සංචාරක සීමා පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගැන ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි කළ කතාව

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණය මැයි මස 30 වැනි දා දක්වා සීමා කරන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි.

මෙලෙස සීමා පැනවීම ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළ බව ද ඔහු කියා සිටිියේය. .

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක කරන ලද ප්‍රකාශය

කොවිඩ් 19 වසංගතය සමග රට තුළ වර්තමානයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ස්ථාවරය සහ මෙම වසංගත තත්ත්වයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීමට එතුමා සියලු පාර්ශ්වයන් සමග සිදුකළ සාකච්ඡා පිළිබඳව මම ඔබට ගෙනහැර දැක්වීමට සූදානම්.

ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් ලක්ෂ 05ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු අතර, තවත් එන්නත් ලක්ෂ 05ක් රජය  මිලදීගනු ලැබුවා. තවත් එන්නත් 265,000ක් අපට ලැබුණා. ඒ අනුව “ඇස්ට්‍රා සෙනෙකා”  එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට පන්දහසක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

පළමු එන්නත්කරණය තුළ මාත්‍රා නම ලක්ෂ විසි පන්දහසක් (925,000) එන්නත්කරණය සිදු වූ අතර, පසුගියදා ඉන්දියාවේ මතුවූ තත්ත්වය සමග එම එන්නත්කරණ දෙවන මාත්‍රාව සඳහා එන්නත් ලබා ගැනීමේ දී අර්බුදයක් මතු වුණා.

දෙවන එන්නත්කරණය සඳහා “ඇස්ට්‍රා සෙනෙකා” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් පමණ අවශ්‍ය බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. රජය එම මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටිනවා.

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

රුසියානු Sputnik එන්නත ද එන්නත්කරණය සඳහා යොදා ගැනීමට, රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස එන්නත් මාත්‍රා 15,000ක් ශ්‍රි ලංකාවට හිමි වුණා.

Sputnik එන්නත් ක්‍රමවේදය අනෙක් එන්නත් භාවිතා කරන ක්‍රමවේදයට වඩා තරමක් වෙනස් බැවින්, අපගේ සෞඛ්‍ය අංශය නව ක්‍රමවේදය සමග අනුගත වෙමින් ගොතටුව ප්‍රදේශයෙන් එන්නත ලබාදීම ආරම්භ කළා.

එහි දෙවන අදියර යටතේ එන්නත් 85,000ක් නුදුරේදීම ලැබීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් රැසක් මෙම එන්නත්කරණය තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අයුරින්ම අපට ද එන්නත්කරණය තුළින් පවතින තත්ත්වය සාර්ථකව පාලනය කර ගත හැකි බවටත්, ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳවත්, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳවත් ජනාධිපතිතුමා පූර්ණ විශ්වාසය පළ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂයෙන් ඇගයීමට ලක් කෙරුණා.

කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් සමග කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා ජනතාවගේ කැපවීම ද ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.

සියලු ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවෙමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ලෙස එක් රැස්වීමෙන් වැළකීම වැනි සමාජ වගකීම් පිළිබඳ සියලු පුරවැසියන්ගේ අවධානය යොමු කිරීම නිරෝගීමත් ජාතියක් උදෙසා හේතුවන බව ජනාධිපතිතුමාගේ විශ්වාසයයි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම 

වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම සීමාවන් පැනවිමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

රජයේ මෙම වැඩපිළිවෙළ සමග අනුගත වෙමින් රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසයයි.

ස්තූතියි. ”

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!