spot_img
spot_imgspot_img

PCR ප්‍රතිඵල ලැබීමට පෙර කරාපිටිය ශල්‍යාගාරයට ගිය හෙදිය ආසාදිතයි

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ‍කොරෝනා ආසාදිතයකුට ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ගන්නා ලද පීසීආර් පරීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබීමට පෙර යළි සේවයට වාර්තා කළ හෙදියක ආසාදිතයකු බව තහවුරු වීම හේතුවෙන් C&D ශල්‍යාගාරවල කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇත.

මෙම හෙදිය බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ බටහිර පදිංචිකාරියකි. ඇය පසුගිය ජනවාරි 19 වැනි දා ආසාදිත අයකුට ආශ්‍රිත වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබිණි. නිරෝධායනය අවසන් කර බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරගත යුතු වුව ද පසුගිය 06 වැනි දා බද්දේගම පීසීආර් පරීක්ෂණ සිදු නොකළ බැවින් ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත.

ඇයගෙන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයක් සඳහා කොළඹ යවා තිබිණි. මේ බව දැනගත් හෙදිය 07 වැනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතා පවසා ඇත්තේ තමන් රසායනාගාරය කතා කළ බවත් තම PCR පරීක්ෂණ ප්‍රතිඵල සෘණාත්මක බැවින් තමන් එදින (07) රාත්‍රී සේවයට වාර්තා කරන බවයි. ‍පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන ලෙසත් නිරෝධායනය අවසන් වූ බවට සහතිකය ද රැගෙන සේවයට යන ලෙසත් ඇයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් උපදෙස් ලබා දී ඇතත් එය නොතකා මෙම හෙදිය 07 රාත්‍රී වැඩමුරය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එසේ වුව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇය සේවය කළ අංශයේ හෙදියන් පවසනනේ තම සහෝදර හෙදියට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් නිරෝධායන සහතිකයක් නිකුත් කර ඇති අතර එම සහිතකය ද රැගෙන එම හෙදිය සේවයට පැමිණ ඇති බවයි. ඔවුන් චෝදනා කරන්නේ මෙම හෙදිය සේවයට පැමිණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වරද හේතුවෙන් මිස අගේ වරදිකන් නොවන බවයි.

08 වැනි දා ඇය රාජකාරී නිමවා නිවසට ගොස් සිටිය දී දැනගන්නට ලැබී ඇත්තේ පීසීආර් වාර්තාව අනුව ඇය ආසාදිත බවයි. ඇය ආසාදිත වීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇය සමඟ ආශ්‍රිත වූ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් නිරෝධායයට යොමු කර තිබේ.

මෙම සිද්ධියේ දී බරපතල කරුණු දෙකක් පැන නැගී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති. පසුගිය 19 වැනි දා ආශ්‍රිත වී නිවසේ ස්වයං නිරෝධායනය අවසන් කළ ඇය 06 වැනි දා එනම් දින 18කට පසු ලබාගත් පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු බව තහවුරු වීමයි. එය කොරෝනා වයිරසයේ හැසිරීම පිළිබඳ දැනට සෞඛ්‍ය අංශ දරණ මතය අභියෝගයට ලක්වීමකි. අනෙක් කරුණ නම් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියක වූ ඇය පීසීආර් පරීක්ෂණයක් සඳහා තම ජෛව සාම්පල ලබා දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සේවයට වාර්තා කළේ කෙසේ ද යන්නයි.

තම පීසීආර් පරීක්ෂණය පිළිබඳ තොරතුරු රසායනාගාරයෙන් ලබාගත් බව පවසමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් නොතක ඇය සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් හෙට (10) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට පැමිණිලි කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!