ නැහැ. මම ඇත්ත වශයෙන් ම යෝජනා කළේ දිරි දීමනා ලබා දීම, සමහර වන්දි [IP නිදහස් කිරීමක් වෙනුවට]. ඒ අතරම, සමාගම්වලට ද සමාජ වගකීමක් තියෙනවා. මෙය මුළු ලෝකයට ම අදාලයි. ලෝකයේ කිසිවෙකු වයිරසයක ප්‍රාණ ඇපකරුවකු වීමට කැමැත්තක් නැහැ. සමාගම්වලට ඔවුන්ගේ ඖෂධවලින් 99% ක ලාභයක් ලබා ගත හැකියි. මෙය දේවල් වලින් 1% කි.

ප්‍රශ්නය : ඔබ COVID-19 තාක්‍ෂණික ප්‍රවේශ සංචිතය නමින් IP බෙදාගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට උත්සාහ කළා. කිසිදු එන්නත් සමාගම් සහභාගී නොවීම ගැන ඔබ පුදුමයට පත් වෙනවාද?

පිළිතුර: එය මිශ්‍ර හැඟීමක්: පුදුමයි, පුදුම වෙන්නේ නැහැ. යන හැඟීම් දෙකම තියෙනවා. සමාජ වගකීම යනු මුළු ලෝකයම දැවෙන විට යහපත් මිනිසෙකුගෙන් ඔබ අපේක්ෂා කරන දෙයක් පමණි.

ප්‍රශ්නය : මම හිතන්නේ ඔබ එන්නත් සමාගම්වල නායකයන් සමඟ දුරකථනයෙන් සාක්ච්ඡා කළ අතර ඔබ මට පැවසූ දේ ඔබ ඔවුන්ට පැවසුවා. මම හරිද?

පිළිතුර : ඔව්. ඔබ නිවැරදියි. උදව් කිරීමට මම ඔවුන්ව දිරිමත් කරනවා. එය එකම ප්‍රතිචාරය, එකම තර්කය, අප තාක්‍ෂණය මාරු කළත්, මෙම ගැටළුව තිබෙනවා. විවිධ පේටන්ට් බලපත්‍රවල බහු හිමිකරුවන්, ඒ සියල්ල අයිති කරගෙගන ඉන්නවා.

ප්‍රශ්නය : කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසන් වන විට ලෝක ජනගහනයෙන් 20% කට එන්නත් කිරීමේ ඉලක්කයක් මුලින් තිබුණා . නමුත් අප්‍රිකානු සංගමයට අවශ්‍ය වූයේ 60% ක් ඉලක්ක කර ගැනීමට ය. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද?

පිළිතුර : COVAX 20% ක් කියන විට එයින් අදහස් කරන්නේ අප්‍රිකාවට හෝ තනි රටකට වැඩි යමක් කළ නොහැකි බවයි. COVAX හි දායකත්වය ලෙස ඔබට 20% ක් ගත හැකිය. එවිට අප්‍රිකාවට වෙනත් විකල්ප භාවිතා කළ හැකියි. COVAX යනු පාදම, පහළම තලය වන අතර පසුව මහාද්වීප හෝ ප්‍රදේශ හෝ රටවලට තමන්ගේ ම ඉලක්ක සම්පූර්ණ කරගත හැකියි.

ප්‍රශ්නය : ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය සමඟ ඇති සම්බන්ධතාවය ගැන ඔබව විවේචනය කර තිබෙනවා. නමුත් ඔබට ඇත්ත වශයෙන්ම ඇත්තේ කවර ආකාරයේ බලයක්ද යන්න පිළිබඳව බොහෝ විට අවබෝධයක් නැහැ. ඔබ සාමාජික රටවල් නියෝජනය කරන නිසා, ඔබේ දෑත් සෑම විටම යම් මට්ටමකින් බැඳ තබනු ඇති. ඕනෑම රටක් විවෘත කිරීමට හෝ විනිවිදභාවයෙන් හෝ දායක වීමට ඔබට කළ හැක්කේ එපමණයි. මට කුතුහලයක් තිබෙනවා චීනය සමඟ වෙනස් දෙයක් සිදුවිය හැකිද?

