spot_img
spot_imgspot_img

ඉබෝලා යළි මතුවෙයි

පුවත්

විදෙස්

ගිනියාවේ ඉබෝලා රෝගයෙන් පුද්ගලින් තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ගිනිකොණදිග කළාපයේ නෙසරෝකෝ නගරය ආසන්නයෙන් මෙම මරණ වාර්තා වී ඇති අතර තවත් පස් දෙනකුට ද රෝගය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබේ.

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ පිරිසක් අතරින් මෙම ආසාදිතයන් වාර්තා වී ඇත.

2016 වසරෙන් පසු ගිනියාවෙන් ඉබෝලා මරණ වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බව බලධාරීහු පවසති.

ගිනියාවේ ජාතික සෞඛය ඒජන්සියේ ප්‍රධානී වෛද්‍ය සකෝබා කීටා කියා සිටියේ රෝගින් හඳුනාගැනිම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

2013 වසරේ සිට 2016 කාලය දක්වා ව්‍යාප්ත වූ ඉබෝලා රෝගයෙන් ගිනියාවේ 11,000කට වැඩි පිරිසක් මියගියහ.

පසුව හඳුන්වාදුන් ඉබෝලා එන්නත් හේතුවෙන් රෝගය මර්ධනය විය.

චිම්පන්සින්, පළතුරු වවුලන් සහ ඇන්ටිලෝප් ඇතුළු ආසාදිත සතුන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් ඉබෝලා රෝගය මිනිසුන්ට ආසාදනය වේ.

ආසාදිත රුධිරය, ශාරීරික තරල හෝ අවයව සමග සෘජුව සම්බන්ද වීමෙන් හෝ රෝගකාරක සහිත දූෂිත පරිසරය සමග වක්‍රව සම්බන්ද වීමෙන් එය මිනිසුන් අතර ව්‍යාප්ත වේ.

ආසාදිත පුද්ගලයන්ගේ මළ සිරුරු වලින් ද රෝගය බෝවන බව සොයාගෙන තිබේ.

https://www.bbc.com/news/world-africa-56060728

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!