spot_img
spot_imgspot_img

දකුණේ පාසල් සියල්ල ආරක්ෂිත බව අධ්‍යාපන ලේකම් කියයි

පුවත්

විදෙස්

පාසල යනු ආරක්ෂාකාරී ස්ථානයක් බැවින් දකුණේ පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසයි.  ඔහු ඉල්ලා සිටින්නේ පාසල්වලින් දැනුම් දී ඇති පරිදි ඒ ඒ දිනවලට අදාල දරුවන් පාසලට එවීමට දෙමාපියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවයි.

“පසුගිය සතියේත් පාසල්වල හුදකලා සිද්ධි කිහිපයක් වාර්තා වුනා. නමුත් ඒ සියළු සිද්ධීන් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපි මේ සෑම සිද්ධීයක්ම සම්බන්ධයෙන් ම   අවධානයෙන් ඉන්නේ . විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්ත ශාලාවල මෙම වෛරසය පැතිරීම අපට පෙනෙන්නට තිබෙනවා. එම තත්වය යම් පාසලක් හෝ පාසල් වෙත බලපෑමක් සිදුකරන්නේ නම් වහාම එම පාසල් වසා දමනවා. අපි පසුගිය කාලය තුල එසේ අධ්‍යාපන කොට්ඨාශයක්ම වසා දැමුවා. දැනට තියන තත්වය අනුව අනතුරුදායක ස්වභාවයක් පෙනෙන්නට නැති නිසා පාසල් වසා තැබීමේ අවශ්‍යතාවක් නැහැ.  

අපි සෑම පැය කිහිපයකටම වරක් මේ ගැන සොයා බලනවා. ඒ වාර්තා අධ්‍යයනය කරලා සෞඛ්‍ය බලධාරීන් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය සුදුසුම පියවර ගන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ එසේ ප්‍රශ්නයක් නොමැති නිසා දකුණු පළාතේ සියළු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ පාසල මේ වන විට ආරක්ෂා කාරී තැනක් ඒ නිසා පාසල් පැමිණෙන ලෙසත් අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරන ලෙසත්.”

(ලංකින්ද නානායක්කාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!