-0.4 C
New York
Home Blog Page 1309

24 පැයේ ලෝකය

0

කොරෝනා සහ චීන ආර්ථික වර්ධනය

ලෝකයේ බොහෝ දෙනා තවමත් කොරෝනා වසංගතය සමඟ පොරබදිමින් සිටින අතර චීනය විශ්වාස කරන්නේ වයිරසය තදින් පාලනය කළ විට ආර්ථිකය වේගයෙන් ප්‍රකෘත්ති තත්ත්වයට පත්කළ හැකි බවයි. ඉදිරි මාසවල දී චීන ආර්ථිකය නැවත වර්ධනය විය හැකියි.
පසුගිය වසරට සාපේක්ෂව ගත වූ ජූලි-සැප්තැම්බර් කාලයේ දී චීනයේ ආර්ථිකය සියයට 4.9 කින් වර්ධනය වී ඇතැයි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳුදා නිවේදනය කරන ලදී, මෙය ලෝකයේ විශාලතම ආර්ථික වර්ධනය. එම තත්ත්වය කොරෝනා වසංගතය ඇතිවීමට පෙර තිබූ තත්ත්වයට යළි චීන ආර්ථිකය ගෙන ඒමට සමත්වනු ඇතැයි අපෙක්ෂා කරන්නක්.
සන්දර්භය
වසංගත කාලයේ දී චීන සමාගම් ලෝක අපනයන ක්ෂේත්‍රය සඳහා පාරිභෝගික භාණ්ඩ රැසක් නිෂ්පාදනය කරමින් තිබේ. ඒ් අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, පුද්ගලික ආරක්ෂණ උපකරණ සහ අනෙකුත් උපකරණ සඳහා වසංගත කාලයේ දී දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ. එමෙන්ම ඉදිකිරීම් කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සිදුවෙයි. අවසානයේ දී මේ සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇති.

යුරෝපය ආරක්ෂාකිරීමට දැඩි උත්සාහයක්

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ උත්සාහයක් ලෙස යුරෝපා රටවල් සඳුදා (19) නව සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ වනවිට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි හතරක් ඉක්මවා ඇත.
ආර්ථික වශයෙන් ඉතා හානිදායක වූ අඟුළු දැමීමක් වළක්වාගැනීමට සියලු රටවලට අවශ්‍යව තිබේ. එබැවින් නව සීමාවන් වඩාත් නිවැරදි ලෙස පැනවීම සිදුකරයි. ජනතාව වැඩිපුර රැස්වන වීදි සහ එළිමහන් ප්‍රදේශ වසා දමන ලෙස ඉතාලි අග්‍රාමාත්‍යවරයා නගරාධිපතිවුරුන්ට අවසර ලබ දී තිබේ.
ප්‍රංශය පුරා නගර නවයක ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අතර ස්ලෝවේකියාව දින 30ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලදී. සිකුරාදා සිට නොවැම්බර් 09 වැනි දා දක්වා වේල්සය අඟුළු දැමීමකට සූදානම්ව සිටියි.
යුරෝපයේ වයිරසය පාලනය කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය හා සන්සන්දනය කිරීමෙන් පසු යුරෝපයේ ඇතිවී තිබෙන කනස්සළ ස්වභාවයේ නවතම සංඥා ලෙස ඒ සියල්ල හැඳින්විය හැකියි.
ශීත සෘතුවේ ආරම්භයත් සමඟ වයිරසය නැවත පැතිරයාම වර්ධනය වනු ඇතැයි විද්‍යාඥයන් ඉතා දීර්ඝ කාලයක සිට අනතුරු අඟවා තිබිණි.
යුරෝපයේ කෞතුකාගාර නැවත විවෘත කර තිබේ. නමුත් අමුත්තන් නැවත පැමිණ නැත. ආයතන වාර්තා කරන්නේ පසුගිය වසරේ පැමිණි අමුත්තන්ගෙන් තුනෙන් එකක් පමණක් පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් ටිකට් පත් සඳහා වූ පාඩුව පියවා ගැනීමටත් රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නැත.

වෙනත් වැදගත් තොරතුරු
පෝලන්තයේ නියෝජ්‍ය අගමැති හා නිත්‍ය නායක ජරස්ලෝ කැක්සින්ස්කි කොරෝනා ආසාදිත අයකු හා සම්බන්ධ වී ඇතිබව තහවුරුවීමත් සමඟ නිරෝධායන කටයුතු සඳහා යොමුව සිටියි.
ඔ්ස්ට්‍රේලියාවේ මෙල්බන්හි සංචරණ සීමා ලිහිල් කර තිබේ. එබැවින් නිවැසියන්ට කිලෝමීටර 25ක් දක්වා දුරක් ගමන්කිරීමට අවසර හිමිව ඇත. එළිමහනේ සිදුවන සමාජගතවීම් සඳහා එක් නිවසකින් උපරිම දෙදෙනකු වශයෙන් 10 දෙනකුට පමණක් එක්වීමේ අවසරය තිබේ.
බටහිර ඔ්ස්ට්‍රේලියාවේ වරායකට පැමිණි නෞඛාවක සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.
දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලිනි මඛයිස් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් සහ තම බිරිඳ වෛද්‍ය මැයි මඛයිස් දෙදෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. දෙදෙනා ම සම්පූර්ණ සුවය ලබනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

සයිබර් ප්‍රහාර පිළිබඳ ඇමෙරිකාවෙන් රුසියාවට චෝදනා
පියොංචැංහි පැවැති ශීත ඔලිම්පික් උළෙල, පංශයේ මැතිවරණය සහ යුක්‍රේනය අස්ථාවර කිරීම අරමුණු කරගත් 2017 ප්‍රහාරය අතුළු ලොව පුරා ප්‍රධාන සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනෙකුට ඒරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධි චෝදනා ගොනු කරන ලදී.
හිලරි ක්ලින්ටන් අපහසුතාවට පත්කිරීම අරමුණු කරගත් ඊමේල් සොරකම් කිරීමේ සිද්ධියට හා 2016 ඇමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම ආදී සිදුවීම් රැසකට ෆැන්සි බෙයාර් නමින් හැඳින්වෙන මෙම ඒ්කකය වගකිව යුතු බව නීතිඥවරු පැවසූහ.

