කොරෝනා වසංගතයෙන් මියගිය තවත් තිදෙනකුගේ මරණ පිළිබඳ විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර තිබේ. එ් අනුව මෙරට දී මියගිය සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගොස් ඇත
අද නිකුත් කරන ලද මියගිය අයගේ විස්තර මෙසේ දක්වා තිබේ.
- කොළඹ 14 පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොඹ ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන රඹුක්කන දිස්ත්‍රික් රෝහලටත් පසුව ජාතික බෝවන රෝග විදයායතනයටත් මාරුකර යවා ඇති අතර එහි දී අද මියගියේය. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ලේ විෂවීමෙන් ඇතිවූ කම්පනය සහ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- රත්නපුරයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජනවාරි 07 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියාවයි
- හොරණ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් ජනවාරි 06 දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා හේතුවෙන් ඇති වූ පෙනහළු ආසාදනය සහ හෘද රෝගී තත්ත්වයකි.