spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට අවමන්සහගත පරාජයක්

පුවත්

විදෙස්

එංගලන්තය සමඟ පැවැති විස්සයි – 20 තරඟාවලිය පරාජයට පත්වුව ද අවසන් තරඟය හෝ ජයගෙන ගෞරවය රැකගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (26) අත්විඳීමට සිදුවූයේ අවමන් සහගත පරාජයකි.

ශ්‍රී ලංකාවට ඊයේ පූර්ණ තරඟාවලි පරාජයක් අත්විය. අඛණ්ඩව තුන්වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා නායකයා පළමු තරඟ දෙකේ දී පළමුව පන්දුවට පහරදීමේ තීරණය වෙනස් කරමින් හඹායාම තෝරාගත්තේය.

අවසා‍නයේ දී සිදුවූයේ ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91කින් සෑහීමකට පත්වීමට සිදුවීමයි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි 20 තරඟ ඉතිහාසයේ ලබාගත් සිව්වැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ලකුණු 89කින් තරඟය ජයගත් එංගලන්ත කණ්ඩායම වැඩිම ලකුණු පරතරයකින් ජයගත් තරඟ අතර සිව්වැනි ස්ථානයට මෙම තරඟය පත්කරගත්තේය.

පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ල කළ ධනුෂ්ක ගුණතිලක දෙවැනි පන්දුවෙන් දැවී යමින් පිතිකරුවන් ආපසු නරඹන්නන් බවට පත්වීම ආරම්භ කෙරිණි.

පළමු පන්දුවාර 10 අවසානයේ දී ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුළු 04කට ලකුණු 53ක් ලෙසිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 20 සීමාවට ළඟා වූයේ පන්දු යවන්නකු ලෙස තරඟයට එක්ව සිටි බිනුර ප්‍රනාන්දු (20) පමණි.

වමත් වේග පන්දු යවන්නන් වූ ඩේවිඩ් විලී ලකුණු 27කට කඩුළු 03ක් ද සෑම් කරන් ලකුණු 14කට කඩුළු 02ක් ද වශයෙන් කඩුළු 05ක් ම දවා ගත්හ. වසර 06කට පසු විස්සයි 20 තරඟයකට කැඳවා තිබූ ක්‍රිස් වෝක්ස් තම පන්දුවාර 04 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 09ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත්විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 ක් ක්‍රීඩා කළ එංගලන්ත ආරම්භ පිතුකරුවන් වූ ජොනී බෙයාර්සටේා සහ ඩේවිඩ් මාලන් වමත්-දකුණත් සුසංයෝගය පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 105 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළුණු බෙයාර්ස්ටෝ පන්දු 41 කින් අර්ධ ශතකය ලබා ගන්නා ලද්දේ සිය ඉනිම හතරේ පහයර 5 කින් සහ හයේ පහරකින් අලංකාර කර ගනිමිනි. මොවුන් දෙදෙනාගේ ඉනිම හේතුවෙන් ඉනිමේ හරි අඩක් හෙයවත් පන්දුවාර 10 නිමා වන විට එංගලන්ත ලකුණු පුවරුවට ලකුණු 93 ක් එක්වී තිබිණි.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර කීපයේදී යළිත් සැලසුම් සහගතව පන්දු යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම නිසා ලකුණු 200 සීමාව ඉක්මවා ලීමේ අවස්ථාව එංගලන්තයට අහිමිවූවේය. අවසන් පන්දුවාර 5 දී පන්දු යැවූ චමීර, ලකුණු 76 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වුණු ඩේවිඩ් මාලන්ගේ කඩුල්ලද සමඟ කඩුලු 4 ක් දවා ගනු ලැබුවේ තම පන්දුවාර 4 ම ලකුණු 17 කට සීමා කරමිනි.

විස්සයි-20 තරග පිටියේ ලොව අංක 1 පිතිකරුවා බවට පත්ව සිටින මාලන්ගේ පන්දු 48 කින් සමන්විත ඉනිමේදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් එල්ල කර තිබිණ.  

ඉසුරු උදාන විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ලකුණු 17 ක් උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 180 ක් රැස් කිරීමට එංගලන්ත පිලට හැකියාව ලැබිණ. එංගලන්ත පිතිකරුවන්ගේ දැඩිම ප්‍රහාරයට ලක් වුණු පන්දු යවන්නා වූයේ වනිඳු හසරංග වන අතර ඔහුගේ පන්දුවාරයකට ලකුණු 14 බැගින් ලබා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ.

සුදු පන්දුවෙන් තරග කරන බොහෝ අවස්ථාවන් වලදී වනිඳුගේ පන්දු හමුවේ පිතිකරුවන් ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් කඩුලු ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනු ලැබුවද මෙම තරඟයේ දී ඔහු දැඩි ප්‍රහාරයකට ලක්වීම කැපී පෙණින. ශ්‍රී ලංකාව සතු ප්‍රබලම තුරුම්පුව වන හසරංග දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා අද දිනයේ නායක කුසල් පන්දුවාර 3 ක් පමණක් යැවීම සඳහා උපයෝගී කර ගැනීම විශේෂත්වයක් විය. ඔහුට අමතරව ඉසුරු උදානටද සිය පන්දුවාර 4 දී ලකුණු 55 ක් රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන අඟහරුවාදා (29) රිවර්සයිඩ්හි දී ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!