ලෙබනනයේ හෂීස් නිෂ්පාදනය ඉහළ යයි
ලෙබනනයේ බෙකා නිම්නයේ පිහිටි යමූනෙ නම් ගම්මානයේ සෑම ස්ථානයක ම කංසා වැවෙන අතර ගොවීන් දිගු කලක් තිස්සේ ඉන් විශාල ආදායමක් ලබා ඇත. එහෙත් දශක දෙකකට පමණ පසු යළිත් ඔවුන් හෂීෂ් පිළිබඳ නැවත සළකා බලමින් සිටියි.
ගෝලීය වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය, සිරියාවේ යුද්ධය මෙන්ම, ජාවාරම් කරුවන්ගේ මාර්ග විවෘතවීම මෙම ව්‍යාපාරයේ ලාභය ඔවුන්ට අහිමිකර තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ හා වෙනත් ප්‍රදේශයන්හි කරන ලද නිෂ්පාදන හේතුවෙන් මොරොක්කෝව සහ ඇෆ්ගනිස්ථානයට පසුව ලොව තුන්වන විශාලතම හෂිස් සැපයුම්කරු බවට ලෙබනනය පත්කර තිබේ.


චීනය හා ඇමෙරිකාව අතර සම්බන්ධතා දෙදරයි ද ? – අත්අඩංගුවට පත්ව සිටින චීන ජාතික විද්වතුන්ට ඇමෙරිකා එක්සත් ජනපදය නඩු පවරන්නේ නම් ඇමෙරිකා පුරවැසියන් රඳවා ගන්නා බවට චීනය තර්ජනය කර තිබේ. මෑත කාලයේ දී එක්සත් ජනපදයේ වීසා අයදුම්පත්‍රවල තම චීන හමුදා සම්බන්ධතා අනාවරණය නොකළ සහ ඇමෙරිකා පර්යේෂණ මධ්‍යස්ථානවල හා කාර්මික ස්ථානයන්හි ඔත්තු බැලුවේ යැයි සැකකළ විද්වතුන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

TicTok – පකිස්තාන බලධාරීන් විසින් TicTok සමාජ මාධ්‍ය යෙදුමට පනවා තිබූ තහනම අවලංගු කරන ලදී. පසුගිය ඔක්තෝබර් 09 වැනි දින සිට මෙම තහනම පවරා තිබිණි. පකිස්තානයේ ඇති දේශීය නීතිවලට අනුව තම අන්තර්ගතය සකසන බවට TicTok පොරොන්දු වීමෙන් පසු එලෙස තහනම ඉවත්කර ඇත.

ඉන්දු චීන දේශසීමා – හිමාල කඳුකරයේ මතභේදයට තුඩු දී ඇති මෙතෙක් සළකුණු කර නැති ඉන්දු චීන දේශසීමාව හරහා ගමන් කළ චීන යුද හමුදා කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගත්බව ඉන්දීය හමුදාව පවසයි. නමුත් ඉන්දියාව පවසන්නේ ඔහු ඉක්මණින් මුදාහරින බවයි. ඉන්දියාවත් චීනයත් අතර පසුගිය ජුනි මාසයේ දී විරසකය ඇතිවීමෙන් පසු හමුදා සාමාජිකයකු අල්ලාගත් පළමු අවස්ථාව මෙයයි.

රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් – ෆීජි අගනුවර වන සූවාහි තායිවාන විසින් පවත්වන ලද පිළිගැනීමේ උථ්සවයක් චීනය සහ තායිවානය නියෝජනය කරන නිලධාරීන් අතර විශාල මතබේදයකට හේතුවී තිබේ. තායිවානයේ විදේශ අමාත්‍යාංශයට අනුව චීන තානාපතිවරුන් දෙදෙනකුට පිළිගැනීමේ උත්සවයේ දී ආරාධනා කර නොතිබූ අතර නමුත් අමුත්තන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ දරා තිබිණි.

වියට්නාමයේ නාය යාම – වියට්නාමයේ මධ්‍යම පළාතේ ක්වාං ට්‍රයි හි ඇති වූ නායයාමකින් අවම වශයෙන් හමුදා භටයන් 20 දෙනකු මියගොස් දෙදෙනකු අතුරුදන්ව ඇත. සෝදසි මෙහෙයුම් හා මුදා ගැනීමේ කටයුතු ක්‍රයාත්මක වෙයි. වියට්නාමයේ සාමය පවතින කාලයේ දී හමුදාවේ වැඩිම පිරිසක් මියගිය සිදුවීම ලෙස සළකන්නේ මෙම නායයාමයි.

