spot_img
spot_imgspot_img

ෂෙහාන් ජයසූරිය මෙරට ක්‍රිකට්වලින් ඉවත් වෙයි

පුවත්

විදෙස්

තමන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවදුරටත් දේශීය හෝ ජාත්‍යන්තර තරඟ සඳහා සහාභාගී නොවන බව තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දි තිබේ. එම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ තමන් ඇමෙරිකාවේ පදිංචියට යන බවයි.

ෂෙහාන්, හිටපු ජනප්‍රිය නිලියකගේ දියණියක සමග විවාහ වූ අතර ඇය ඇමරිකාවේ පුරවැසිභාවයට හිමිකම් කියන බව දැනගන්නට ලැබේ. තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කර නොමැති බැවින් ඇතැම් විට ඉදිරියේදී ඔහු ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

එක්දින ජාත්‍යන්තර තරග 12 කට සහ විස්සයි20 තරග 18 කට ක්‍රීඩා කර ඇති ෂෙහාන්, එක්දින තරගවලදී අර්ධ ශතකයක් සමග ලකුණු 195 ක් රැස්කමින් කඩුලු 3 ක් බිඳහෙළා ඇත. එක්දින තරගයකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමන්‍යය 21.66 කි. එක්දින තරගයක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 92.33 කි.

විස්සයි20 තරග 18 කදී ලකුණු 241 ක් රැස්කරගෙන ඇති ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 15.06 කි. බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 3 ක් වන අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 71.00 කි.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග 80 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 31 ක් සමග ලකුණු 5431 ක් රැස්කිරීමට සමත්ව ඇති ෂෙහාන්, එහිදී කඩුලු 193 ක් දවාගැනීමටද සමත්වී ඇත. ඊට තරගයකදී කඩුලු 10 බැගින් දවාගත් අවස්ථාවක් සහ ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 9 ක්ද ඇතුළත් වේ.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ෂෙහාන් ජයසූරිය, මූවර්ස්, පොලිස්, හලාවත මේරියන්ස් යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අන්තර් සමාජ තරග සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා 19 න් පහළ, 23 න් පහළ, ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ‘ඒ’ කණ්ඩායම නියෝජනය කිරීමටද ඔහු සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!