spot_img
spot_imgspot_img

කොරෝනා අධි වසංගත තත්ත්වයක් ? රටේ තත්ත්වය ගැන අවබෝධයක් නෑ

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ අධි වසංගත තත්ත්වයක් කරා ගමන්කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගය පැතිරීම පාලන කරගත නොහැකි තත්ත්වයකට පත්වෙමින් පවතින අතර දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීම 7.2% දක්වා වැඩි වී තිබේ. ඇතැම් ප්‍රදේශවල මෙම වාර්තාවීම 30% දක්වා වැඩිවී තිබෙන ආකාරය ද නිරීක්ෂණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ මේ වනවිට අඩු වයස් පුද්ගලන් මියයාමේ ප්‍රවණතාක් ද මේ වනවිට දක්නට ලැබෙන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපි කොරෝනා අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අත්තටම මේක අලුත් ප්‍රභේදයක්දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකායේ ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්වුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදුවෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවාද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා ? ඒක දැන්ගන්න අපිට පහසුකම් තියෙනවාද ? එකක්වත් නැහැ. දැන්ට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බැහැ“

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්තවීම සම්බන්ධයෙන් රටතුළ නිසි අවබෝධයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!