spot_img
spot_imgspot_img

ලොව පළමු මුද්‍රිත ග්‍රන්ථයේ සඳහන් අපේ රටේ විස්තරය

පුවත්

විදෙස්

‘‘ අපි එය ගැන සිහින දුටුවෙමු. මේ සමෘද්ධිමත් දේශය නව ලොවක කොටසක් යැයි අපි සිතා සිටි නමුත් දැනට අප සිටින දකුණු ඉන්දියාවේ නගරවල සිට දින හතරක් පමණ යාත‍්‍රා කිරරිමන් මේ මනරම් දිවයිනට ළඟාවිය හැකිය. අපගේ හමුදා සේනාංක නොනවත්වා දෛනිකව යෙදෙන සංචාරයන්හි දී පෙරදිග දූපත් හා රටවල් ඔස්සේ තැප්‍රොබේනයට පවා ළඟාවීමට හැකියාව තිබිණි. ’’

ඉහත සඳහන් කර ඇත්තේ ලෝකයේ පැරණිතම මුද්‍රිත ග‍්‍රන්ථයේ අපගේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්වෙන සටහනකි. ලෝකයේ පැරණිම ග‍්‍රන්ථයේ මෙරට ගැන සටහන් වීම අතිශය වැදගත් කරුණකි.

ලොව පුරා විවිධ ජාතීහු දේශ ගවේෂණයේ යෙදීමට වීමත් සමගම මේ සෑම ජාතියකගේම අවධානයට පාත‍්‍ර වූ දේශයකි සිංහල ද්වීපය. ලෝකයේ නාවුක ගමනාගමනය අනුව අතිශය  වැදගත් ස්ථානයක පිහිටා තිබීමත් ස්වභාවික සම්පතින්, ධන නිධානයන්ගෙන්, මුතු මැණික් හා කූළු බඩු ආදියෙන් ආඪ්‍ය වීමත් මෙලෙස සටහනක් තබන්නට හේතු වන්නට ඇත. .

පිහිටීමේ විශේෂත්වය නිසා ම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ අපට රට ගැන අතීතයේ පටන් ලොව ප‍්‍රබල ජාතීන් සියළු දෙනා අවධානය යොමු කළහ.

බයිබලයේ ටර්ෂීස් ලෙස හැඳින්වෙන අතිශය සමෘද්ධිමත් නගරය සිරිලක දකුණේ පිහිටි ගාල්ල නගරය විය හැකියැයි නූතන විද්වතුන් විශ්වාස කරති. මෙවන් වැදගත් කමක් නිසාම පෙරදිග ලෝකයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලැබූ සිරිලක් දිවයින තැප්‍රොබේන් යන නමින් ද හඳුන්වන ලදී.

ලොව ප‍්‍රථම මුද්‍රිත ග‍්‍රන්ථය ලෙස දැනට සැලකෙන මෙම පොත මුද්‍රණය වී ඇත්තේ 1506 නොවැම්බර් මස 07 වැනි දින රෝමයේදීය. ගොතික් සම්ප‍්‍රදායේ අක්ෂරයන්ගෙන් මුද්‍රණය කැර ඇති ම ග‍්‍රන්ථය රෝමයේ මුද්‍රණ ශිල්පියකු වූ ජොහාන් බෙසිකන් විසින් මුද්‍රණය කැර ඇති බව එම ග‍්‍රන්ථයේ දැක්වේ.

‘‘ඉතියෝපියාව, ඉන්දියාව හා අනෙකුත් පෙරදිග රටවල නූතන පෘතුගීසි ආක‍්‍රමණ ” යනුවෙන් මෙම ග‍්‍රන්ථය හැඳින්වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සටහන

දකුණු අප්‍රිකානු වෙරළ ඔස්සේ පැමිණ ඉන්දියාව දක්වා යාත‍්‍රා කිරීමට අපේක්ෂා කළ ලොරෙන්සෝ ද අල්මේදා හදිසියේම කුණාටුවකට හසුව ගසාගෙන විත් 1505 නොවැම්බර් මස 15 වැනිදා ගාල්ල වරායට ගොඩබැස්සේය. ලොරෙන්සෝ ද අල්මේදා යනු පෘතුගාලයේ සුප‍්‍රසිද්ධ දේශ ගවේෂකයකු හා නාවිකයකු වූ මෙන්ම ඉන්දියාවේ පෘතුගීසි ප‍්‍රතිකාල් වරයා වූ දොන් ප‍්‍රැන්සිස්කෝ ද අල්මේදා ගේ පුත‍්‍රයාය. ප‍්‍රැන්සිස්කෝ තම පුත‍්‍රයා වූ ලොරෙන්සෝ ගේ ගමන ගැනත් ඔහු මුහුණ පෑ අනතුර හා ඔහු සිංහලද්වීපය හෙවත් තැප්‍රොබේන් දිවයිනට ගිය ආකාරයත් පිළිබඳ වාර්තාවක් තවත් දේශ ගවේශකයකු වූ පර්නාවෝ සෝරස් වෙත සපයා තිබේ. සෝරස් එම විස්තරය පෘතුගාලයේ මැනුවෙල් රජුට ඉදිරිපත් කැර ඇත.

