20 වැනි සංශෝධනයේ කරුණු තුනක් 19 ලෙසට ම යයි ?

0
75

ඇමතිවරු සීමාව, විගණන පනත හා හදිසි පනත් ගෙන එන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සශෝධනයේ දී වෙනස් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

19 වැනි සංශෝධනයේ සඳහන් ඇමැති මණ්ඩල සීමාව ඒ අයුරින්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීමටත්, ජාතික විගණන පනත ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14කින් පසුව ඉදිරිපත් කිරීමටත් යන සංශෝධන ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේ වුවද ජාතික ආරක්ෂාවට හා ආපදා කලමනාකරණයට අදාළ පනත් කෙටුම්පත් දින 7කින් පසුව ගෙනඒමට හැකිවන සේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම සංශෝධන 3 ගෙනඒමට අනුමැතිය ලැබී ඇත.  20 වැනි සංශෝධනයට ගෙනඑන සංශෝධන පිළිබඳව අධිකරණ අමාත්‍ය අල් සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී හෙට (20) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර 20 වැනි සංශෝධනයට ගෙන එන සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ද දැනුවත් කිරීමට රජය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here