නස්කා බළලෙක් මතුවෙයි – පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ නස්කා රේඛා සහිත භූමියේ බළලකුගේ රූපයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ. ඔවුන් පවසන්නේ මීටර 37ක් දිගැති මෙම බළල් රූපයේ රේඛාවක පළල සෙන්ටිමීටර 30-40ක් පමණ වන බවයි. එය වසර 2000ක් පමණ පැරණි බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

-Advertisement-

මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී මරුට

0

මාකඳුරේ මදූෂ් වෙඩි වැදීමකින් අද (20) අලුයම මියගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි. ජාවාරම්කරුවන් අත්බෝම්බයක් හා වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බවත් මදූෂ් එයට මැදි වූ බවත් පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනකු ද රෝහල්ගත කර සිටිති.

වැටලීමේ දී පිස්තෝල දෙකක්, හෙරොයින් කිලෝ 22ක් සහ යතුරුපැදියක් සඟවා තිබිය දී හමුවී ඇත.

වසර ගණනාවක් ඩුබායි හි රැඳී සිටි මාකඳුරේ මදූෂ් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 2019 මැයි මස 05 වැනි දා මෙරටට පිටුවහල් කරන ලදී. වසර 1 1/2 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ඔහු පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන ලදී.

-Advertisement-

20 වැනි සංශෝධනයේ කරුණු තුනක් 19 ලෙසට ම යයි ?

0

ඇමතිවරු සීමාව, විගණන පනත හා හදිසි පනත් ගෙන එන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සශෝධනයේ දී වෙනස් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

19 වැනි සංශෝධනයේ සඳහන් ඇමැති මණ්ඩල සීමාව ඒ අයුරින්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීමටත්, ජාතික විගණන පනත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14කින් පසුව ඉදිරිපත් කිරීමටත් යන සංශෝධන ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේ වුවද ජාතික ආරක්ෂාවට හා ආපදා කලමනාකරණයට අදාළ පනත් කෙටුම්පත් දින 7කින් පසුව ගෙනඒමට හැකිවන සේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම සංශෝධන 3 ගෙනඒමට අනුමැතිය ලැබී ඇත.  20 වැනි සංශෝධනයට ගෙනඑන සංශෝධන පිළිබඳව අධිකරණ අමාත්‍ය අල් සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී හෙට (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර 20 වැනි සංශෝධනයට ගෙන එන සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ද දැනුවත් කිරීමට රජය තීරණය කර ඇත.

-Advertisement-

නායයාමකින් හමුදාවේ 11ක් මරුට 11ක් අතුරුදන්

0

වියට්නාමයේ අධික වර්ෂාවෙන් ඇතිවූ නායෑමකින් හමුදා සෙබළුන් 11දෙනකු මියගොස් තවක් 11දෙනකු අතුරුදන්ව අතැයි වාර්තා වේ. මධ්‍යම පළාත වන ක්වෑංග් ට්‍රයි පළාතේ 04වන හමුදා බලසේනාවට අයත් ඒකකයක සෙබළුන් පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇත.එම කඳවුරේ බැරැක්ක ගනනාවක් පස්වලට යටවී ඇත. අතුරුදන්වූ සෙබළුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් අයහපත් කාළගණික තත්ත්වය හේතුවෙන් බාධා එල්ලවී ඇතැයි පැවසේ.පසුගිය සතිය පුරාම වියට්නාමයට අධික වැසි ඇදහැළුණු අතර මේවනවිට ගංවතුර හා නායයෑම් හේතුවෙන් 70කට අධික පිරිසක් මියගොස් තිබේ.  ඉදිරි දින වල තවදුරටත් වර්ෂාව ඇතිවියහැකි බවට ද කාළගුණ අංශ අනතුරු අඟවා තිබේ.ආසන්න තුවා තියෙන් හූ පළාතේ නායයෑමට හසුවූ ජලවිදුලි බලාගාරයක සේවකයින් පිරිසක් මුදවාගැනීමට ගිය සහන සේවකයෝ 13දෙනකු පසුගියදා මියගියහ. ඔවුන්ගෙන් කිහිපදෙනකු ද හමුදා සෙබළුන් බව සඳහන් විය.

-Advertisement-

මුුුුරලි 800 චිත්‍රපටයේ සේතුපතිට ඉවත්වන්න කියයි

0

තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබේ.

සිය චරිතයට පන පොවමින් සේතුපති දක්වන රංගනය හේතුවෙන් ඔහුගේ ඉදිරි වෘත්තීය දිවියට අනවශ්‍ය බලපෑම් එල්ල වනු ඇති බවට තමන්ට හැගී යන බව මුරලිදරන් ඔහුට දන්වා ඇත.

800 චිත‍්‍රපටයේ නිල පෝස්ටරය පසුගිය දා එළිදැක්වුණු අතර ඒ සමග දකුණු ඉන්දියාව තුළ එම චිත‍්‍රපටයට සහ සේතුපතිට දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.

