spot_img
spot_imgspot_img

මීමැස්සන් වඳ කරන වයිරසයක් දකුණු ඉන්දියාවෙන් මතුවෙයි

පුවත්

විදෙස්

මී මැස්සන් විනාශ කරන “තායි සැක්බෲඩ්” නමැති වෛරස් රෝගය දකුණු ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් පවතින බව එරට විද්‍යාඥයන් හෙළිිකර තිබේ. මෙම රෝගය ශ්‍රී ලංකාවට ද පැමිණියහොත් මෙරට මී මැසි ජනපද විනාශ වී හාක ඵලදාව සඳහා එය සෘජුවම අහිතිකර බලපෑම් එල්ල කිීමට අවකාශ තිබේ.

එමගින් ආහාර බෝග අඩු වීමේ දැඩි අවදානමක් ද හටගනු ඇත.

Thai sacbrood නමැති වයිරසය කුමක් ද ? එය ක්‍රියා කරන්නේ කෙසේ ද ?

මෙය sacbrood නමැති වයිරස් කාණ්ඩයේ එක් ප්‍රභේදයකි. මෙම වයිරසය මගින් මීමැසි ජනපද විනාශවන බව මුල්වරට සොයාගන්නා ලද්දේ 1976 වර්ෂයේ දී තායිලන්තයෙනි. පසුව මෙම වයිරසයට 1991-92 කාලයේ ඉන්දියාවේ ද වේගයෙන් පැතිරගිය අතර එකල දකුණු ඉන්දියාවේ තිබූ මී මැසි ජනපදවලින් 90%ක් පමණ මේ වයිරසය හේතුවෙන් විනාශ වී ගිය බව පර්යේෂකයෝ කියති.

මෙම වයිරසය බලපෑමෙන් මී මැස්සන්ගේ කීටයන් මියයාම හේතුවෙන් ඔවුන්ගේ ජනපදවල මැස්සන් සංඛ්‍යාව වේගයෙන් අඩුවීම සිදුවෙයි.

වයිරසයේ බලපෑම සිදුව ඇත්දැයි සොයාගත හැකිවන්නේ මීවදවල දැකිය හැකි වර්ණ වෙනස්කම්වලිනි. වයිරසයේ බලපෑමට ලක්ව ඇති මීවද සුදු පැහැයේ සිට කහ වර්ණය දක්වා වෙනස්වන බව පර්යේෂකයන් පවසයි. කීටයන් මියගොස් ඔවුන් ඇතුළත තරලයක් බවට පත්වෙයි. දින දහයකින් කීටයන් සිටින සම්පූර්ණ වදයක් විනාශ වී යා හැකි බව ද පවසයි.

වයිරසයෙන් වැඩිම හානියක් සිදුවන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම පැතිරී සිටින Apis mellifera නමැති මීමැස්සන් විශේෂයටය.

Apis mellifera මීමැස්සා

මෙම මීමැස්සන් විශේෂය ඇන්ටාක්ටිකාව හැර සියලුම මහද්වීපවල බහුලව පැතිර සිටින මීමැස්සන් විශේෂය වෙයි. අප්‍රිකාවේ හෝ ආසියාවෙන් ආරම්භවී ලෝකය පුරාම මොවුන් පැතිරයන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

මොවුන් ලෝකය පුරා ගෙන යාමට මිනිස් වර්ගයා දායක වන්නට ඇතැයි ද විශ්වාස කරන අතර ඔවුන් ඒ ඒ පරිසර පද්ධතීන්වලට යාමේ දී එම පරිසරයට සුදුසු ආකාරයෙන් අනුවර්ථනය වි තිබීම ද විශේෂත්වයකි. ශීත දේශගුණයක දී ශීත පොකුරු සාදන මොවුන් කාන්තාර ප්‍රදේශවල දී ඊට සුදුසු ආකාරයෙන් හැසිරෙයි.

