සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්

0
91

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට විශේෂ ශාලාවක විභාගය පැවැත්වීමට කටයුතු යෙදා තිබේ.
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටි මෙම සිසුවියට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් පවත්වා ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ ඇය අසාදිතයකු බවයි.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒස්.කේ.මල්ලවආරච්චි මහතා කියා සිටියේ ඇය විභාගයට පෙනී සිටි ශාලාවේ අනෙක් සිසුවියන් සඳහා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දීමට පියවර ගෙන ඇති අතර ඇය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අයි.ඩී.එච්. රෝහලේ සිට උසස් පෙළ ඉතිරී විෂයන් සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි.
මේ අතර එම සිසුවිය විභාගයට පෙනී සිටි විභාග ශාලාවේ සිටි විභාග කාර්ය මණ්ඩලය ම විශේෂ ශාලාවේ රාජකාරී සඳහා යොමුකිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශාලාවේ සිටි සිසුවියන් සහ කාර්ය මණ්ඩලය තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයේ යෙදී විභාග කටයුතු සඳහා පමණක් පැමිණීමට අවසර දී ඇතැයි ද ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here