spot_img
spot_imgspot_img

ආනයනික ආහාරවල විෂ ඇති කතාව බොරුවක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

පුවත්

විදෙස්

මෙරටට ආනයනය කරනු ලබන ආහාරවල විෂ රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ අඩංගු බවට ඇතැම් පිරිස් විසින් කරගෙන යනු ලබන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය පවසයි. ඔවුන් පවසන්නේ මෙරටට ආනයනය කරනු ලබන සියලුම ආහාර වර්ග විෂ රසායනික අඩංගු වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂාවට ලක්කරන බවයි.

මේ පරීක්ෂණවලින් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත නම් පමණක් එම ආහාර ද්‍රව්‍ය මුදාහැරීමට අවසර ලබා දෙන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ආනයනික මාංශමය ආහාර සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල දී ආසනික් ඇතුළු බැර ලෝහ පවා පරපීක්ෂාවට ලක්කරන බවත් එහි දී විකිරණ පරීක්ෂණයක් ද සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රකාශකයකු පවසයි. එබැවින් ආනයනය කරන ලද ආහාරවල විෂ රසායනික සුළු වශයෙන් හෝ තිබිය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව හෙතෙම පෙන්වාදෙයි.

එසේ වුව ද ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කිරීමෙන් පසු ගබඩා කිරීමේ දී, ප්‍රවාහනයේ දී හා යළි ඇසුරුම් කිරීමේ දී සිදුවන වෙනස්කම්වල දී ඇෆ්ලාටොක්සීන් වැනි විෂ රසායනික එකතුවීමට ඉඩ ඇති බව ද ආහාර පාලන ඒකකය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පසුගිය දිනක කියා සිටියේ මෙරට ඇති ආහාර ද්‍රව්‍ය කිහිපයක ම පිළිකාකාරක ඇති බවයි. එමෙන්ම සමාගම් බිඳ වැටෙන බැවින් එම සමාගම්වල නම් හෙළි නොකරන බව ද ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!