 රජු තමන්ට ලැබුණු තොරතුරු කාර්දිනල් අල්ප්‍රෙඞ්ඤ්ඤා වෙත රාජකීය සංදේශයක් ලෙස යවා ඇත. ලොව පැරණිතම මුද්‍රිත ග‍්‍රන්ථය වූ මේ පොතට ඇතුලත් කැර ඇත්තේ එම සංදේශයයි.

අඟල් 7.5 X  5 ප‍්‍රමාණයෙන් අතින් සාදන ලද කඩදාසි වල මුද්‍රිත මෙම ග‍්‍රන්ථය පිටු හතරකින් සමන්විත වෙයි. ලතින් බසින් මුද්‍රණය කැර ඇති මෙම ග‍්‍රන්ථයේ තැප්‍රොබේන් ඉන්ෆියුලේ හෙවත් තැප්‍රොබේන් දීපය ලෙස ලංකාව හැඳින්වේ.

මෙම වාර්තාවන්හි දැක්වෙන ආකාරය 1505 මාර්තු මස 25 වැනි දින ඉන්දියාවේ ප‍්‍රතිරාජයා වූ ප‍්‍රැන්සිස්කෝ ද අල්මේදා නැව්වල සිටින නාවිකයන්ට අමතරව 1500 ක භට පිරිසක් ද සහිතව නැව් විසි දෙකකින් පිටත්විය. ඒ පෙරදිග රටවල සැරි සරමින් මුස්ලිම් වරුන් ලබාගෙන ඇති වෙළඳ ඒකාධිකාරිය විනාශ කැර දැමීමේ අරමුණෙනි. මේ කාර්යයන්ට ඔහුට නොමද සහයක් දුන් ඔහුගේ පුත් ලොරෙන්සෝ නොවැම්බර් මස 01 දා මුස්ලිම් වරුන් විනාශ කිරීමේ අරමුණින් මාලදිවයින් හරහා රතු මුහුද තෙක් ගමන් කිරීමට පිටත්ව ගියේ තවත් සෙබළ පිරිසක් ද සහය කැර ගනිමිනි.

නැව් සඳහා අවශ්‍ය යොත් සෑදීමට පොල් කෙඳි ලබාගැනීම මාලදිවයින දක්වා යන ගමනේ අරමුණ වී තිබිණි. නැව් නවයකින් සමන්විත මේ පරිස නොසිතූ පරිදි කුණාටුවකට අසුවූහ. කුණාටුවට හසුව ගමන් මග සොයාගත නොහැකි තරමට ම මහ මුහුදේ ඒ මේ අත පාවී ගිය ලොරෙන්සෝ ප‍්‍රමුඛ නාවික පිරිසට හදිසියේ ම ඈත ක්ෂිතිජයේ තුරු වදුලෙන් සමන්විත ගොඩබිමක් දක්නට ලැබුණි. ඔවුහු ඒ දෙසට යාත‍්‍රා කළහ. අවසානයේ ඔවුන් අනපේක්ෂිත ලෙස පැමිණ තිබුණේ ගාල්ල වරාය වෙතයි.

ලොරෙන්සෝ ද අල්මේදා

ඉතා දියුණු වෙළඳ මධ්‍යස්ථානයක් ව පැවැති ගාල්ල වරායට විදෙස් නැව් ගණනාවක් පැමිණ තිබූ අතර ඒවායේ ගෙනයාමට සූදානම්ව තිබූ අලි ඇතුන්, මුතු මැණික් හා කුළු බඩු ආදිය පෘතුගීසීන්ට දක්නට ලැබුණි.

පෙරදිග ලෝකයේ වෙළඳාම සියතට ගැනීමට මාන බලමින් සිටි ලොරෙන්සෝ ඇතුළු පිරිසට අවශ්‍ය වූයේ කෙසේ හෝ මේ රටෙහි තම අණසක පතුරුවා ලීමයි. ඒ අනුව හැකි ඉක්ණින් තම නැව පිළිසකර කරගෙන  කොළඹ ගොස් තප්‍රබේනයේ මහරජු හමුවීම ඔවුන්ගේ අභිප‍්‍රාය වී තිබිණි.

කොළඹ ගිය ඔවුහු මහ රජු අවස්ථා දෙකකදී මුණ ගැසී ලංකාවේ පැලපදියම් වීමට අවශ්‍ය පිඹුරුපත් සකසා ගත්හ. ඔවුන් මෙරටට පැමිණි ආකාරය හා මෙරට විස්තර දක්වමින් ලොව ප‍්‍රථම මුද්‍රිත පොත සකසා තිබේ.

(සජීව විජේවීර)

View of a beautiful decorated azulejo tile depicting a Portuguese caravel ship.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!