මේ හේතුවෙන් තමන් එවැනි ඉල්ලීමක් කළ බව මුරලිදරන් සඳහන් කර තිබේ. තමන් එම චිත‍්‍රපටයට එකගතාව පළ කළේ එය අනාගත පරපුරට සහ තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සඳහා උත්තේජනයක් ලබාදෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් වුවත්, ඊට රංගනයෙන් දායක වන විජය සේතුපතිට ඉන් අගතියක් සිදුවනු දැකීමට තමන් අකමැති බව මුත්තයියා මුරලිදරන් සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ ලිපියට ප‍්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විජය සේතුපති, මුත්තයියා මුරලිදරන් හට සිය කෘතවේදීත්වය පළ කර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

-Advertisement-

ළමා රෝහලේ දරුවෙකුට හා මවට කොරෝනා

0

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවකුට සහ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුන්දර මහතා කියා සිටියේ මවට හා දරුවාට ඇති රෝග ලක්ෂණ පිළිබඳ තිබූ සැකය හේතුවෙන් ඔවුන් වෙන්කර තබා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගත් බවයි. ඔවුන් වෙන්කර තබා තිබූ බැවින් රෝහල් කාර්ය මණ්ඩලය මේ දෙදෙනාට නිරාවරණය වී නොමැති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

-Advertisement-

ගාලුු කොටුවෙන් මතුවන අතීත ලේ කඳුළු

0
  • අතීත ජනාවාසයක පස් ගෙනවිත් දාලා බැම්ම හදලා
  • එක බැම්මක් ලෙස පෙණුනත් බැමිි තුනක් බැඳලා අතරමැදට පස් පුරවලා
  • යුරෝපීය ජාතීන්ගේ යුද තාක්ෂණය අධ්‍යයනය කරන්න අපූරු තැනක්
  • කාලා දාපු සතුන්ගේ අස්ථි කොටස් පවා තියෙනවා
  • යුද නිලධාරීන් හදාගත්තු ආභරණ, දුම් පයිප්ප පවා හමුවෙනවා

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් වැඩිම දෙනකු
නරඹන්නේ සීගිරි බළකොටුවයි. ඉන් අනතුරුව වැඩිම පිරිසක් නරඹන
ස්ථානය ලෙස නම්වී ඇත්තේ යුරෝපීය ජාතීන් තුනක් විසින් මෙරට
ගොඩනගන ලද ගාල්ල බළකොටුවයි. ලෝකයේ සමුද්‍රාසන්නයේ පිහිටි
විශාලතම බළකොටු අතරින් එකක් වීමත් පෘතුගීසි, ලන්දේසි හා
ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක නායකයන් විසින් ඉදිකරන ලද
ගොඩනැගිලි තවමත් ඉතිරිව තිබීමත් හේතුවෙන් ගාල්ල කොටුව
යුනෙස්කෝලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. එපමණක් නොව
තවමත් මිනිසුන් දිවිගෙවන සාමාන්‍ය එදිනෙදා කටයුතු සිදුකෙරෙන
ලොව ඇති සජීවී ලෝක උරුම අතලොස්ස අතරින් ගාල්ල කොටුවට
හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

එබැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු සංචාරකයෝ ගාල්ල කොටුව
දැක බලා ගැනීම සිය සංචාරයේ අරමුණු කරගනිති.
ගාල්ල එතරම් වැදගත් ස්ථානයක් වුව ද විද්වතුන් පවසන්නේ
ගාල්ලේ සැබෑ ස්වරූපය තවමත් දේශීය හෝ විදේශීය සංචාරකයන්ට
දැකබලාගැනීමට නොහැකි වී ඇති බවයි.

ගාල්ල කොටුවේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන
ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිතා කළ ආකාරය පිළිබඳවත්
නිශ්චිත අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දීමත්
අරමුණු කරගනිමින් මේ දිනවල ගාල්ලේ සංරක්ෂණ ව්‍යාපෘතියක්
ක්‍රියාත්මක වෙමින් පවතී.
ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6400ක සහන ණයක්
යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙම සංරක්ෂණ
කටයුතු සිදුකරන අතර එයට සමගාමීව මධ්‍යම සංස්කෘතික
අරමුදලේ ද දායකත්වයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ද සිදුවෙයි.

සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස වරලත් වාස්තුවිද්‍යාඥ
ආචාර්ය නිලාන් කුරේ මහතා කටයුතු කරන අතර මධ්‍යම
සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධයක්ෂවරයා ලෙස
කටයුතු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ
(කැණීම්) සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය
පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාය. ඒ මහතාගේ
මෙහෙයවීමෙන් සංරක්ෂණ ව්‍යාපෘතිය අතරතුර පුරාවිද්‍යා ගවේෂණ
කටයුතු රැසක් සිදුවෙමින් පවතී.

සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ
අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් ගාලු කොටුවේ ඇති භූගත කුටි
සියල්ල සංරක්ෂණය කෙරෙන අතර ආරුක්කු සහිත ව්‍යුහයන් ද
සංරක්ෂණය කිරීම සිදුකරයි. මේ කටයුතු අතරතුර පස් ඉවත්කිරීම් හා නැවත පිරවීම් සිදුවන බැවින් ඒ සියලු ස්ථානයන් හි
පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ද සිදුවෙයි.

ආචාර්ය නිලාන් කුරේ මහතා සහ ආචාර්ය නිමල් පෙරේරා මහත්වරු
පවන්නේ මෙමගින් මෙතෙක් කිසිදා අනාවරණය නොවූ ඉතිහාසයක්
ගාලු කොටුවෙන් මතුවෙමින් තිබෙන බවයි.
ආචාර්ය නිලාන් කුරේ මහතා සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන්
මෙසේ කීවේය.

