මුුුුරලි 800 චිත්‍රපටයේ සේතුපතිට ඉවත්වන්න කියයි

0
61

තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබේ.

සිය චරිතයට පන පොවමින් සේතුපති දක්වන රංගනය හේතුවෙන් ඔහුගේ ඉදිරි වෘත්තීය දිවියට අනවශ්‍ය බලපෑම් එල්ල වනු ඇති බවට තමන්ට හැගී යන බව මුරලිදරන් ඔහුට දන්වා ඇත.

800 චිත‍්‍රපටයේ නිල පෝස්ටරය පසුගිය දා එළිදැක්වුණු අතර ඒ සමග දකුණු ඉන්දියාව තුළ එම චිත‍්‍රපටයට සහ සේතුපතිට දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.

මේ හේතුවෙන් තමන් එවැනි ඉල්ලීමක් කළ බව මුරලිදරන් සඳහන් කර තිබේ. තමන් එම චිත‍්‍රපටයට එකගතාව පළ කළේ එය අනාගත පරපුරට සහ තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයින් සඳහා උත්තේජනයක් ලබාදෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් වුවත්, ඊට රංගනයෙන් දායක වන විජය සේතුපතිට ඉන් අගතියක් සිදුවනු දැකීමට තමන් අකමැති බව මුත්තයියා මුරලිදරන් සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ ලිපියට ප‍්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විජය සේතුපති, මුත්තයියා මුරලිදරන් හට සිය කෘතවේදීත්වය පළ කර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here