spot_img
spot_imgspot_img

ඉදිරි දින කිහිපයේ දී රටම අවදානමක

පුවත්

විදෙස්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාලනය කළ නොහැකි මට්ටමට කොරෝනා වසංගතය පැතිර පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නෙ මීට හේතුවූයේ පසුගිය උත්සව කාලයේ දී අවම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණය හෝ සීමා නොකිරීම බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙන බවයි. ඉදිරි සති කිහිපය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ ඉඩක් පවතින බව ද උපුල් රෝහණ වැඩිදුරටත් කීවේය.

ඔහු මෙසේ ද පවසයි.

“පසුගිය දෙසැම්බර් 25 වන දා සහ නව අවුරුදු උදාව සමග රජයෙන් සහ ප්‍රතිපත්ති තීරකයින්ගෙන් ඉල්ලා සිටියා විශේෂයෙන්ම අවම වශයෙන් දිස්ත්‍රික්ක තුළ හෝ සංචරණය සීමා කිරීමට සංචරණ සීමා පනවන්නට කියලා. ඒ වාගේම අපි තදින්ම අවධාරණය කර සිටියා බස්නාහිරි පළාතේ හෝ කොරෝනා පැතිර යන අවදානම් ප්‍රදේශවලින් ජනතාව කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා දීර්ඝ වශයෙන් ගමන් කරමින් ඉන්නවා. මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් සතුටුදායක ක්‍රියාමාර්ගයක් ගත්තා කියලා අපට පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වාගේම කිසිදු සංචරණ සීමාවක් පනවන්න කටයුතු කළෙත් නැහැ. මේ තත්ත්වය නිසා කොළඹින් බැහැර අනෙකුත් ප්‍රදේශවල ජනතාව අවාසනාවන්ත  තත්ත්තවයකට දැන් මුහුණ දෙමින් ඉන්නවා. මේ වෙද්දි දෛනිකව වාර්තාවන ආසාදිතයන් අතර බස්නාහිර හැර පිට පළාත්වලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වෙමින් තබෙනවා.  එම දිස්ත්‍රික්කවල වසංගතය පාලනය කිරීමේ අපහසු තත්ත්වයකට යම් යම් ස්ථානවල පැතිරයමින් තිබෙනවා. ඒ වාගේම හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර වර්ධනය වෙමින් තිබෙනවා. විදෙස්ගතවීම සඳහා PCR පරික්ෂණවලට යොමුවන අය අනපේක්ෂිතව ආසාදිතයෝ බවට වාර්තාවෙනවා.  ඒ නිසා කොළඹින් බැහැර ප්‍රදේශවල මහජනතාවට විශාල අවදානමක් ඇතිවෙලා තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!