“කොටුපවුර බැලූ බැල්මට ශක්තිමත්ව පෙනුනත් මෙය ස්ථාන
රැසකින් කැඩී ගොස් තිබෙනවා. ඒ වගේ ම ඉරිතැලීම් තිබෙනවා.
ඉංග්‍රීසි ජාතිකයන් විසින් කොටුව මැදින් ඇතුළුවීමට සෑදූ නව උමං
මාර්ගය ඇතුළු ආරුක්කු කොටස් විශාල ප්‍රමාණයකින් ඇතුළට වැසි
ජලය කාන්දුවෙනවා. ඒ ඉදිකිරීම් දැන් දුර්වල තත්ත්වයක තිබෙන්නේ
අපේ ව්‍යාපෘතියෙන් මේ සියල්ල සංරක්ෂණය කරනවා. මෙය
සිදුකරන්නේ ආරුක්කුවලට ඉහළින් ඇති පස් තට්ටුව ඉවත් කරලා
අලුතෙන් බදාම යෙදීමෙන්. කොටුව ඉදිකරන කාලයේ කොන්ක්‍රීට්
තිබුණේ නැහැ. ඔවුන් ඒ කාලේ හැටියට ඉතා ශක්තිමත් බදාමයක්
යොදාගෙන තිබෙනවා. අපි සංරක්ෂණ කටයුතු සඳහා භාවිතා
කරන්නෙත් එවැනි බදාමයක්. දැනටමත් ඒ විදියට ආරුක්කු හයක්
සංරක්ෂණය කළා. ඉදිරියේ දී ප්‍රධාන දොරටුවේ ආරුක්කුවත්
සංරක්ෂණය කිරීමට කටයුතු කරනවා.”

ගාල්ල කොටුවේ තැන තැන පිහිටි ආරුක්කු නිර්මාණ සහිත කුඩා
කුටි සෙබළුන් රඳවා සිටි මුරකුටි ලෙසත් වෙඩි බෙහෙත් රැස්කළ
ගබඩා ලෙසත් භාවිතා කර ඇත. මෙතෙක් සිර මැදිරි යැයි සිතා සිටි
ස්ථාන පවා වෙඩි බෙහෙත් ගබඩාවක් බව මේ වනවිට තහවුරු වී
ඇතැයි ආචාර්ය කුරේ මහතා පවසයි.

”ගාල්ලේ මුලින්ම යුරෝපීය ක්‍රමයේ බලකොටුවක් ඉදිකළේ පෘතුගීසි
ජාතිකයන් විසින්. ඔවුන්ගේ ප්‍රධානබලකොටුව වරායට පසෙකින්
ඉදිකළා අදටත් එය කළු කොටුව නමින් දක්නට ලැබෙනවා ඊට
අමතරව ඔවුන් වත්මන් කොටුවේ ඉදිරිපස මුර අට්ටාල තුනක් ඉදිකර
තිබූ බව මූලාශ්‍රවල සඳහන් වනවා. පෘතුගීසීන් සෑදූ කොටසේ සහ
ලන්දේසි ජාතිකයන් සෑදූ කොටු පවුරේ මේ අධිරාජ්‍ය දෙකේම යුද
කටයුතු සඳහා නිර්මාණය කළ දේ පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ
අතර ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන්ගේ පාලන කාලයේ දී කරපු

වෙනස්කම් ද පැහැදිලිව දැකිය හැකියි. යුදබළකොටුවක් ලෙස
හදුනාගෙන තිබෙන මේ කොටුවේ ඇති ගෘහ නිර්මාණය ඉදිකිරීම්
තාක්ෂණය හා ඒවා භාවිතා කර ඇති ආකාරය ගැන අනාවරණය වන
තොරතුරු ඉතාමත් රසවත්. ඒ වගේම ලෝකයේ අධිරාජ්‍ය පිහිටවූ
ජාතීන් තුනක් මෙය භාවිතා කළ ආකාරයත් ඔවුන්ගේ තාක්ෂණයත්
එකිනෙකට වෙනස්. ඒ නිසා මේ සංරක්ෂණ ව්‍යාපෘතියේ එක් අදියරක්
ලෙස අපි මේවා පිළිබඳ නව අර්ථකථනයක් කොටුව නැරඹීමට එන
අයට ලබා දෙන්න කටයුතු කරනවා.” යැයි ද ආචාර්ය කුරේ මහතා
කීවේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙස සිට බැලූ විට කොටු
පවුර දිස්වන්නේ දැවැන්ත තනි කළු ගල් බැම්මක් ලෙසිනි. කොටුව
මතට නැගී බැලූ විට එය එක් එක් උස මට්ටම්වලින් සෑදූ අත
දැවැන්ත නිර්මාණයකි. නමුත් පෙනෙන්නට ඇත්තේ පිටත බැම්මත්
ඇතුලතින් ඇති බැම්මත් පමණි.
කොටු බැම්මේ කැණීම් සිදුකිරීමේ දී මේ බැම්ම තනි බැම්මක් නොවන
බවත් එය බැමි පිටතින් මැදින් හා ඇතුළතින් සුවිසල් ගල් තාප්ප
තුනක් බැඳ මැද කොටසට පස් පුරවා හොඳින් තලා සැකසූ අතිශය
ශක්තිමත් ව්‍යුහයක් බව අනාවරණය කරගත හැකිවූයේ යැයි ආචාර්ය
නිමල් පෙරේරා මහතා කීවේය.

“ගාල්ල කොටුව ඉදිකරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශය වගුරු සහිත

තැන තැන කුඩා කඳු ගැට හා ගල් පර්වත තිබූ ප්‍රදේශයක් බව

පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන්ගේ සිතියම්වලින් තහවුරු වී

තිබෙනවා. ඔවුන් මේ බැම්ම ගල්වලින් ඉදිකරලා මැදට පස් පුරවද්දී

ගෙනවිත් දමා තිබෙන්නේ පැරණි ජනාවාසයක පස්. ඒ බව මේ

පස්වලින් හමුවන අවශේෂවලින් පැහැදිලිවනවා. මිනිසුන් විසින්

භාවිතා කළ විවිධ දේ මේ පස් අතර තිබෙනවා. එහි තිබෙන්නේ

පැරණි මිනිසුන්ගේ දහඩිය කඳුළු.”