ලෝකයේ සියලුම පරිසර පද්ධතිවල පැවැත්ම සඳහා මේ මීමැස්සා අතිශය වැදගත් සත්ත්වයෙකි. එමෙන්ම ගෘහාශ්‍රිත මී පැණි නිෂ්පාදනයේ ප්‍රධානතම කොටස්කරුවා වන්නේ ද මේ Apis mellifera විශේෂයයි.

ශාක පරාගනයට විශාල දායකත්වයක් දරන මෙම විශේෂය ලොකයේ වැඩිම නිෂ්පාදනයක් සිදුකරන භෝග වර්ග 107න් 90ක් පමණ පරාගනය කිරීමට දායක වන බව සොයාගෙන තිබේ.

පසුගිය වසරේ Nature විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ පත්‍රිකාවකින් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබුණේ මීපැණිවල අඩංගුවන මෙලටින් හේතුවෙන් පිළිකා සෛල විනාශ වනබවයි.

මෙම වයිරසයේ බලපෑමෙන් ලෝකය පුරා මී මැස්සන්ගේ ගහනය පහත වැටීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ අනතුරු අඟවති.

අප මෙම වයිරසය අධ්‍යයනය කළ යුත්තේ ඇයි ?

මේ වනවිට දකුණු ඉන්දියාවේ කර්ණාටකයේ බටහිර කඳුකරයේ මී මැසි ජනපදවල මෙම වයිරසය පැතිරෙන බව හඳුනාගෙන ඇත. මෙමගින් මිනිසුන්ට සෘජුව බලපෑමක් සිදුවන්නේ නැතත්, එමගින් දිර්ඝකාලීනව ලෝකයට ම සිදුවන බලපෑම අති භයංකර විය හැකිය. නමුත් මිනිසාට සෘජු බලපෑමක් නොවන බැවින් මේ වයිරසය පාලනය කිරීම සඳහා තවමත් වගකිව යුතු පිරිස් උනන්දුවක් නොදැක්වීම බරපතල තත්ත්වයකි.

දකුණු ඉන්දියාවේ සිට මේ වයිරසය ලෝකය පුරාම ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් එය ඉතාමත් කඩිනමින් පාලනය කළ යුතුය.

මෙම වයිරසයෙන් මීමැස්සන් ආරක්ෂා කරගන්නේ කෙසේ ද ?

රෝගය පාලනය කිරිම සඳහා දැනට නිර්දේශිත ක්‍රමය වන්නේ මියගිය කීටයන් සිටින වද ඉවත්කර පුළුස්සා දැමීමයි. නමුත් ගැටලුව වන්නේ මේ ආසාදනය ඇති වද ස්පර්ශ කරන පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්නව ඇති මීමැසි ජනපදයක් ස්පර්ශ කළහොත් වයිරසය මිනිසුන්ගෙන් එම ජනපදයට සම්ප්‍රේෂනය වීමයි. එබැවින් එක් මීමැසි ජනපදයක් පරීක්ෂාකළ පසු කොරෝනා වයිරසය සමඟ කටයුතු කරන ආකාරයෙන් අත් සබන් යොදා සේදීම කළ යුතුය.

එමෙන් ම වදයේ සිටින මීමැස්සන් බේරාගැනීමට නම්, යම් ජනපදයක රැජින එහි අනෙකුත් මැස්සන්ගෙන් හුදකලා කර තැබිය යුතු බව ද පැවසේ.

කර්ණාටක ප්‍රාන්ත රජයේ ජෛව විවිධත්ව මණ්ඩලයේ සභාපති අනන්ත් හෙග්ඩේ අෂිසාර් පවසන්නේ මෙම රෝගය සඳහා පැහැදිලි විසඳුමක් කඩිනමින් ලබාදෙන බවයි.

කර්ණාටක ප්‍රාන්තයේ ජෛව විවිධත්ව මණ්ඩලය මීමැස්සාගෙන්  පරිසරයට සිදුවන මෙහෙවර සළකා මීමැස්සන් රාජ්‍ය කෘමියකු ලෙස ප්‍රකාශයට පත්කිරීමට ද සැළසුම් කර තිබිණි.

මෙම පුවතේ මුල් සබැඳිය මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!