spot_img
spot_imgspot_img

අනුන්ගේ කිරුළු ගලවන්න ගිය කැරොලයින්ගේ කිරුළ ගැලවෙයි ද ?

පුවත්

විදෙස්

විවාහකර රූ රැජින ලෙස කිරුළු පැළඳූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ ගලවා වෙනත් අයකුට පැළඳවීමට කටයුතු කළ කැරොලින් ජුලීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පිහිටි ලෝක විවාහ රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලයේ අවධානය යොමු වී ඇතැයි මෙරට ප්‍රථම විවාහක රූ රැජින වූ රෝසි සේනානානයක පවසයි.

කොළඹ මහ නගර සභාවේ වත්මන් පුරපතිනිය වන රෝසි සේනානායක මෙම විවාහක රූ රැජින තරඟාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා කිරුළු පැළඳවීම සඳහා ශිරන්ති රාජපක්ෂ සමඟ එක්ව සිටියාය.

“අපි පුෂ්පිකාට කිරුළ පළඳා එම ස්ථානයෙන් ඉවත්ව ගියා. නමුත් ලෝක විවාහක රූ රැජින වූ කැරොලින් ඉන් පසු එතැනට ඇවිත් ඇගේ කිරුළ ගලවා වෙනත් අයකුට පළඳවා තිබුණා. මෙය ඉතාමත් අවලස්සන සහ නොවිය යුතු දෙයක්. ඇය කිරුළට හිමිකම් කීවේ වැරදි ආකාරයෙන් නම් එය පසුව කරන්න තිබුණා. මේ කළ ආකාරයෙන් රටට අපකීර්තියක් අත්වෙනවා. මෙය ජාත්‍යන්තර තරඟයක් නිසා ලෝකයම මේ ගැන අවධානයෙන් සිටියා. ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සංවිධානය කරන ඇමෙරිකා සංවිධායක මණ්ලයේ පවා මේ පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා.”

පුෂ්පිකා මේ අවසන් ජයග්‍රාහිකාව දක්වා පැමිණි කාලයේ දී ඇය සම්බන්ධ විරෝධයක් තිබුණා නම් ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමට ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව ද රෝසි සේනානයක පවසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් රෝසි සේනානායක පුෂ්පිකා ද සිල්වා වෙත සිය කණගාටුව පළ කර තිබේ.

මේ වනවිට ලැබෙන තොරතුරු අනව දැනගන්නට ඇත්තේ කැරොලයින් ජූලිගේ ක්‍රියකලාප සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවේ දී ඇතැම් විට ඇයට හිමිව ඇති ලෝක විවාහක රූ රැජින කිරුළ ද අවදානමකට ලක්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!