ගාල්ල කොටුවේ ඉදිරිපස පැරණි වරාය දෙසට ඇති කොටස
හඳුන්වන්නේ හිරු අට්ටාලය නමිනි. පෘතුගීසීන් විසින් මේ ස්ථානයේ
මුර අට්ටාලයක් ඉදිකර තිබූ බවත් ලන්දේසීන් පැමිණ එතැනින්
කොටුපවුර බිඳ ඇතුළු වූ බවත් එම අට්ටාලය මත බිහිසුණු සටනකින් පසු පෘතුගීසීන් පරාජය පිළිගත් බවත් ඉතිහාසයේ සඳහන්
වේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඒ බව මෙවර සිදුකළ
කැණීම්වලින් තහවුරු වූ බවයි.

” මෙතැන පෘතුගීසීන් විසින් කළ ඉදිකිරීම්වල කොටස් පැහැදිලිව
දක්නට ලැබෙනවා. ඒ ගොඩනැගිලි කොටස් කැඩී ගියපු ආකාරය
පරීක්ෂා කළාම පෙනෙනවා පිටතින් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර වැනි
පහරදීමකින් විනාශ වී ඇති බව. ඒවා පසුව ලන්දේසීන් විසින්
ප්‍රතිසංස්කරණය කළ බවත් අපිට නිරීක්ෂණය කරන්න හැකි වුණා.
අපි හිරු අට්ටාලයේ සිට සඳු අට්ටාලය දක්වා තැන් තැන්වල කරන
ලද කැණීම්වලින් පෘතුගීසි යුගයේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක්
සොයාගත හැකි වුණා. ඔවුන්ගේ යුද උපකමත් ලන්දේසි යුද උප්‍රකමත්
එකිනෙකට වෙනස් වෙනවා.”

හිරු අට්ටාලය අසළ ඇති ලන්දේසීන් විසින් 1697 වර්ෂයේ දී ඉදිකරන
ලද උමං මාර්ග‍යක ද ඔවුන් විසින් කැණීම් සිදුකර තිබේ. ගාලු
කොටුවේ උමං මාර්ග සැකසීමේ දී එම උමග කොටස් දෙකකින් හෝ
තුනකින් සෑදීමේ තාක්ෂණයක් භාවිතා කර ඇත. එමෙන්ම උමඟ
තුලට ඉහළ සිට වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන් සැකසූ වා කවුළු පවා
අනාවරණය කර ගැනීමට පුරාවිදයාඥයන් සමත්ව ඇත. පසුකාලීනව
වසා දමා තිබූ මෙවැනි වා කවුළු කොටුවේ සෑම භූගත ඉදිකිරීමකට
ම වාතය සැපයීම සඳහා සාදා තිබූ බව මේ වනවිට සොයාගෙන ඇත.
ඒ බොහොමයක් පසුකාලීනව වසා දමා තිබිණි.

කැණීම් කිරීමේ දී අදින් සියවස් ගණනාවකට පෙර භාවිතයට ගත්
වීදුරු බෝතල්වල කොටස් කිහිපයක් ද චීන පිඟන් කොටස් සහ මැටි
භාජන කොටස් රැසක්ද හමුවී තිබේ. මේ අතර සුවිශේෂී
සොයාගැනීමක් වන්නේ බ්‍රිතාන්‍ය ලාංඡනය සහිතව චීනයේ
නිශ්පාදනය කළ බවට ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන්වන පිඟානක
කොටසක් හමුව තිබීමයි.

යුද සෙබළුන් විසින් භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි මුදු
කිහිපයක් ද හමුවී ඇති අතර ඒවා බොහොමයක් මුහුදු බෙල්ලන්ගේ
කවච කපා ඔප මට්ටම් කර සාදා ගනු ලැබූ ඒවාය. ඊට අමතරව
කොටුවේ කැණීම් සිදුකර ඇති ස්ථාන රැසකින් සත්ත්ව අවශේෂ ද
හමුවී තිබේ. මේ සත්ත්ව අවශේෂ අතර අතීතයේ මෙරට වාසය කළ
බවට සැළකෙන කුරු ගවයාගේ අස්ථි කොටස් රාශියක් හමුවී ඇති
අතර ඌරන්ගේ සහ හරකුන්ගේ කොටස් ද හමුවී තිබේ. ආචාර්ය
නිමල් පෙරේරා මහතා පවසන්නේ මේ අස්ථි කොටස් කොටුවේ සේවය
කළ හමුදා සෙබළුන් විසින් ආහාර ගැනීමෙන් පසු ඉවත දැමූ කොටස්
බවයි. මේවා අධ්‍යයනය කිරීමෙන් යුරොපීය ජාතීන් විසින් ශ්‍රී ලංකාවට
හඳුන්වාදුන් සත්ත්ව විශේෂ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු
ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළකරයි.

ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකළ මුල්ම නිර්මාණය වූ කළු
කොටුව නමින් අද හැඳින්වෙන ස්ථානයට ඒ නම ලැබී ඇත්තේ එහි
ආයුධ නිෂ්පාදනය කළ කම්මල් පිහිටා තිබීමෙන් පිටවූ දුම නිසා යැයි
මතයක් පවතී. එදා කම්මල් තිබූ ස්ථානයේ පසුකාලීනව ලන්දේසීන් විසින් ගොඩනැගිල්ලක් ඉදිකළ බවත් ඒ ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් 1840
සිට සිර කුටි ලෙස භාවිතා කළ බවටත් ලේඛනවල සඳහන්ව තිබිණි.
මේ ගොඩනැගිල්ල අදට ද දක්නට ඇති අතර විශාල ආලින්දයකින් ද
යුතු ගොඩනැගිල්ලේ එක් කොටසක් කැඩී ගොස් තිබුණ ද වැඩි
ප්‍රමාණයක් ඉතිරිව තිබේ. පසුගිය සතියේ ගොඩනැගිල්ලේ එක්
සිරමැදිරියක බිම ඇති ගල් ආස්තරණයක් ඉවත් කිරීමේ දී එතැන කළු පැහැති පස් මතුව තිබිණි.
ඒ පිළිබඳ සොයා බැලූ ආචාර්ය නිලාන් කුරේ මහතා එතැන ගල්
අඟුරු ඇති බව දැන කැණීමක් කරන ලෙස ආචාර්ය නිමල් පෙරේරා
මහතාට දැනුම් දුන්නේය. ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු
පුරාවිද්‍යාඥයන් කණ්ඩායම එහි කැණීම් සිදුකිරීමේ දී එතැන ගල්
අඟරු සහිත වළක් මතුකරගැනීමට හැකියාව ලැබිණි.කවාකාර
වළක් වූ එය ඇතැම්විට කම්හලක උඳුනක් ලෙස භාවිතා කරන්නට
ඇතැයි සිතිය හැකිය. ආචාර්ය පෙරේරා මහතා පවසන්නේපැරණි
ලේඛනවල සඳහන් පරිදි මේ හමුවී ඇත්තේ පෘතුගීසි ආයුධ
නිෂ්පාදනාගාරයක් විය හැකි බවයි. එය ඇතැම්විට ආයුධ නිෂ්පාදනය
සඳහා ලන්දේසීන් විසින් ද භාවිතා කරන්නට ඇත. දැනට ඇති
ගොඩනැගිල්ල නම් ලන්දේසි නිර්මාණයකි.

පෘතුගීසි කළු කොටුවේ තිබූ භූගත කුටි රැසක් මේ වනවිට
සංරක්ෂණය කර අවසන් කරමින් පවතී. එම උමං තුළ ද පිටතට
නිරාවරණය වූ වා කවුළු හා උමග සෑදීමේ දී කොටස් දෙකකටඑකිනෙක යාබදව සිටින ආකාරයට සාදා තිබෙන අයුරු පැහැදිලිව
දක්නට ලැබෙයි.

ආචාර්ය නිමල් පෙරේරා මහතා ගාල්ල කොටුවේ කැණීම්වලින් ලැබී
ඇති දේ පිළිබඳ මෙසේ ද කීවේය.
” ගාලු කොටුව යුරෝපීය ජාතීන්ගේ යුද බලය, ඔවුන්ගේ පරිපාලන
කටයුතු පිළිබඳ කියාපාන ස්ථානයක් මෙහි කරන ගවේෂණවලින්
මෙතෙක් අනාවරණය වී නොතිබූ අපූරු දේ සොයාගත හැකි වනවා.
අපිට දැනට ලැබී ඇති වළං කටු කැබලි, පිඟන් කොටස්, යුරෝපීය
ජාතිකයන් භාවිතා කළ විවිධ කාලවලට අයත් දුම් පයිප්ප කොටස්,
සත්ත්ව අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණවලට යොමු කිරීමෙන් ඉතා
වටිනා තොරතුරු සොයාගත හැකිවේවි. ඒ වගේම කළු කොටුවේ ගල්
අඟුරු වළේ තිබිලා පිළිස්සුණු දැව කොටස් සොයාගන්න හැකිවුණා.
ඒවා කාබන් කාලනිර්ණයෙන් කවර කාලයක දී භාවිතා කරන්නට
ඇත්ද කියා ස්ථිරව ම සොයගන්න හැකියාව ලැබෙනවා. “

ආචාර්ය නිලාන් කුරේ මහතා කියා සිටියේ මෙරට මුල්ම ප්‍රදීපාගාරය
ඉදිකර තිබූෆ්ලෑග් රොක් අට්ටාලයේ ප්‍රදීපාගාරය ඉදිකිරීමට පෙර
සවිකර තිබූ කොඩිකණුවේ පාදම ද සොයාගත් බවයි. ඊට පසෙකින්
තවත් කොඩි කණුවක පාදමක් ද හමුවී ඇත. එය ඇතැම්විට
පෘතුගීසීන් විසින් භාවිතා කළ කොඩි කණුවක් විය හැකි බව ද
ඔවුන්ගේ අදහසයි. එමෙන්ම කොටුවේ පස් යට තිබී කුඩා
කාලතුවක්කුවක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී එහි අතුළත
හිරිගල් සහ මුහුදු බෙල්ලන්ගේ කොටස් හමුවී තිබේ. ආචාර්ය කුරේ

