සංචරණ සීමා සරලව තේරුම් ගනිමු

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

කොරෝනා පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වැනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත.

මේ අතර හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අළුයම 4.00 දක්වා අඛණ්ඩව රට පුරා ම සංචරණය අත්හිටුවා තිබේ.

රජය පවසන්නේ අද රාත්‍රී 11.00 සිට හෙට අළුයම 4.00 දක්වාත්, ඉන් පසු හෙට රාත්‍රී 11.00 සිට සඳුදා අළුයම 4.00 දක්වාත් කිසිවෙකුට තම නිවෙස්වලින් පිටතට යාමට අවසරයක් ලැබෙන්නේ නැත. ඉන් පසු මැයි මස 31 වැනි දින දක්වා සෑම දිනක ම රාත්‍රී 11.00 සිට අළුයම 4.00 දක්වා කිසිදු පුද්ගලයකුට තම නිවෙස්වලින් පිටතට යා නොහැක.

නමුත් මේ සීමාව අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරතවූ අයට බල නොපාන බව රජය පවසයි. ඔවුන්ට අවසර පත්‍රයක් වන්නේ තම සේවා ස්ථානයේ හැඳුනුම්පතයි.

මෙලෙස සංචරණ සීමා ක්‍රියාත්මක නොවන අවස්ථාවල දී ද හිතුමතයේ තම නිවෙස්වලින් බැහැරව යාමට අවසරයක් නැති බව රජය දන්වා සිටියි. අත්‍යාවශ්‍ය කාරණයකට හෝ නිවසින් පිටතට යාමට හැකියාව ඇත්තේ එක් නිවසකින් එක් අයකුට පමණි. ඒ සඳහා අවසර ඇත්තේ ද ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනවය.

ජාතික හැඳුනුම්පතේ අවසන් අංක ඉරට්ටේ නම් (0,2,4,6,8) ඉරට්ටේ දිනයක දී ද හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් (1,3,5,7,9) ඔත්තේ දිනයක දී ද එක් පුද්ගලයකුට පමණක් නිවසින් පිටතට යාමේ අවස්ථාව හිමිවෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මෙසේ කීවේය.

අද දිනය මැයි මාසයේ 12 වනදා. අද දිනයේ දී ගමන් කළ හැකි වන්නේ තමන්ගේ හැඳුනුම්පතේ අවසාන අංකය 0,2,4,6 හෝ 8 සඳහන්ව ඇති පුද්ලගයින්ට පමණයි. හෙට 13 වන දිනයේ දී ගමන් කළ හැකි වන්නේ හැඳුනුම්පතේ 1,3,5,7 හෝ 9 ඇති අයට පමණයි. බින්දුව නැමති අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් ලෙස සලකනවා. ඒ අනුව ඉරට්ටේ දිනයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක ගමන් කළ හැකියි.“

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි ව තිබේ.

අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇති සේවාවන් පහත සඳහන් කර ඇත.

