spot_img
spot_imgspot_img

කොරෝනා එන්නත ගැන ඇත්තේ වැරදි මත බව මහාචාර්ය නීලිකා මලවිගේ කියයි

පුවත්

විදෙස්

කොරෝනා එන්නතෙන් වඳ භාවය ඇතිවීම අතුළු අහිතකර ප්‍රතිඵල ඇතිවන්නේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන කතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මෙරට ජනතාවට ලබාදුන් ‍ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද ඇය පවසන්නීය.

“මේ එන්නත්වලට ලංකාවේ ජනතාවගේ ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරගෙන යනවා. ඒ කියන්නේ ප්‍රතිදේහ කොහොමද හැදෙන්නේ කියලා. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ විතර රුධිරය අරගෙන ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් ගතවී තිබෙනවා. අප කළ නිරීක්ෂණ අනුව  දැනට හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා කිව හැකියි. නමුත් එන්නත්කරණය ගැන සමාජ ජාල මාධ්‍යවල ඉතාමත්ම වැරදි මත පැතිරෙනවා. එකක් තමයි වඳ භාවය ඇති වෙනවා කියලා. ඒ වගේ කතාවක් කොහෙන් ආවද කියලා හිතාගන්නත් බෑ. ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

කොවැස්ක් පහසුකම යටතේ ඊයේ මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් 264,000 අද (08) සිට කොවිඩ් ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙත ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!