පිළිතුර : සාමාජික රාජ්‍ය සංවිධානයක් වීම යනු සාමාජික රටවල් අපෙන් ඉල්ලන ඕනෑම දෙයක් කිරීම පමණක් නොවේ. උදාහරණයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ හිටපු එක්සත් ජනපද පරිපාලනය අතර ඇති ගැටළුව වූයේ අප යමක් එපා යැයි පැවසීමයි. නැත යනු එය නිවැරදි දෙය නොවන බැවිනි.

ප්‍රශ්නය : ඔබ එපා යැයි කීවේ කුමක්ද?

පිළිතුර: මම හිතන්නේ නැහැ මම ඒ නිශ්චිත විස්තරයට යා යුතුයි කියලා. නමුත් එය මෙම සංවිධානය විසින් නොකළ යුතු දෙයක් වුණා. අපි කිව්වා “නෑ”

ප්‍රශ්නය: ඔබ කීවේ ට්‍රම්ප් පරිපාලනයට එපා කියායි.

පිළිතුර : නිවැරදියි. ඒක තමයි ප්‍රශ්නය. එවිට ස්වාධීන නොවීම ගැන අපට දොස් කිව්වා. නමුත් අසාධාරණ ඉල්ලීම් සහ ප්‍රශ්න එපා යැයි අපි කියන්නේ නම්, එය තමයි ස්වාධීනත්වය.

ඒ නිසා ඔබ චීනය සහ මූලාරම්භය අධ්‍යයනය කරන්නේ නම්, අභියෝග මොනවාදැයි අපි පැහැදිලි කළා, විශේෂයෙන් ප්‍රාථමික දත්ත සමඟ ප්‍රමාණවත් සහයෝගයක් නොතිබූ බව, විශේෂයෙන් මුල් දිනවල, අපි ඒවාට බලපෑම් කළා. ඒ අතරම, විද්‍යාගාර කල්පිතය පිළිබඳ නිසි ලෙස තක්සේරු නොකිරීම නිසා, “සියලු උපකල්පනයන් විවෘත ය” යි අපි කීවා. WHO සැබවින්ම කෙළින්ම පැවසිය යුතු ගැටලුවක් තිබේ නම්, අපි එය කියනවා.

ප්‍රශ්නය : නමුත් විද්‍යාගාර කල්පිතය අතිශයින්ම අසීරු යැයි පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පිළිබඳව ඔබට දැඩි විවේචන එල්ල වී තිබෙනවා.

පිළිතුර: එතන තමයි වැරදි වැටහීමක් තියෙන්නේ. මෙම කණ්ඩායම විවිධ ආයතන හා විවිධ රටවලින් පැමිණි අතර ඔවුන් ස්වාධීනයි. ඔවුන් සමඟ එක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය දෙදෙනෙකු පමණියි. ඔවුන් තම අධ්‍යයනය සඳහා ඉදිරිපත් වුණා. දවස අවසානයේදී අපි මෙසේ කීවා. “හරි, ප්‍රගතියක් ඇත, නමුත් මෙම අභියෝග තිබේ.” අපි ඒක විවෘතව කිව්වා. අපි සෑම රටකටම සලකන ආකාරයට ම අපි චීනයට කෙරෙහිත් ක්‍රියා කළා.

ප්‍රශ්නය : SARS-CoV-3 පෙන්වන විට හෝ H17N28 හෝ HIV-3, එය කුමක් වුවත්, ඔබ දැන් වාඩි වී සිටින තැන ඔබ වාඩි වී සිටින විට, පළමු දිනයේ ඔබ වෙනස් ලෙස කුමක් කිරීමට යන්නේද?

