spot_img
spot_imgspot_img

“මානව හිමිකම් කවුසිලයත් අපේ රජයත් ප්‍රායෝගික නෑ” – 43 වැනි සේනාකය කියයි

පුවත්

විදෙස්

එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය වෙනුවෙන් එහි මහකොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාව පිලිබඳ ඇති නිර්දේශ මෙරට දේශපාලන වියවුල් සහගත බව තවදුරටත් තීව්‍ර කරමින් රටේ ජන ජීවිතය අසහනයට පත්කරන ඒවා බව 43 වැනි සේනාංකය පවසයි.

ඔවුන් පවසන්නේ මතුවී ඇති මානවහිමිකම් ගැටලුව සම්බන්ධයෙන් මහකොමසාරිස්වරියගේ පාර්ශවය සහ ජනාධිපපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු රජයේ පාර්ශවය ද කටයුතු කරන්නේ එක හා සමාන ප්‍රයෝගික නොවන සහ ආවේගකර ආකාරයකින් බවයි.

තම රටේ ආරක්ෂාව වෙනුවේන දිවි පරදුටව තබා කටයුතු කළ ත්‍රස්තවාදයෙන් රට මුදවාගත් හමුදාවකට දඬුවම් දීම ආත්ම ගරුත්වයක් ඇති කිසිම සමාජයක් ඉවසන්නේ නැත. මේ සඳහා ජාත්‍යන්තර උදාහරණ පවා ඕනෑ තරම් තිබේ.

කොමසාරිස්වරියගේ පාර්ශවය මේ යථාර්ථකය සාහසික ලෙස අමතක කර ඇත. අනෙක් අතට මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සම්බන්ධයේන සාමාජික රටකට පැවරී ඇති වගකීම නොසළකමින් අවම මානව හිමිකම් සහතික කිරීම පවා උද්ධච්ඡ ලෙස පැහැර හරිමන් තමන්ට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින්නේය යන සුපුරුදු ප්‍රබන්ධය මතුකරමින් එකිනෙක ප්‍රතිවිරුද්ධ අදස් ප්‍රකාශ කරමින් ලෝකය රැවටීමෙන් කාලය ගත කළ හැකියැයි කල්පනා කරන ආණ්ඩුවේ අඳබාල හැසිරීම හේතුවෙන් රට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික අරබ්දුයක් කරා ඇද දමා ඇත.

කොමසාරිස්වරියගේ නිර්දේශවලින් කියා ඇත්තේ ශ්‍රී ලංක රාජ්‍යයට එරෙහිව මානුෂීය නීතිය හා මානවහිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එමගින් මානවහිමිකම් කඩ කර ඇතැයි තහවුරු කෙරෙන හමුදා නිලධාරීන්ට දඬුවම් කළ යුතු බවයි. මෙය ඇගේ වාර්තාවේ ඇති නිර්දේශයක් වන අතර සංක්‍රාන්ති යුක්තියට අදාළ වන සහජීවනය යන වැදගත් නිෂ්ඨාව මෙරට තහවුරු කිරීමට එය බාධාවක් ද වෙයි. යුද්ධයේ අනෙක් ප්‍රධාන පාර්ශවකරුවා වන ත්‍රස්වාදී සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානය මගින් කරන ලද මානවහිමිකම් උල්ලංඝනය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් කිරීමේ හැකියාවක් මේ වනවිට නොමැති තත්ත්වයක දී එක් පාර්ශවයක් පමණක් තෝරා දඬුවම් දීමෙන් ඇතිවන්නේ ජන කොටස් අතර වෛරය කෝපය වැඩි වී තවත් දරුණු ලෙස සංහිඳියාව බිඳී යාමය. කොමසාරිස්වරියගේ නිර්දේශ අප්‍රායෝගික හා පක්ෂග්‍රාහී වන්නේ එබැවිනි.

2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වීමෙන් පසු රටේ ජනවර්ග අතර සංහිඳියාව බි‍ෙඳෙන සැළකිය යුතු සිද්ධීන් කිසිවක් වාර්තා වී නැති අතර අත්අඩංගුවට ගත් 12,000ට අධික කොටි සාමාජිකයන් නිදහස් කර සාමාන්‍ය ජන ජීවිතය කරා මුදාහැර ඇත. ඔවුන් අතින් සිදු වූ මානවහිමිකම් කඩවීම ගැන රටක් ලෙස අප දැනටමත් සමාව දී එය අමතක කර තිබේ. සැබෑ සහජීවනයක් ඇතිකරගැනීමට නම් අප යා යුත්තේ එම මාර්ගයේය

ඒ අනුව 43 වැනි සේනාංකයේ මතය වන්නේ රටේ ජන කොටස් අතර දීර්ඝකාලීන සහජීවනයක් ඉලක්ක කර ගනිමින් අතීතය අමතක කරමින් අන්‍යොන්‍ය සමාව දීමේ ක්‍රියාවලියකට අප අවතීර්ණ විය යුතු බවයි. යුද්ධයට අදාළව තවදුරටත් අත්අඩංගුවේ සිටින ඉතිරි එල්ටීටීඊ සාමාජිකයන්ට සහ හමුදා නිලධාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් මේ පියවර අනුගමනය කළ හැකිවේ. අවාසනාවකට කොමසාරිස්වරිය මෙන් ම වත්මන් ආණ්ඩුව ද මේ ක්‍රියාමාර්ගය සසඵල කරගැනීම සඳහා උත්සාහ දරණ බවක් නොපෙනේ. මානවහිමිකම් කොමසාරිස්වරියගේ අප්‍රායෝගික පක්ෂග්‍රාහී නිර්දේශ අප ප්‍රතික්ෂේප කරන අතර යුද්ධය බොරු කුමන්ත්‍රණ න්‍යායන් සමාජගත කරමින් මානව හිමිකම් කඩ කිරීමේ අවසරයක් වත්මන් ආණ්ඩුවට නැති බව ද අප අවධාරණය කරමු.

(43 වැනි සේනාංකය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!