  • සෞඛ්‍යය
  • පොලිසිය හා ත්‍රිවිධ හමුදාව
  • අත්‍යවශ්‍ය නිල සංචාරවල යෙදෙන රාජ්‍ය අංශයේ නිලධාරීන්
  • අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හරින්නන්
  • අත්‍යවශ්‍ය සේවා සපයන්නන් (උපයෝගීතා සේවාවන්)
  • පවුලේ ආසන්නතම අයකුගේ අවමංගල්‍යයක් සඳහා (තහවුරු කිරීම අනිවාර්යය වේ)
  • විදේශගතවීම සඳහා
  • විදේශයක සිට පැමිණි අවස්ථාවක
  • ආනයන හෝ අපනයන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් (තහවුරු කිරීම අනිවාර්යය වේ)
  1. පොදු ප්‍රවාහන සේවා භාවිතය – බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ඇත
  2. පෞද්ගලික කුලී රථ සේවා – කාර් සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකි. වෙනත් වාහන සඳහා එය ආසන ධාරිතාවට සීමා වේ
  3. විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්පී ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ්, ටයර් සේවා, තැපැල් හා කුරියර් සේවා සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය යොදාගත යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කළ යුතුය.
  4. රජයේ කාර්යාල – අවශ්‍ය අව කාර්ය මණ්ඩලය යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.
  5. පෞද්ගලික කාර්යාල – අවම කාර්ය මණ්ඩලක් සහිතව කටයුතු කළ හැකි අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්ප ලබා දිය යුතුය
  6. රැස්වීම් – ආයතනයේ සේවකයින් පමණක් උපරිමය පුද්ගලයින් 10කට සීමා කර අත්‍යාවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර ඇත
  7. වැඩමුළු / සම්මන්ත්‍රණ / සන්නාම දියත් කිරීම – නැවත දැනුම්දෙන තුරු පැවැත්වීමට අවසර නැත
  8. අපනයනය අරමුණු කරගත් කර්මාන්ත – ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂක බුබුල යන සංකල්පය ඇතිව ක්‍රියාත්මක කළ යුතුය. බාහිර පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නැත. ආරක්ෂිත ප්‍රවාහන සහ නවාතැන් සේවකයන්ට ලබාදිය යුතුය
  9. සුපිරි වෙළෙඳ සැල්/ සාප්පු සංකිර්ණ / රෙදි පිළි සාප්පු / සිල්ලර වෙළෙඳ සැල් / මූල්‍ය ආයතන (බැංකු / මූල්‍ය සමාගම් / උකස් මධ්‍යස්ථාන ආදිය)  – එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැකියි. පුද්ගලයකුට ඇවිදීමට අවශ්‍ය ඉඩ වර්ග මීටර 1.5ක් ලෙස සැළිකිය යුතුය. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.
  10. කෘෂිකර්මාන්තය – සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකියි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තරයේ අනුගමනය කළ යුතුය.
  11. විවෘත වෙළෙඳ පොළ / පොළවල්/ ආර්ථික මධ්‍යස්ථාන – එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැකියිසියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.
  12. බේකරි, වීදි වෙළෙන්දන්, බාබර් සහ රූපලාවණ්‍යාගාර, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඉදිකිරීමේ ද්‍රව්‍ය වෙළෙඳ සැල්, රෙදි සේදීමේ ස්ථාන, මැහුම්කරුවන් සහ ඇඳුම් මසන්නන්, සන්නිවේදන වෙළෙඳ සැල් හා ඡායා පිටපත් සාප්පු – එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුල්කර ගත හැකියි. පුද්ගලයකුට ඇවිදීමට අවශ්‍ය ඉඩ වර්ග මීටර 1.5ක් ලෙස සැළිකිය යුතුය. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.
  13. ඇවිදින මං තීරු – ඇවිදීමට පමණක් විවෘත වන අතර මහජනයා එක්වීමට අවසර නැත.
  14. සිනමා ශාලා – වසා ඇත
  15. ළමා උද්‍යාන – වසා ඇත
  16. සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ තීර සා – පැවැත්වීමට අවසර නැත
  17. පිහිනුම් තටාක – වසා ඇත
  18. වෙරළ – මහජනයා එක්වීමට අවසර නැත
  19. අවන්හල් – ලබා දී ඇති උපදෙස් අනුව ඕනෑම වේලාවක මුළු ආසන ධාරිතාවෙන් උපරිම 25% පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකියි. සමූහ වශයෙන් ආහාර ගැනීම උපරිම පුද්ගලයින් 08 දෙනෙකුට පමණක් සිමා කළ යුතුය.
  20. අවන්හල් (රැගෙන යන) – සාමාන්‍යයෙන් ක්‍රියාත්මක විය හැකි අතර සෞඛ්‍ය නීතිරීතිවලට තරයේ අනුගත විය යුතුය.
  21. මත්පැන් අළෙවි සැල් – උදෑසන 10.00 සිට රාත්‍රී 6.00 දක්වා පමණක් විවෘතව තැබීමට අවසර ඇත. සෞඛ්‍ය නීති තරයේ පිළිපැදිය යුතුය.
  22. පබ් (Pubs & Bars) – වසා ඇත
  23. කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා – වසා ඇත
  24. ඔට්ටු ස්ථාන – වසා ඇත
  25. ස්පා (SPA) – වසා ඇත
  26. හෝටල් විවේකාගාර (Hotel, Rest houses and Guest houses) – ලබා දී ඇති උපදෙස් අනුව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 25% පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැක

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

‍රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?

ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධ‍ාන මාතෘකා බවට පත්වුණා....

තවත් වෛද්‍යවරයෙක් කොරෝනා හේතුවෙන් මරුට

කුරුණෑගල පළාත් මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොරෝනා ආසාදනය වී අද (18) උදෑසන මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස...

“ආණ්ඩුව ගුරුවරුන්ව රැවැට්ටුවා. 5000ත් නෑ. අමාත්‍ය මණ්ඩලය ගැන විශ්වාසය අවසන්”

ගුරුවරුන්ගේ වැටුපට මාසයකට රුපියල් 5,000ක දීමනාවක් එක්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය පැවසුව ද එවැනි දීමනාවක් එක්කර නැතැයි ලංකා ගුරු සංගමයේ...

මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තා වෙයි. ඔහු ඉදිරියේ...

ගිනිගන්නා ළිං වතුර හොරණ ප්‍රදේශයෙන් හමුවෙයි

හොරණ කෝරළඉම සොයිසා පාරේ පිහිටි පානීය ජලය ලබාගන්නා ළිං කිහිපයකට තෙල් වැනි ගිනි ගන්නා ද්‍රාවණයක් මුසු වී ඇතැයි පොලිසිය පවසයි.

බාර් අරින්න අවසර දී නෑ. කොරෝනා බාර් පොකුරු හැදිමේ අවදානමක්

නිරෝධායන ඇඳිරිනීතය ඔක්තෝබර් 01 වැනි දා දක්වා දීර්ඝ කර තිබිය දී මත්පැන් අළෙවි සැල් විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නැතැයි...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය...

වරාය නගර ආයෝජනයෙන් කොටස් වෙළඳ පොළටත් තල්ලුවක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 24,577ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,801ක් ලෙස සටහන් විය. දිනයේ...

ගාල්ලේ එන්නත් ජාවාරමේ චූදිත දොස්තරට දඬුවම් මාරුවක්. ලිපිය භාරගැනී මඟහරිමින් කට්ටි පනියි

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී බස්නාහිර ඇතුළු පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ ජාවාරම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!