spot_img
spot_imgspot_img

දකුණේ පාසල් දරුවන් බිලිදෙන කැකිල්ලේ රජුගේ විභාගය

පුවත්

විදෙස්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පවා පැවැත්වීමේ ගැටලුකාරී තත්ත්වයක් තිබිය දී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දකුණේ සිසුන් සඳහා පැවැත්වීමට දින නියම කර ඇති විභාගය දරුවන් කොරෝනා වසංගතයට බිලි දී හෝ පැවැත්වීමේ කැකිල්ලේ තීන්දුවක් ක්‍රියාත්මක වෙමින් පවතී.

නව පාසල් වාරය සඳහා පාසල් පෙළ පොත් ලබා දීමට පෙර දකුණේ සියලු පාසල්වලින් දරුවන්ට දී තිබූ පෙළ පොත් එකතුකරගන්නා ලදී. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ කිසිදු විභාගයකින් හෝ වෙනත් ආකාරයක පරීක්ෂණකින් තොරව සියලු පාසල් සිසුන් ඉහළ පන්තිවලට සමත් කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය එසේ පවසද්දී වෙනත් කිසිම පළාතක නොමැති ආකාරයට දකුණු පළාත් සභාවේ විභාගයක් සංවිධානය කරන්නේ කවරකුගේ වුවමනාවට ද යන්න පැහැදිලි නැත.

කොරෝනා වසංගතයට මේ වනවිට පාසල් සිසුන්, ගුරුවර ගුරුවරියන් බිළිවෙමින් පවතී. දකුණේ ඇතැම් විදුහල්පතිවරු හොර පාරේ ගොස් සෞඛ්‍ය සේවකයන් ලෙස පෙනී සිටිමින් කොරෝනා එන්නත ලබාගත් පමණින් වසංගතය පාසල්වලට නොපැමිණෙන්නේ නැත.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර තිබෙන්නේ පසුගිය 2020 නොවැම්බර් මා‍සයේ දී ය. අපට වාර්තාවන පරිදි මේ විභාගය පිටුපස ඇත්තේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට වැය වූ මුදල් පියවීමේ අවශ්‍යතාවක් හා ඒ සඳහා කොමිස් ලබාගැනීමේ අවශ්‍යතාවකි. ඒ සඳහා අධ්‍යාපන බලධාරීන් දරුවන් බිල්ලට දෙන්නේ රුපියල් ශතවලට ඇති ආශාව නිසා විනා දරුවන් ඇගයීම සඳහා නොවේ. දරුවන්ගේ තත්ත්වය ඇගයීමටනම් එය පන්තිකාමරයේ ගුරුවරුන්ට භාර දී සිදුකරන වැඩපිළිවෙලක් ඔස්සේ කරගැනීමට ඕනෑතරම් ඉඩකඩ තිබේ. එකවිට පවත්වන විභාගයක් ඒ සඳහා අවශ්‍ය නැත.

මේ විභාගය සඳහා පාඩම් කරන්නට තම දරුවන්ට පසුගිය වසරේ පෙළපොත් නොමැති බව දෙමාපියන් පැවසූ විට අධ්‍යාපන බලධාරීන් පවසා ඇත්තේ අන්තර්ජාලයේ පෙළ පොත් සියල්ල තිබෙන බැවින් ඒවා භාගත කරගන්නා ලෙසයි. මෙය කැකැල්ලේ රජ්ජුරුවන්ගේ තීරණය වැනිය.

‍මේ වනවිට පාසල්වල පන්ති පිටින් නිරෝධායනයට යොමුකර තිබෙන තත්ත්වයක් දකුණේ දක්නට ලැබේ. කිසිදා සමාජයට නොගිය වයස අවුරුදු 102ක් වූ කාන්තාවක් ද ගාල්ලේ නිවසක මියගොස් සිටියාය. කොරෝනා නිවෙස්වලට ම පැමිණ තිබේ. දිනකට දකුණෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100කට ආසන්නව නිල ලේඛනවල දක්නට ලැබෙන අතර නිසි පරිදි පරීක්ෂණ සිදුවන්නේ නම් එය දෙතුන් සීයක් වනු ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මරණ 20ක්, මාතර 10ක් හා හම්බන්තොට 01ක් වශයෙන් මරණ 31ක් දකුණේ සිදුව ඇති අතර තවමත් රජයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ මරණ 05ක් පමණි. මේ නිසා දකුණේ ජනතාවට අවධානය තේරුම් ගැනීමෙට ලැබෙන්නේ නැත.

පාසල් සිසුන් කොරෝනා වසංගතයට බිලි දෙමින් හෝ ප්‍රශ්න පත්‍ර මාෆියාවෙන් මුදල් ගැරීමට උත්සාහ ගන්නා අධ්‍යාපන බලධාරීන්ට තමන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ ආකාරය ද මේ අවස්ථාවේ සිහිපත් කර දිය යුතුය. දකුණේ ආණ්ඩුකාරවරයා සමඟ අධ්‍යාපන බලධාරීන් පැවැත්වූ රැස්වීමකට පසු ආණ්ඩුකාර විලී ගමගේ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවේන අධ්‍යාපන බලධාරීන් විශාල පිරිසක් නිරෝදායනයට යොමුකර තිබිණි. ඔවුන්ට පීසීආර් පරීක්ෂණ පවා සිදුකෙරිණි. දැන් ඔවුන් ඉන්නේ සතුටිනි. ඒ තම පීසීආර් පරීක්ෂණ සෘණාත්මක වූ බැවිනි. නමුත් ඔවුන් ආරක්ෂිතය. ගුරුවරයකුට අධ්‍යාපන අමාත්‍යාංශයට, දෙපාර්තමේන්තුවට, කලාප හෝ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයකට ගොස් නිලධාරියකු හමුවීමට නොහැක. ඒ බලධාරීන් කොරෝනා මාරයාගෙන් උපරිම ආරක්ෂාව සළසාගෙන ඇති බැවිනි. නමුත් ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින අහිංසක සිසු දරු දැරියෝ තවමත් අතුරු ආබාධ නොදන්නා වයිරසයක බිල්ලක් බවට පත්කිරීමට ඊනියා විභාගයක් අටවානෙ තිබෙන්නේ ඔවුන්ගේ අයවැය පියවාගැනීමටත්, තමන්ට ලැබෙන කුට්ටිය වෙන්කරවාගැනීමට හා අනවශ්‍ය වියදම් සම්බන්ධයෙන් විගණන දෙපාර්ත‍මේන්තුවට දීමට සිදුවන වගඋත්තරවලින් ගැලවීමටත්ය.

මේ පිළිබඳ අප දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ රංජිත් යාපාගෙන් විමසූ විට කියා සිටියේ මේ විභාගය පිළිබඳ දැඩි විරෝධයක් මතුව ඇති බැවින් අද (08) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

3 COMMENTS

  1. Great u have given points well since the day when I know this so called exam I directly against it and share a post well said

  2. අනේ විභාගය තියන්න එපා. අපිට පොත් නැහැ පාඩම් කරන්න . විභාගය තියන්න එපා

  3. Thanks for giving your concern to this matter. We totally diagree with conducting exams. They are going to mess up this year too. Please let us teach the relevant things for the first term

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!