spot_img
spot_imgspot_img

බදුල්ලේ වෑන් රථයක් පෙරැළී අයෙක් මරුට 10ක් රෝහලේ

පුවත්

විදෙස්

බදුල්ල සිට ග්ලෙන්ඇල්පින් වත්ත හරහා දියනාගල දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (12) සවස මාර්ගයෙන් ඉවතට පෙරැළී රියදුරා එම ස්ථානයේ දී ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල ‍ග්ලෙන්ඇල්පින් වත්තේ පදංචි රාජරත්නම් රාජේන්ද්‍රන් නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන වෑන් රථයකි. මේ අනතුරින් එම වෑන් රථයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිසිය පවසන්නේ වෑන් රථය ග්ලේන්ඇල්පින් මහ වංගුවේ දී නතර කර රියදුරා ඉන් පිටතට පැමිණ ඇති බවයි. මේ අවස්ථාවේ දී රථය පසුපසට ධාවනය වනු දැක ඔහු දිවගොස් එය පාලනය කිරීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වී පහළට පෙරැළීගොස් තිබේ. එම අවස්ථාවේ දී රියදුරා වාහනයට යටවීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඡායාරූප – Accident 1st Facebook පිටුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!