එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට

0
39

එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් හා 12ක් වූ දැරියන් දෙදෙනෙක් හා වයස 07 වූ පිරිමි දරුවෙකි. ඔවුන් තිදෙනා අද (19) උදෑසන දිය නෑමට යන බව පවසා නිවසින් පිටව ගිය බවයි. ඔවුන් පැමණීමට ප්‍රමාදවීම හේතුවෙන් සොයා බැලීමේ දී කුඹුරු වගාවට ජලය ලබාගන්නා ළිඳ අසළ ඇඳුම් කිහිපයක් තිබී හමුවී ඇත. මේ පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු වගා ළිඳ පරීක්ෂා කිරීමේ දී දරුවන් තිදෙනාගේ සිරුරු එම ළිඳේ තිබී සොයාගෙන ඇත.
මල සිරුරු ගලේවෙල රෝහලට ගෙනගොස් ඇති අතර ගලේවෙල පොලිසිය ඒ් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here