spot_img
spot_imgspot_img

විද්‍යාත්මක ක්‍රමයට හැදූ සහල් ගබඩා හිස්. කෝටි ගණනක් අ‍පතේ

පුවත්

විදෙස්

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි ගණනක් වැයකරමින් ඉදිකළ විද්‍යාත්මක සහල් ගබඩාවල 2012 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් 31 දක්වා සහල් ගබඩා කර නැතැයි විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

මෙහි ගබඩා කර ඇත්තේ විද්‍යාත්මක ගබඩා සකසා ඉන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බැලීම සඳහා ගබඩා කරන ලද සහල් මෙට්‍රික් ටොන් 661ක් පමණි.

අහාර දෙපාර්තමේන්තුව සතුව ඇති ගබඩා 120ක් අතරින් ගබඩා 06ක් රුපියල් කෝටි 29කට අධික මුදලක් (රුපියල් 292,311,945.00) වැය කරමින් විද්‍යාත්මක ගබඩා බවට පත්කර ඇත්තේ 2012 වර්ෂයේ දී ය. ඉන් පසු එහි ගුණාත්මක බව පරීක්ෂා කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 661ක් තැන්පත් කර ඇති අතර එම තොගය ගබඩා කිරීමෙන් පසු වස 07ක් ගතවනතුරු සහල් සංචිත එහි පවත්වාගෙන ගොස් නැත.

විශේෂ විගණන වාර්තවේ දක්වා ඇත්තේ සහල් ගුණාත්මක බවින් යුතුව වර්ෂයකට හෝ ඊට ආසන්න කාලයක් ගබඩා කිරීමට හැකිවන අයුරින් මෙම ගබඩා නවීකරණය කර ඇති බවයි. එමෙන්ම රටේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම, හදිසි ආපදා අවස්ථාවක දී භාවිතයට ගැනීමට ප්‍රමාණවත් සහල් තොග පවත්වාගෙයන යාම යන අරමුණු ඉදිරිපත් කරමින් මෙම ගබඩා නවීකරණය කර තිබේ. විද්‍යාත්මක ගබඩා 06 හි ධාරිතාව සහල් මෙට්‍රික් ටොන් 34,300කි.

මෙම ගබඩා අතිරින් වේයන්ගොඩඩ ගබඩා පරිශ්‍රයේ අංක 09 සහ 10 ගබඩා නවීකරණය කර 10 ගබඩාවේ පමණක් මෙට්‍රික් ටොන් 661.56ක් ගබඩා කර ඇත්තේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම ගබඩාවල සාර්ථකත්වය පරීක්ෂා කිරීම සඳහාය. එම නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත් ගබඩාවේ මාස 15කට අධිික කාලයක් එම සහල් තොගය පළිබෝධ හෝ දිලීරවල බලපෑමකින් තොරව පවත්වාගෙන ගිය බවත් සඳහන් කරමින් කරන ලද ඉල්ලීමකට අනුව තවත් ගබඩා 05ක් සංවර්ධනය කිරීම සඳහා 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!