spot_img
spot_imgspot_img

වෙසක් සතියේ සංචරණ සීමා බලපැවැත්වෙන අයුරු

පුවත්

විදෙස්

ලබන සිකුරාදා (21) සිට මුළු දිවයිනටම සංචරණ සීමා යළි පනවන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

21 වැනි දා රාත්‍රී 11.00 ආරම්භවන සංචරණ සීමා 25 වැනි දා (අඟහරුවාදා) උදෑසන 4.00 දක්වා බලපැවැත්වේ. ඉන් අනතුරුව එදිනම (25) රාත්‍රී 11.00ට යළි ආරම්භවන සංචරණ සීමා 28 වැනි දා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

මෙම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරතවන අයට හැර නෙත් කිසිවෙකුට නිවසින් බැහැරව යාමට අවසර නැත.

මැයි මස 26 වැනි දින වෙසක් පුන් පොහොය යෙදී ඇති සංචරණ සීමා පනවන මෙම සතිය වෙසක් සතිය ලෙස හැඳින්වේ. රජය ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන නිවෙස්වලට වී ආගමික වතාවත් හා වෙසක් සැරසිළි සිදුකරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!