spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් කොරෝනා එන්නත් පොරයක

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව ජපානයට තට්ටු දමන අතර නේපාලය ඩෙන්මාර්කයෙන් විමසයි, බංග්ලාදේශය ඇමෙරිකාවෙන් ද ආයාචනා කරයි.

මෙවර සිදුවූ විනාශකාරී කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා ඉන්දියාව කොරෝනා එන්නත් අපනයනය නිරත කළ දා සිට දකුණු ආසියාවේ රටවලට ලෝකයේ වෙනත් ‍රටවල් දෙස බලා සිටීමට සිදුව තිබේ.

ලෝකයේ ධනවත් රටවල් ගෝලීය එන්නත් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් තමන් සන්තක කරගෙන සිටින බැවින් ලොව විශලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාව, ‍විකල්පයක් නොමැතිව අසරණව සිටින දුප්පපත් රටවල් වෙතින් ඉවත්ව ගොස් ඇති ආකාරයක් ද පෙනෙන්නට තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ලෝක බලවතුන් ලෝකයේ දුප්පත් රාජ්‍යයන් වෙත එන්නත් බිලියනයක් පරිත්‍යාග කිරීමට කලින් පෙරොන්දු වී සිටි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනයන් අනුව කොරෝනා වසංගතය පරාජය කිරීමට නම් එම රටවලට එන්නත් මාත්‍රා බිලියන 11ක් අවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් බොහොමයක් කොරෝනා වසංගතයෙන් පීඩා විඳීම හේතුවෙන් එන්නත් ලබාගැනීමේ පොරයකට ද පැමිණ තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ‍ලෝකයේ බලවත් රටවල් එන්නත් ලබාදෙන බවට දුන් පොරොන්දු වුව ද ඒ පිළිබඳ ඇති සැබෑ සැළැස්ම අපහැදිලි බවයි. කොරෝනා මර්ධන එන්නත් බලාපොරොත්තුවෙන් සිටින මිලියන ගණනක් ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට එම රටවල් සාධාරණ මැදිහත්වීමක් කරන්නේ යැයි නොපෙනෙන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් මෙම වසරේ දී තම වැසියන්ට එන්නත් ලබාදීම ආරම්භ කළේ ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද එන්නත් සහ ඉන්දියාවේ සේරම් ආයතනයෙන් මිල දී ගත් එන්නත් භාවිතා කරමිනි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනිකා විසින් නිපදවන ලද මේ එන්නත් ඉන්දියාවේ දී දේශීය ව කොවිෂීල්ඩ් ලෙස නම්කර තිබිණි.

මාර්තු මාසයේ දී ඉන්දියාවේ කොරෝනා වයිරසය දැඩිව පැතිරයත්ම අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් එන්නත් අපනයනය කිරීම අවහිර කෙරිණි.  ලෝකයේ දුප්පත්ම රටවලට එන්නත් බෙදාහැරීම අරමුණු කරගත් ගෝලීය වැඩසටහන වන කොවැක්ස් ව්‍යාපෘතිය සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම් සහ බැඳීම් ප්‍රතික්ෂේප කරන ලෙස සේරම් ආයතනයට බල කෙරිණි.

ඉන්දියාවට යාබද නේපාලයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන් මිලියන 1.4ක පමණ පිරිසකට මාර්තු මාසයේ දී ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාවේ පළමු මාත්‍රාව ලැබීමෙන් පසු දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටිති. නේපාල රජය එම ජනතාවට අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපතිවරුන්ගෙන් උදව් ඉල්ලා ඇත.

නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තාරානාත් පොක්රෙල් කියා සිටියේ එම ඉල්ලීම්වලට තවමත් සැළකිය යුතු ප්‍රගතියක් නැති බවයි.

බයිඩ්න් ජනාධිපතිවරයා විසින් පරිත්‍යාග කරන බවට පොරොන්දු වූ එන්නත් මාත්‍රා මිලියන 25කින් මිලියන 07ක් නේපාලය ඇතුළු ආසියාවේ අනෙකුත් රටවල් සඳහා වෙන්කර ඇත. නමුත් නේපාලයේ කත්මණ්ඩු නුවර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙ එන්නත් කොපමණ ප්‍රමාණයක් කවර වේලාවක ලැබේ ද යන්න පිළලිබඳ පැහැදිලි නැති බවයි.

නේපාලය සම්පූර්ණ අඟුළු දැමීමකින් පසුව වුව ද කොරෝනා සඳහා කරන ලද පරීක්ෂණවිලින් තුනෙන් එකක් පමණ කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කෙරෙන තත්ත්වයක් තිබුණ ද රටේ මිලියන 30ක පමණ ජනගහ‍ණයෙන් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත්තේ 1% අඩු ප්‍රමාණයකි.

නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සයිනෝෆාම් එන්නත සඳහා චීන ආධාර ලබාගෙන තිබේ. එහෙත් නේපාලය මෙන් ශ්‍රී ලංකාව ද දස දහස් ගණනකට ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවක් ලබාදීම සඳහා තවමත් බලා සිටින අතර පළමු මාත්‍රාව ලබාගත් ඇතැම් පුද්ගලයන් දැන් එය එන්නත්කරගෙන මාස 04ක් පුරා බලා සිටියි.

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 600,000ක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජපාන තානාපතිවරයා හමුවී ඉල්ලීමක් කර තිබිණි. ජපානය එය පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ආසියාවේ රටවල් සඳහා එන්නත් මාත්‍රා පරිත්‍යාග කිරීමට සැළසුම් කර තිබෙන ජපානය, ශ්‍රී ලංකාවට ද එන්නත් ලබාදීම සම්බන්ධයෙන් කොළ එළියක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ  පවසා තිබේ.

ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් මිල දී ගත් S-Putnic V එන්නත සහා සීනෝෆාර්ම් එන්නත් ලැබුණු පසු සෙසු ජනතාව එන්නත් කිරීමට සැළසුම් කර ඇත.

බංග්ලාදේශයේ කොරෝනා එන්නත් කළමනාකරණ කමිටුවේ ලේකම් ෂම්සුල් හක් පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා එක්සත් ජනපදය වෙත බලාපොරාත්තු තබා සිටින බවයි. බයිඩ්න් පාලනයෙන් මේ සඳහා ඉල්ලීම් කරන බව ද හෙතෙම පවසයි. බංග්ලාදේශයේ ක‍ොරෝනා තවත් රැල්ලක් ආරම්භ වී ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතී.

හක් පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාදුන් මිලියන 1.5ක් පමණ වූ පිරිසකට දෙවැනි එන්නත ලබාදීම ප්‍රමාදවෙමින් පවතින බවයි.

චීනය බංග්ලාදේශයට එන්නත් මාත්‍රා මිලියන 1.1ක් පරිත්‍යාග කර ඇති අතර චීනයෙන් වැඩි එන්නත් තොගයක් මිල දී ගැනීමට බංග්ලාදේශය සාකච්ඡා කරමින් සිටියි. මේ අතර රුසියාවෙන් S-Putnic V ලබාගැනීම ද සිදුකරයි. බංග්ලාදේශයේ සිටින මිලියන 168ක ජනගහනයෙන් මිලියන 4.2ක පිරිසකට පමණක් සම්පූර්ණයෙන් ම එන්නත් ලබා දී ඇත.

Emily Schmall

https://www.nytimes.com/

වෙබ් අඩවියේ නවදිල්ලියේ සිටින දකුණු ආසියානු වර්තාකරු විසින් ලියන ලද ලිපියකි.

Thw New York Times හි පළවූ මුල් ලිපිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!