මහතා පවසන්නේ එය මුහුදේ ගිලී ගිය නැවක තිබී ගොඩට ගෙන
තිබූ කාලතුවක්කුවක් විය යුතු බවයි.
ගාල්ල ක‍ොටුවට පැමිණෙන සංචාරකයන් බොහෝ විට කොටුවේ
ඇති කෞතුකාගාර ඇතුළු ගොඩනැගිලි කිහිපයක් නරඹා සංචාරක
සේවා සපයන ස්ථානවලින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගෙන
නික්ම යති. නමුත් ඔවුන්ට මෙහි ඇති ඉතිහාසය යුධමය නිර්මාණ
පිළිබඳ නිසි අවබෝධයක් ලැබෙන්නේ නැත. එමනේම පැරණි පෘතුගීසි
බළකොටුව ආදී ස්ථාන කිහිපයක් තවමත් නිසි පරිදි විවෘත කර
නැත. මේ ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වන්නේ සංචාරකයන්ට
ගාලු කොටුවේ ඇති වැදගත් කම පෙන්වන විස්තර සහිත පුවරු
සකසා ප්‍රදර්ශනය කිරීමයි. එවැනි පුවරු සෑම මුර අට්ටාලක ම
ප්‍රදර්ශනය කිරීමට ද සැළසුම් කර ඇත.
එමෙන්ම කොටුව පුරා පහසුවෙන් ඇවිද යා හැකි පරිදි ඇවිදීමේ මං
තීරු ද මේ වනවිට සකස් කරමින් පවතී. කොටුව නරඹන
සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමක් මෙතෙක් සිදුවන්නේ නැත. එසේ
වුව ද ඉදිරියේ දී සංචාරකයන්ට කොටුවේ යුදමය හා ගෘහනිර්මාණ
ශීල්පීය ලක්ෂණ පිළිබඳ වඩාත් අර්ථාන්විත ලෙස පෙන්වීමට කටයුතු
කර එවැනි ස්ථාවලින් මුදල් අයකිරීමට ද අපේක්ෂිතය.
ආචාර්ය කුරේ මහතා පවසන්නේ යුරොපීය ජාතීන් තුන භාවිතා කළ
යුද තාක්ෂණය එකිනෙකට වෙනස් බවයි. ඔවුන්ගේ කාලතුවක්කු
ආකෘති සාදා ඒවා භාවිතා කළ ආකාරයත්, ඒ ඒ ජාතීන් විසින් භාවිතා
කළ ආයුධ හා නිල ඇඳුම් පවා ප්‍රදර්ශනය කිරීමට පවා සැළසුම් කර

ඇති බවයි. එමගින්ගාලු කොටුවේ ඓතිහාසික වැදගත් කම වඩාත්
ඉස්මතුකර පෙන්වීමට අපේක්ෂිතය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත්
දිසානායක මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ
ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරුන්ගේ පූර්ණ
අධීක්ෂණය හා උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්සක වෙයි.
දැවැන්ත කොටුපවුර තවමත් නිශ්චලය. යුද ගැටුම් හා ලේ වැගිරීම්
මධ්‍යයේ වසර 500කට වැඩි කාලයක් ගාලු සමුදුර ආසන්නයේ තිබූ
මේ ම බළකොටුවේ ඉතිහාසය ගවේෂණය කොතරම් කුතුහලය
දනවන සුන්දර කතාන්තරවලින් ගහන වුවත් එහි සැගවී ඇත්තේ
මිනිසුන්ගේ ලේ කඳුළුය.

-Advertisement-

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ආසාදිතයන් හතරක්

0

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වසංගත රෝගග විද්‍යා ඒකකයේ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පවසන්නේ මෙම රෝගීන් රෝහල් වෙත යොමුකළ බවයි. එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරොධායන මධ්‍යස්ථානවෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

-Advertisement-

සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්

0

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට විශේෂ ශාලාවක විභාගය පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටි මෙම සිසුවියට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ ඇය අසාදිතයකු බවයි.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒස්.කේ.මල්ලවආරච්චි මහතා කියා සිටියේ ඇය විභාගයට පෙනී සිටි ශාලාවේ අනෙක් සිසුවියන් සඳහා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගෙන ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අයි.ඩී.එච්. රෝහලේ සිට උසස් පෙළ ඉතිරී විෂයන් සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි.
මේ අතර එම සිසුවිය විභාගයට පෙනී සිටි විභාග ශාලාවේ සිටි විභාග කාර්ය මණ්ඩලය ම විශේෂ ශාලාවේ රාජකාරී සඳහා යොමුකිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශාලාවේ සිටි සිසුවියන් සහ කාර්ය මණ්ඩලය තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයේ යෙදී විභාග කටයුතු සඳහා පමණක් පැමිණීමට අවසර දී ඇතැයි ද ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

-Advertisement-

එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට

0

එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් හා 12ක් වූ දැරියන් දෙදෙනෙක් හා වයස 07 වූ පිරිමි දරුවෙකි. ඔවුන් තිදෙනා අද (19) උදෑසන දිය නෑමට යන බව පවසා නිවසින් පිටව ගිය බවයි. ඔවුන් පැමණීමට ප්‍රමාදවීම හේතුවෙන් සොයා බැලීමේ දී කුඹුරු වගාවට ජලය ලබාගන්නා ළිඳ අසළ ඇඳුම් කිහිපයක් තිබී හමුවී ඇත. මේ පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු වගා ළිඳ පරීක්ෂා කිරීමේ දී දරුවන් තිදෙනාගේ සිරුරු එම ළිඳේ තිබී සොයාගෙන ඇත.
මල සිරුරු ගලේවෙල රෝහලට ගෙනගොස් ඇති අතර ගලේවෙල පොලිසිය ඒ් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-Advertisement-