පිළිතුර: ඔබ මැජික් උණ්ඩයක් ඉල්ලුවොත් මැජික් උණ්ඩයක් නැහැ. මෙතෙක් පැවති තත්ත්වය තක්සේරු කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මම ඉතා ස්වාධීන, ඉහළ මට්ටමේ කොමිසමක් පත් කළා. ඔවුන් ඉතා අපක්ෂපාතී ස්වාධීන තක්සේරුවක් කළ අතර එය අප ආඩම්බරයට කරුණක්. මීළඟ වසංගතයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි මාර්ග සිතියමක් අප ඉවසිල්ලෙන් සකස් කරගත යුතුයි. නමුත් අප මෙයින් පාඩම් ඉගෙනීමේ දී ඉතා බැරෑරුම් විය යුතු අතර හැකි තරම් ප්‍රයෝජනවත් දේවල් කළ යුතු අතර එය ඵලදායී වනු ඇති. ලෝකය එක්ව එම නිර්දේශයන් බැරෑරුම් ලෙස සලකනු ඇති අතර ඊළඟ වසංගතය වැළැක්වීමට හෝ එය කල්තියා හඳුනා ගැනීමට සහ බලපෑම කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට අපට ආමන්ත්‍රණය කළ හැකි අංශ හඳුනා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය : ඔබට ලැබුණු එන්නත ගැන මට ඔබෙන් විමසීමට අවශ්‍යයි. ඔබ කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දිනය කුමක්ද?

පිළිතුර: මැයි 12.

ප්‍ර: ඔබ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා. ඔබට 2020 දෙසැම්බරයේ එන්නත ගැනීමට “මම සූදානම්” යැයි පැවසිය හැකිව තිබුණා. ඇයි ඔබ මෙතරම් කාලයක් බලා සිටියේ?

පිළිතුර: මා සිටින්නේ කොහේදැයි මා දන්නා බව මට තේරෙනවා. ඉතියෝපියාව නම් දුප්පත් රටක, අප්‍රිකාව නම් දුප්පත් මහද්වීපයේ. මට මෙහි ඇති වරප්‍රසාද සමඟ, සමහර විට මට එය මුලින්ම ලබා ගැනීමට අවස්ථාවක් තිබෙන්නට ඇති.  මට එය භාවිතා කිරීමට අවශ්‍ය නැහැ, අප්‍රිකාවේ එන්නත්කරණය ආරම්භ කළ යුතු බව මට සෑම දිනකම මතක් කිරීමට අවශ්‍යයි. අප්‍රිකාව සහ අනෙකුත් කලාපවල, අඩු ආදායම්ලාභී රටවල්, එන්නත ලබා දෙන තෙක් බලා සිටීමට මට අවශ්‍ය වුණා.

සෞඛ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කිරීමේ ඉතිහාසයක් මට ඇති අතර මම එක් අවදානම් කණ්ඩායමක සිටිනවා. ඔවුන් ඒ කාලයේ [අප්‍රිකාවේ] සෞඛ්‍ය සේවකයින්ට සහ අවදානම් කණ්ඩායම්වලට එන්නත ලබා දීමට පටන් ගෙන තිබූ නිසා මම සිතුවේ එය මගේ වාරය කියා. මම මගේ වාරය පරීක්ෂා කරමින් සිටියා, ඇත්ත වශයෙන්ම, ජිනීවාහි නොව අප්‍රිකාවේ මට ඇති දේ හා සසඳමින් ඒ අනුව මට එන්නත හිමිවිය යුතු දිනයේ එන්නත ලබාගත්තා.

ප්‍රශ්නය : ඔබට ලැබුණේ කුමන එන්නතද?

පිළිතුර : මම ඒ ගැන හිතුවෙන් නැහැ. මා සමඟ සිටි සහායකයෙක් ඒ පිළිබඳ ඇසුවා. නමුත් මා දන්නේ නෑ.

ප්‍රශ්නය: ඔබ එන්නත ලබා ගත් පසු එය දැනුණේ කෙසේද?

පිළිතුර: මට තාමත් දැනෙනවා අපි අසමත් (failing) වෙනවා කියලා. මම ඉන්නේ බලාපොරොත්තු කඩවීමකින්.

සාකච්ඡාව ඇතුළත් පළමු ලිපිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!