spot_img
spot_imgspot_img

ෂුක්රා සමඟ ගොඩනැගෙන ජාතික සමගිය

පුවත්

විදෙස්

සිංහල මලාලාලාත් අවශ්‍යයි හෙළබස රැක පෝෂණය කිරීම වෙනුවෙන්!

ෂුක්රා දුව ඉතා ආකර්ෂණීය ලෙස, සාහිත්‍යය, සංස්කෘතිය, ඉතිහාසය සමගින් නිර්භීතව හසුරවන්නේ ඇගේ මව්බසයි.

එමනිසා ඇගේ එම චතුරමය හැකියාවන් අප මවිත කල යුතු නොවේයැයි මම සිතමි.

දැයේ දරුවන්, අනාගත පරපුර අතරේ ලෝකෙට ම එකක් වන අතිසුන්දර සිංහල බසෙහි රුචිය බැහැරකරමින්, භාෂා සංහාරයක් සම හරක් මාධ්‍ය මගින්ම සිදුවන කලෙක,

සිරස ලක්ෂපති වැඩසටහන මගින් චන්දන සූරියබණ්ඩාර විසින් හෙළබස, සාහිත්‍යය, ඉතිහාසය මෙන්ම සංස්කෘතියට පණපොවන වෑයමට දැයේ සියලු පුරවැසියන්ගේ ගෞරවය හිමිවිය යුතුයි යන්න මාගේ අ

යෝජනාවයි.

ලෝකෙටම එකක් වන සිංහල ජනවාර්ගිකයා ඉන්න රටේ, ඒ සිංහලයන්ගේ අනන්‍යතාවය රැදී ඇත්තේ “සිංහල” නම්වූ ඒ අති රමණීය භාෂාව මතයි.

සිංහලබස ලාංකිකයන් අතර ප්‍රවර්ධනය කිරීමට මේ වනතුරුත් රට අපොසත් වී ඇත.

හෙළබස පෝෂණය කිරීම තුලින් අව්‍යාජ සාමය හා සංහිදියාවද ජන කොටස් අතරේ ඇති කිරීමටද ඉඩ ලැබේ.

අද ඇතැම් විද්‍යුත් නාලිකා සල්ලි දීලා, තෑගි දීලා, රාගය අවුස්සලා තම නාලිකාවට පැය 24ම සවන්දීමට සලස්වනවා.

තරගකාරිත්වය කියලා, ලොකු පොඩි කවුරුත් චූන් කරලා අන්දගන්න, දඩමීමා කරගෙන තියෙන්නේ හෙළබස, සංස්කෘතිය, සාදාචාරයන් මෙන්ම සම්ප්‍රදායන් ය.

ඇතැම් FM නාලිකා උදේ හවා වැඩසටහන් වලින් වචන 10 පාව්ච්චි කලොත් 4-5 සිංහල. ඉතිරි ටික ඉංග්‍රීසි, හින්දි, දමිළ අරාබි යනාදි වචන මිශ්‍රකරලා සුමිහිරි සිංහල බස විකෘති කරලා හෝ විකෘති කරමින් සිටිනවා.

අන් භාෂා ප්‍රවර්ධනය හෙල බස සංහාරයකින් තොර වෙනම ම කලයුතුවේ.

තව වසර කීපයක් ගතවනවිට රටේ බහුතරයක් කතාකරනවා ඇත්තේ සිංග්ලිෂ් (සිංහලත් නැති ඉංග්‍රීසිත් නැති) විකෘති බසක් මෙන්ම ඒ හා බැදුනු විකෘති සංස්කෘතීන් ද සමාජ ගතවීමයි.

මේ විපර්යාසය හා සංස්කෘතික පරිහානිය බුද්ධපුත්‍රයානන් වහන්සේලා තුළ ද බරපතල ලෙස සිදුවෙමින් පවතී, මේවනවිටත් සාමාජ ජාලාතුල වෛරල්වී ඇති යම් යම් ඡායරූපය එයට ප්‍රබල සාක්ෂිවේ.

මෙවන් තත්වයන් තුළ, කලියුගයේ වැට මායිම් අවමකරදී ඇති, කොල්ලන්, කෙල්ලන් මෙන්ම ගැටේට අහුවුන ආතල්වලට ඇබ්බෙහි කරවපු සමහර වැඩිහියන් ගැන ආයේ මොන කතාද ඉතිං?

වැලන්ටයින් ස්වාමිවරයාගේ මිනිසත්බවට යූ ප්‍රේමරය, රාගී සුරාගී ප්‍රේමයක් ලෙසට තමන්ගේ මාකටිං වාසියට පරිවර්තනය කරගෙන නටන නැටිල්ලම තවත් එක් ප්‍රබල නිදසුනකි.

කියන්නේ ජනතාව ඉල්ලනදේ අපි දෙන්න එපායැ කියලයි.

හරියට ඒ අය උද්ඝෝෂණ කරලා මේවා දිනා ගත්තාවගේ.

මෙවැනි අවදානම් අවදියක අපගේ වගකීම විය යුත්තේ රටේ සිසලු ජනයා අතරේ සිංහල බස ද ප්‍රචලිත කිරීම තුළින් ලෝකයට එකක් වන සිංහල බස රැක පෝෂණය කිරීමයි.

රටේ අනාගත පරපුර තුල ෂුක්රා, රුකයියා වැන්නන් බිහිකරමු! ඒ මගින් සියලු ජනයා අතරේ හෙළබස, ලාංකීය සාහිත්‍යය, සදාචාර යනාදිය රකිමින් මිනිසත් බව වඩවඩාත් පෝෂණය කිරීමේ පරිසරය යළි ගොඩනමු.

එක්ව නැගිටිමු!!!!!

මා මෙයින් ආරාධනා කර සිටිනවා, මේ සඳහා ගරුතර සංඝරත්නයේ, සෙසු ආගමික නයකයතුමන්ලාගේ අනුසාසනා හා සියලු මාධ්‍ය ආයතනයන්ගේ සහයෝහය සමගින් සියලු ශ්‍රී ලාංකීය ජනවාර්ගික කොටස්හි පිරිසගෙන් සැදුම්ලත් ක්‍රියාකාරී සංසදයක් බිහිකර ක්‍රියාන්විතයක් දියත් කිරීමට.

ජාතික හැගීමෙන් ජාතිය වෙනුවෙන් ඉදිරිපත්වන පිරිස මේ සඳහා එකඟ වන ලෙස ඉල්ලා සිටිමි

පිටියේගෙදර මොහම්මද් ෆවුසර්

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!