spot_img
spot_imgspot_img

කොරෝනා සෑදී සුවය ලබන දරුවන්ට මාරාන්තික රෝගයක් කොළඹින් වාර්තාවෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී සුවවන දරුවන්ට පසුව වෙනත් දරුණු අතුරු ආබාධ ඇතිවනබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසයි.

ඔහු පවසන්නේ එලෙස කොරෝනා සෑදී සුවවීමෙන් පසු වෙනත් ආබාධවලට ගොදුරු වූ දරුවන්  06 දෙනෙක් දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. එම දරුවන් වයස අවුරුදු 8ත් 15ත් අතර අය බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ කොරෝනා ආසාදනය වී සති 2-6ක් අතර කාලයක් ගත වූ පසු දරුවන් මෙම අතුරු ආබාධවලට ගොදුරුවන බවයි.

එම දරුවන්ට උණ, දැඩි ඇඟපත වේදනාව, බඩේ අමාරුව, පාචනය, වමනය, ඇස් රතුවීම, සිරුරේ දද වැනි ස්වභායක් හටගැනීම දක්නට ලැබෙන බවත් හෘද වස්තුවට බලපෑම් වී රුධිරපීඩනය අඩුවීමෙන් දරුවන් මියයාමේ අවදානමක් ඇති බවත් විශේෂඥ වෛද්‍ය කිතුල්වත්ත සඳහන් කරයි.

වෛද්‍යවරයා පවසන්නේ මෙම රෝග තත්ත්වය පසුගිය 2020 අප්‍රේල් මාසයේ දී එංගලන්තයෙන් පළමු වරට හඳුනාගත් බවයි.

වෛද්‍ය කිතුල්වත්ත වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මෙය ඉතාමත් භයානකයි. මාරාන්තික තත්ත්වයකට පත්විමේ අවදානමක් තිබෙනවා. එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා වෙලා තියෙනවා. දරුවන් මේ රෝගී තත්ත්වයෙන් මියගොස් තිබෙනවා. දැනට වාර්තාවූ දරුවන් 06 දෙනාම කොළඹ අවටින් වාර්තා වූ අය.”

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවකු බදුල්ල රෝහලෙන් ද වාර්තා වූ බවයි. ඔහු මේ වනවිට සුවය ලබා ඇත.  

මෙම රෝගය රට පුරාම දැනටමත් ව්‍යාප්තවී තිබිය හැකි බව ද විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!